BREAKING NEWS
latest

728x90

468x60

කොක්මාදුවේ අනුරුද්ධ හිමි සිවුර විසිකර අඳනය පිටින් මුහුදට පැන, දියේ ගිළුණු හතරක් බේරාගෙන

ගාල්ල කොග්ගල මුහුදු තිරයේ ගිලෙන්නට ගිය තරුණ කාන්තාවන් 04 දෙනෙකුගේ දිවි බේරා ගන්නට ගාල්ල ඉමදුව පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරවාසී කොක්මාදුවේ අනුරුද්ධ හිමියන්යෝ සමත් වුහ.

ගාල්ල කොග්ගල සංචාරක කලාපයේ මුහුදු තිරයේ කොග්ගල සිට උපන්දින සාදයකට පැමිණි කාන්තාවන් 04 දෙනෙක් හා තවත් පිරිසක් දිය නාමින් සිටි ඇත. මේ අවස්ථාව වන විට තවත් විශාල පිරිසක් මෙම ස්ථානයේ දිය නාමින් සිටියහ.

එක්වරම මුහුද රළු වී මුහුදු ජලය එක්වරම වැඩිවී තිබේ. මේනිසා දිය නාමින් සිටි උපන්දින සාදයට පැමිණි සිටි පිරිස අතර සිටි තරුණ කාන්තාවන් 04 ක් දියේ ගිලි ගසාගෙන යන්නට විය.

ඒ අසළ උපන්දින සාදයට පැමිණි සිට පිරිස අතර සිටි වයසක කාන්තාවක තම දියණියන් දියේ ගිලෙන බව පවසමින් කෑ ගසන්නට වු නමුත් දිය නාමින් එම ස්ථානයේ සිටි පිරිසට හෝ වෙනත් කිසිවෙකුට මේ රළ නඟන මුහුදු ජලයේ ශබ්දය නිසා එතරම් ඒ පිළිබඳව අවදානයක් ඇති නොවීය.

මේ අතර ගාල්ල ඉමදුව පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති දේවාලයේහිද අජිත හිමියනගේ මුල්ගම වන අම්පාරේ සිට පැමිණි නෑදැයන් පිරිසක් කොග්ගල හරහා ගමන් කරමින් සිට ඇති අතර එම පිරිස අතර වු පිරිසක් කිවේ කොග්ගල මුහුදු වෙරළ බලන්න යමු කියාය.

ඒ නිසා මෙම මහා අනතුර සිදුවන අවස්ථාවේ දී මෙම ස්ථානයට මේ පිරිස වාහනයකින් පැමිණ සිටියේය.

මේ පිරිස අතර ගාල්ල පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති දේවාලයේහිද අජිත හිමියනගේ ශිෂ්‍යයකු වු තරුණ හික්ෂුවක් වු කොක්මාදුව අනුරුද්ධ හිමයෝ ද මේ වාහනයේ සිටියහ.

උන් වහන්සේ උදව් ඉල්ලා කෑ ගසන අම්මාගේ පිළිබඳව අවධානය යොමු කර වහාම ක්‍රියාත්මක වී දියේ ගිලෙමින් සිටි කාන්තාවන් තිදෙනෙක් බේරාගත් අතර එම අවස්ථාවේ කොග්ගල මුහුද තිරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙක්ද එක් කාන්තාවක් බේරා ගන්නට හිමියන්ට සහයෝගය දී ඇත.

දිවි බේරා ගත් කාන්තාවන් මේවන විට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුනගේ තත්ත්වය බරපතළ නොවන බව ගාල්ල කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
« PREV
NEXT »

Facebook Comments APPID