BREAKING NEWS
latest

728x90

468x60

රියැදුරු - කොන්දොස්තර තේ බොන අතරේ ලංගම බසය පැහැරගත් හොරු සෙට්එක නිට්ටඹුවේදී මාට්ටුවෙයි

වේයන්ගොඩ ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවකට සහභාගි වී සිටින සිසුන් පිරිසක් නැවත කඩුවෙලට රැගෙනයෑම සඳහා පැමිණි, කැස්බෑව ලංගම ඩිපෝවට අයත් අංක wp. NA 4049 දරන බස් රථය සොරාගෙන යමින් සිටි සැකකරුවකු, බස්රථයද සමඟින් නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

පසුගිය 15 වැනි දින සවස 03.20ට පමණ සිසුන් රැගෙනයෑමට පැමිණි, බස් රථයේ රියැදුරා හා කොන්දොස්තරවරයා, කලගෙඩිහේන ප්‍රදේශයේ ආපනශාලාවක් අසල බස්රථය නවතා තේ පානය කරමින් සිටින අතර, තමන් පැමිණි බස් රථය කිසිවකු ‍හෝ නිට්ටඹුව දෙසට ධාවනය කරගෙන යන බව දැක රියදුරු විසින් ඒ බව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමත් සමඟ ක්‍රියාත්මක වූ එම ඒකකයේ නිලධාරීන් සිද්ධිය නිට්ටඹුව පොලිසියට දැන්වීමෙන් අනතුරුව, නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් එම බස්රථය හා සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා ගම්පහ පොලිසියට භාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගම්පහ (ජ්‍යෙ. පො.අ) මුදිත පුස්සැල්ල හා මූලස්ථාන (ප්‍ර.පො.ප) එම්.එම්.එස්. ලක්ෂ්මන් බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) ඩබ්ලිව්. ධර්මසූරිය මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
« PREV
NEXT »

Facebook Comments APPID