BREAKING NEWS
latest

728x90

468x60

යාපනෙන් අතුරුදන් වූ දරුවයි බිරියයි 18 වසරකට පසු ඕස්ට්‍රේලියාවෙන් සොයාගනී

යාපනයේ වැසියකුගේ අතුරුදන් වූ බිරිය හා දරුවා වසර දහඅටකට පසුව පෙරේදා ඕස්ට්‍රේලියාවේදී හමු වී තිබේ.පී. බහිදරන් නමැති මේ පුද්ගලයා විවාහ වී වසර හතරකට පසුව එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් එම සංවිධානයට බඳවා ගෙන තිබේ.
අවසන් යුද සමය දක්වා ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ කටයුතු කොට අවසන් කාලයේදී යුද හමුදාව වෙත භාර වී රජයේ පුනරුත්ථාපන වැඩසටහන යටතේ පුනරුත්ථාපනය වීමෙන් පසුව නිදහස ලබා ඇත.

නිදහස ලද දිනයේ සිට තම බිරිය හා දරුවා සොයමින් බහිදරන් විවිධ පළාත්වලට ගොස් ඇතත් ඔහුට ඔවුන් දෙදෙනාව හමු වී නොමැත.
ඕස්ට්‍රේලියානු රූපවාහිනි වැඩසටහනකදී තම බිරිය වැනි අයෙක් දැකීමෙන් පසුව ඔහු ඕස්ට්‍රේලියාවේ සිටින මිතුරකුට තොරතුරු දැනුම් දීමෙන් පසුව ඔහු එම රූපවාහිනි නාළිකාවෙන් ලබාගත් තොරතුරුවලට අනුව බහිදරන්ගේ බිරිය සොයා ගෙන ඇත. බහිදරන්ගේ බිරියට කීප දෙනකුම පවසා ඇත්තේ යුද්ධයේදී ඔහු මියගිය බවයි. තම සැමියා තමන්ට දුරකතනයෙන් කතා කිරීමෙන් පසුව දෙදෙනාම හමුවීම පිණිස ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක වී තිබේ.

බහිදරන් අවස්ථා දෙකක්ම විශාල මුදලක් ගෙවා බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යෑමට උත්සාහ කොට ඇතත් ඒ අවස්ථා දෙකම අසාර්ථක වී ඇත. අවසානයේදී බහිදරන්ගේ ඕස්ට්‍රේලියාවේ සිටින මිතුරා අදාළ රූපවාහිනි නාළිකාවට බහිරදන්ගේ බිරිය හා දරුවා රැගෙන ගොස් තත්ත්වය විස්තර කිරීමෙන් පසුව බහිදරන්ට ඕස්ට්‍රේලියාවට ගොස් සිය බිරිය හා දරුවා දැක ගැනීමට වසර දහඅටකට පසුව අවස්ථාව උදා වී තිබේ.
රසාදි චතුරංගි ගමගේ
« PREV
NEXT »

Facebook Comments APPID