BREAKING NEWS
latest

728x90

468x60

බිරිඳ තරබාරු නම් සැමියාට දියවැඩියාව! අලුත්ම සමීක්‍ෂණයකින් හෙළි වේ

බිරිඳ තරබාරු නම් ඇයගේ සැමියා දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි බව නවතම වෛද්‍ය සමීක්‍ෂණ, අනුව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා දියවැඩියා පදනමේ සභාපති අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පැවසීය.

ඒ නිසා දියවැඩියා රෝගය පාලනයට කාන්තාව සතු වගකීම ඉතා ඉහළ බවත් මෙවර ලෝක දියවැඩියා දිනයේ තේමාව වී ඇත්තේ ද "දියවැඩියාව, කාන්තාව සහ නිරෝගී අනාගතයක අයිතිවාසිකම්" බවත් හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ගැබිනි කාන්තාවන්ගෙන් සියයට 10 ක්‌ දියවැඩියා රෝගයෙන් පෙළෙන බවත් සියයට 15 ක්‌ දියවැඩියා රෝගයට ගොදුරුවීමේ ආසන්න මට්‌ටමේ සිටින බවත් සමීක්‍ෂණ අනුව හෙළිවී ඇතැයිද විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

හෙතෙම මේ බැව් සඳහන් කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.
« PREV
NEXT »

Facebook Comments APPID