BREAKING NEWS
latest

728x90

468x60

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දීය මෙගා නාට්‍යය බද්ද තවත් ඉහලට

පිටරටින් ආනයනය කර මෙරටදී හඬකවා ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය පිලිබදව වසර ගණනක් මුළුල්ලේ විවිධ පිරිස් විවිධ අදහස් දක්වමින් පවති.විශේෂයෙන්ම ඉන්දීය මෙගා නාට්‍යය තුලින් මෙරට සම්ප්‍රදායට පටහැනි බවට බොහෝදෙනෙක් හඩ නැගුහ.


එක්තරා කාලයකදී මෙම නාට්‍යය මෙරට ප්‍රදර්ශනය තහනම් කල යුතුය යන මතය සමාජයේ බොහෝ සෙයින් කතා බහට ලක්වූ අතර එය හුදෙක් සමාජයේ කතා බහකට පමණක් සිමා විය.එලෙස හද නැගුවන් අතර ශ්‍රී ලාංකීය කලාකරුවන් පෙරමුණේ සිටියේය.

විදෙස් රටවල මෙගා නාට්‍යය පිලිබදව ජයන්ත චන්ද්‍රසිරි මහතා එවකට පැවසුයේ “ටෙලිනාට්‍ය කර්මාන්තය වඩාත් ලාභදායක ව්‍යාපාරයක් බවට පත් කිරීම සදහා එය වඩාත් බාල මට්ටමේ නිෂ්පාදන භාණ්ඩයක තත්ත්වයට ගෙනා යුතුය කියන අදහස මීට කලකට පෙර කරළියට ආ වෙලාවේ අප බොහෝ දෙනා ඊට එරෙහිව කතා කළා. කතා කළා පමණක් නොවෙයි අපි අපේ නිර්මාණවලිනුත් ඊට පිළිතුරු දුන්නා. හැබැයි දැන් තත්වය ඊටත් වෙනස්. ටෙලිනාට්‍ය නමින් මේ රටේ රජ කළ මෙලෝ ඩ්‍රාමාවලටත් වඩා නරක ඉතාම අධම ගණයේ මෙලෝ ඩ්‍රාමා තමයි දැන් විදේශවලින් ගෙන්වා මෙහේ ප්‍රදර්ශනය කරනු ලබන බව පෙනෙන්නේ. මේවා නිසා සිදු වන්නේ රටේ ජනතාවගේ රසිකත්වය පිරිහීමක් පමණක් නොවෙයි, යම් ආකාරයක සමාජ වටිනාකම්වල පිරිහීමකට ද මේ මළඉලව් හේතු කාරණා වන බව පෙනෙනවා.”

මේ සියල්ල සැලකිල්ලට ගනිමින් පිටරටින් ආනයනය කර හඬකවා ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය ,චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරන ගාස්තුව ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 90000 සිට 150 000 දක්වා වැඩිකර තිබේ.

මෙරට විකාශනය කරන ලබන ඇතැමි විදේශ ටෙලිනාට්‍ය ,චිත්‍රපට හා වාණිජ වැඩසටහන් ශ්‍රී ලාංකිත සම්ප්‍රදාය ,අනන්‍යතාව හා ආචාර ධර්මවලට පටහැනි බව නිරීක්ෂණය වන හෙයින් එම හානිය අවම කරගැනීමට පියවර ගන්නැයි කලා ක්ෂේත්‍රයේ පුද්ගලයින් ඇමති මංගල සමරවීර මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව එම පියවර ගත් බවද මුදල් අමාත්‍යංශය කියයි.

කෙසේ වුවද සිංහල ,දෙමළ සහ ඉංග්‍රීසී භාෂාවෙන් නිෂ්පාදනය කරන ලබන ටෙලිනාට්‍ය ,චිත්‍රපටවල මුල් පිටපත් හඬකවා නොමැතිනම් ඒවාට මෙම ගාස්තු අයකිරීම අදාළ නොවන බවද අමාත්‍යංශය පවසයි.


« PREV
NEXT »

Facebook Comments APPID