BREAKING NEWS
latest

728x90

468x60

කොළඹ - යාපනය බස්රථය මාරයා භාරගත් මදුරන්කුලියේ මරු පිම්ම

දිනය ඉකුත් 6 වැනිදාය. මාර්ග අංක 87 කොළඹ - යාපනය දුරගමන් බස්‌ රථයක්‌ වන ND 8501 අංකය දරන පෞද්ගලික බස්‌ රථය කොළඹින් ගමන් ආරම්භ කරන අතර එහි ගමනාන්තය යාපනය දක්‌වා විය.
 
 ගමන ආරම්භයේදීම සැලකිය යුතු ප්‍රමාණයක මගීන් පිරිසක්‌ බස්‌ රථයට ගොඩ වී සිටි අතර ඉන් බොහෝ දෙනකුගේ ගමනාන්තයව පැවතියේ කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගය ඔස්‌සේ යාපනය දක්‌වා ගමන් කිරීමය. උදෑසන කොළඹින් ගමන් ආරම්භ කළ ND 8501 බස්‌ රථය පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයට ළඟා වන්නේ පෙ.ව. 7.50 ට ආසන්න වෙමින් පැවැති මොහොතකය. ඒ වනවිට බස්‌ රථය තුළ මගීන් 60 කට ආසන්න පිරිසක්‌ ගමන් කරමින් සිටි අතර ඉන් වැඩි දෙනෙක්‌ පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල සේවයෙහි නියුතු

පිරිස්‌ ය. උදෑසන කාර්යාලයීය සේවාවන් සඳහා පිටත්ව යන බොහෝ දෙනෙක්‌ මාරයාගේ කරමතින් හෝ රතුඉරට පෙර සේවා ස්‌ථානය කරා ගමන් කිරීමට දැඩි උත්සාහයක්‌ ගන්නා බැවින් දෛනික රාජකාරි සඳහා යන බොහෝ දෙනෙක්‌ ND 8501 බස්‌ රථයට ගොඩවීම පුරුද්දක්‌ කර ගෙන ඇත්තේ එම බස්‌ රථය කවදත් අධික වේගයෙන් ගමන් ගන්නා බස්‌ රථයක්‌ බව අත්දැකීමෙන් දන්නා බැවින්ය.
 
 ප්‍රදේශවාසීන් පවසන ආකාරයට කොළඹ - පුත්තලම මාර්ගයේ ඉගිල්ලෙන බස්‌ රථ අතර ND 8501 අංකය දරන බස්‌ රථයට කලක පටන් හිමිව ඇත්තේ ප්‍රමුඛස්‌ථානයක්‌ය.

හැටකට ආසන්න මගීන් පිරිසක්‌ පටවා ගත් බස්‌ රථය එදිනද සුපුරුදු පරිදි සිය 'ඉගිල්ලීම' ආරම්භ කරන්නේ කොළඹින් යාපනය බලා පිටත්ව යන ගමන් වාරය ආරම්භ කොට සැලකිය යුතු දුරක්‌ ගෙවා දැමීමෙන් අනතුරුවය. ඒ වනවිට බස්‌ රථය තුළ සිටි ඇතැම් මගීන් සුව නින්දක පසු වූ අතර එසේ නිදි සුව විඳිමින් පසුව ඇත්තේ කොළඹ සිට දුර බැහැර දක්‌වා ගමන් කරමින් සිටි මගීන්ගෙන් ඇතැමෙක්‌ය. තවත් පිරිසක්‌ පුත්තලම නගරයෙන් සිය ගමන අවසන් කිරීම පිණිස සූදානමින් පසුවූවන්ය. ඒ වනවිට බස්‌ රථයේ වේගය පැයට කිලෝමීටර් 100 කට ආසන්නව පැවත ඇති අතර රියෑදුරු තැන තමන් දන්නා ශිල්ප සියල්ල දමමින් දඟකාර ගමනක නිරත වෙමින්ය. රියදුරෙකු සතුව පැවතිය යුතු සංයමය, විනය, නීතිගරුක භාවය ආදී ගුණාංගවල වලංගුභාවය මේ කියන රියෑදුරු විසින් ඒ වනවිට ද අවලංගු කොටගෙන තිබී ඇත. ND 8501 බස්‌ රථය පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයට ළඟා වෙමින් තිබී ඇත්තේ එහෙව් වටපිටාවකය. වේලාව උදෑසන 7.50 ට ආසන්නව ඇත.
 
තමන් ඉදිරියෙන් මාර්ගයේ ත්‍රිරෝද රථයක්‌ ගමන් කරමින් පවතින අයුරු දකින බස්‌ රථයේ රියෑදුරා එය පසුකර යැමට සැරසෙන්නේ බස්‌ රථයේ වේගය තව තවත් වැඩිකරමින් ය. මාර්ගයේ එක්‌ අන්තයක්‌ දෙසට ගමන් කරන රථයක්‌ තවත් රථයක්‌ ඉස්‌සර කිරීමට යැමේදී අනුගමනය කළ යුතු මාර්ග නීති රැසක්‌ පැවතියත් මාරක බස්‌ රථ රියෑදුරා එම අවස්‌ථාවේ අදාළ නියමයන් නොසලකා හරිමින් ත්‍රිරෝද රථය පසුකර යැමට සැරසුණා පමණි.
 
ත්‍රිරෝද රථයේ ගැටුණු බස්‌ රථය රියෑදුරාගේ පාලනයෙන් ගිලිහුණි. එවෙලෙහි බස්‌ රථයේ ගමන් කරමින් සිටි මගීන්ටද කිසිවක්‌ කර කියා ගැනීමට පවා අවස්‌ථාවක්‌ නොවුණි. ඔවුන්ට කළ හැකිව තිබූ එකම දේ මරලතෝනි දීම පමණි. පාලනයෙන් ගිලිහුණ බස්‌ රථය අසල තිබූ පාලමක ගැටෙන හඬත් ඉන් අනතුරුව පාලමේ පැති කණු පවා කඩා බිඳදමමින් ඒ ආසන්නයේම පෙරළී ඇති බවත් මගීන්aට හැඟීගොස්‌ ඇත්තේ මද වේලාවක්‌ ගතවීමත් සමගිනි.
 
 මදුරන්කුලියට මාරයාගේ හෝරාව උදාවන්නේ එම බස්‌රථ අනතුරත් සමගිනි. 10කණුව පාලම අසලින් මතු වුණු විශාල ශබ්දයත් සමග ඒ ස්‌ථානයට රැස්‌වන ප්‍රදේශවාසීන්ට දැක ගැනීමට ලැබී ඇත්තේ කිසිසේත් අපේක්‍ෂා නොකළ දර්ශනයකි. රෝද උඩු අතට හැරෙන සේ පෙරළීS තිබූ බස්‌ රථය තුළ මරලතෝනි දෙන මගීන් පිරිසකි. ඇතැමෙක්‌ බස්‌ රථයෙන් එළියට පැමිණීම පිණිස දරන අසීරු උත්සාහයකි. තවත් පිරිසක්‌ බස්‌ රථය තුළ සිරව ජීවිතයත් මරණයත් අතර සටනකි. සුන්බුන් ගොඩක්‌ බවට පත්ව ඇති බස්‌ රථයේ හුන් මගීන් බේරා ගැනීමද මහත් දුෂ්කර කටයුත්තකි.
 
 බස්‌ රථය තුළ හිරවී සිටි මගී ජනතාවගේ ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භවී ඇත්තේ ඉන් අනතුරුවය. එය බෙහෙවින් දුෂ්කර කටයුත්තක්‌ වුවද ගම්වැසියන් හා අවට රැස්‌වූ පිරිස්‌ ඒ සඳහා ඉදිරිපත් වූ අතර ඔවුන්ගේ උත්සාහය සාර්ථක වන්නේ පොලිසියද ඒ සඳහා මැදිහත්වීමත් සමඟිනි.

ඡායාරූප - නලීන් හෙන්දුරුගොඩ
« PREV
NEXT »

Facebook Comments APPID