BREAKING NEWS
latest

728x90

468x60

රටම කැළඹූ ඝාතනය කල “දළ පූට්ටුවා“ ගේ සිරුර හමුවෙයි

රටම කම්පා කරමින් පසුගියදා ඝාතනය කෙරුණු ගල්ගමුවේ දළ පූට්ටුවා පිළිබඳව මුළු රටේම කතා බහට ලක්වුනා.

දින කිහිපයක් පුරාවටම මෙම හස්ථියාගේ සිරුර පිළිබඳව තොරතුරු සෙවූවද එය අසාර්ථක වුනා.

කෙසේ නමුත් පසුගියදා කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේදී සොයා ගැනුනු ඇත්දළ යුගලය සහ ගජමුතු කිහිපය ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බවට තහවුරු වීමත් සමඟ මේ පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්නට පරිසරවේදීන් විශාල උත්සාහයක් ගත්තා.


එම උත්සාහයන්වල ප්‍රථිපලයත් සමඟ අද පස්වරුවේ මෙම හස්ථියාගේ සිරුර සොයාගැනීමට හැකිවුනා.

එ කහල්ල පල්ලෙකැලේ , මොරගොල්ලාගම සොරොව් වැව ප්‍රදේශයේ දී. මීට පෙරද මෙම හස්ථියාට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා තිබූ අතර ඒ සඳහා ප්‍රතිකාර කල සළකුණු අනුව ඔහු දළ පූට්ටුවා බවට තහවුරු කරගත්තා.

ඉතා අමානුෂික ලෙස ඝාතනය කල මෙම හස්ථියාගේ ඡායාරූප පහතින්. 





« PREV
NEXT »

Facebook Comments APPID