BREAKING NEWS
latest

728x90

468x60

පියාගෙන ආ ගංජා තිසර පටෙන් එළිගෙත් කෙල්ළ කොටුවෙයි

පියා විසින් මාවනැල්ල ප්‍රදේශයේ සිට ගෙන එනු ලබන කේරළ ගංජා 21 හැවිරිදි දුව තිසර පට අස්‌සේ සඟවා ප්‍රදේශයටම අලෙවි කරන ජාවාරමක්‌ වෙලම්බොඩ පොලිසිය විසින් අල්ලා ගෙන ඇත.

මෙම ජාවාරම සඳහා මෙම දියණියගේ මවද සම්බන්ධ බවට පොලිස්‌ පරීක්‌ෂණ වලින් අනාවරණය වී ඇති අතර මොවුන්ගේ නිවසේ දර ළිප තුළ වළලා තිබූ තවත් කේරළ ගංජා ග්‍රෑම් 180 ක්‌ද සොයා ගෙන ඇත.

වෙලම්බොඩ නියංගහවෙල ප්‍රදේශයේ නිවසක්‌ තුළදී අල්ලා ගෙන ඇති මෙම ගංජා ජාවාරම දිගු කලක සිට කර ඇති මෙයට පෙර අසුවූ මෙහි ගෙහිssමියා සිරදඬුවම් පවා විඳ නැවත පැමිණ මෙම ගංජා ජාවාරම නැවතත් අරඹා තිබේ.

ලැබුණු තොරතුරකට අනුව පොලිස්‌ නිලධාරීන් පැමිණ නිවස පරීක්‍ෂා කළත් කිසිවක්‌ හමුවී නොතිබුණු අවස්‌ථාවේ පොලිස්‌ කොස්‌තාපල්වරියන්ට සැක සිතී මෙම තරුණ දියණිය හැඳ සිටි තිසර පටයට අත දමා පරීක්‌ෂා කිරීමේදී එහි තිබී ගංජා මිටි හමුවී තිබේ.

අනතුරුව ඇවිස්‌සි තිබූ දර ළිප පරීක්‌ෂා කිරීමේදී එහි වළ දමා තිබූ කේරළ ගංජා හමුවී තිබේ. 

වෙලම්බොඩ පොලිස්‌ ස්‌ථානාධිපති ශාන්ත බණ්‌ඩාර මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ සැරයන් (47192) අලහකෝන්, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (47201) බුද්ධිකද සිල්වා (61207) නුවන් (34290) බණ්‌ඩාර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

ගම්පොළ - සුරංග දිල්හාන්
« PREV
NEXT »

Facebook Comments APPID