BREAKING NEWS
latest

728x90

468x60

එයා මගේ යාලුවෙක්ගේ අම්මා කෙනෙක් ටෙස්ට් දිනලා එක්දින තරගඟ පැරදුනේ ගංගා මෑණියෝ නිසාද? - චන්දිමාල් කතා කරයි


ඕනම ආගමකින් කරන්නේ මිනිසුන්ට ආශිර්වාද කරන එක. කිසිම ආගමකින් නරක දේකට අනුබල දෙන්නේ නැහැ. ගංගා මහත්මිය නෙමෙයි ස්වාමින් වහන්සේ කෙනෙක් හරි වෙන ඕනම ආගමක පූජකවරයෙක්, ස්වාමිවරයෙක් මට ආශිර්වාද කරනවානම් ඒ ආශිර්වාදය ගන්න මම ලෑස්තියි. ආශිර්වාද ලබාගන්න එක එක් එක් පුද්ගලයා අදහන ආගම අනුව, එක් එක් පුද්ගලයාට අදාළ දෙයක්. මම හිතන්නේ අපි හැමෝටම ජීවිතයේ ආශිර්වාද ඕන. අපි ඕනම දේකට යනකොට ආශිර්වාද ලබාගන්නවා යැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි.


ක්‍රිකට් ආයතනයේ අද (31දා) පැවති මාධ්‍ය හමුවකදී චන්දිමාල් මේ බව පැවසුවේ පාකිස්තානයට එරෙහිව ලැබූ ටෙස්ට් තරග ජයග්‍රහණයත් සමග ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, මෙම තරගාවලියට ආශිර්වාද ලබාගත් මෑණියන් කෙනෙක් සම්බන්ධ කරමින් සමාජ මාධ්‍යයන්හි විවිධ වාර්තා පිළිබඳ අදහස් දක්වමිනි.

ටෙස්ට් තරගාවලිය ජයගන්නත්, එක්දින තරගාවලිය අසාර්ථක වෙන්නත් මෙම ආශිර්වාද බලපෑවා යැයි දැයි මෙහිදී මාධ්‍යෙව්දීන් චන්දිමාල්ගෙන් විමසා සිටියේය.

එහෙම එකක් නැහැ. අපිට ආශිර්වාදයත් තියෙන්න ඕන, ඒ වගේම දක්‍ෂතාවත් තියෙන්න ඕන කණ්ඩායමේ සියලු දෙනාට. දක්‍ෂතාවක් නැතුව මොන ආශිර්වාදය තිබුණත් අපට ඉස්සරහට යන්න බැහැ. ඒ වගේම දක්‍ෂතාව තිබුණත් ඔබ තමුන්නාන්සේලාගේ (මාධ්‍ය) ආශිර්වාද නැතිනම්, ඒත් ඉස්සරහට යන්න බැහැ. ඕක තමයි ඇත්ත තත්ත්වේ.

ඒ මහත්මිය මගේ මිත්‍රයෙක්ගේ අම්මා කෙනෙක්. මම ඇයව පුද්ගලිකව හඳුනනවා. උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ ගත් ඡායාරූපයක් පළවෙලා තිබුණේ. මාධ්‍යයට නිදහස ලබාදී තිඛෙනවා ඕනම දෙයක් කියන්න. එය විවිධ ආකාරයට කියන්න පුළුවන් යැයි පැවසීය.
« PREV
NEXT »

Facebook Comments APPID