BREAKING NEWS
latest

728x90

468x60

සෞදී අරාබිය සියළු ආගම් වලට විවෘත වෙන ළකුනු..? – සෞදී කුමරුගෙන් තීරණයක්

සෞදී අරාබිය අන්තවාදී ඉස්ලාමිය නොවන රාජ්‍යයක් බවට පත්කිරීමට කටයුතු කරන බවට හා මධ්‍යස්ථ ඉස්ලාමිය රටක් බවට නැවතත් පත්කරීමට කටයුතු කරන බවට සෞදී අරාබියේ ඔටුන්න හිමි කුමාරයා පවසා ඇත.

සෞදී අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමඩ් බින් සල්මාන් (Mohammed bin Slaman ) කුමාරයා මෙසේ පවසා ඇත්තේ සෞදී අරාබියේ රියාද් නගරයේ පැවැත්වූ Future Investment Initiative සම්මන්ත්‍රණයේ සමාරම්භක දේශනය පවත්වමිනි.

මෙහිදී මොහොමඩ් බින් සල්මාන් වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ සෞදී අරාබිය තුළ පවතින අන්තවාදී ඉස්ලාමිය මුලින් උපුටා දමා මධ්‍යස්ථ ඉස්ලාමිය රටක් බවට සෞදී අරාබිය පත්කළ යුතුබවත් අනෙකුත් ආගම් සදහා සෞදී අරාබිය වීවෘත කළ යුතුබවටද සෞදී අරාබිය ඈත අතීතයේ මෙලෙස අන්තවාදී ඉස්ලාමිය රටක් නොවූ බවද අන්තවාදී ඉස්ලාමය රට තුළ පැවති හෙයින් සෞදී අරාබිය ලෝකයට විවෘත නොවූ බවත්.

රට තුළ නව ප්‍රතිසංස්කරණ ඇතිකර සෞදී අරාබිය ලෝකයට විවෘත කිරීමට තමා සුදානම් වන බවද ඔහු පවසා ඇත.

සෞදී අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමඩ් බින් සල්මාන් ව්‍යාපාරික අධ්‍යනය පිළිබද උපාධිධාරියකු වේ.

සෞදී කුමාරයාගේ මෙම ප්‍රකාශය සෞදී අරාබියේ දැඩි මතධාරී සම්ප්‍රදායික ඉස්ලාමිය නායකයන්ගේ දැඩි විවේචනයට භාජනය වී ඇත.

එහෙත් දැනට සෞදී අරාබියේ තරුණ ජනගහනය 80% පමණ අගයක් ගන්නා බැවින් සෞදී අරාබියට අන්තවාදී ඉස්ලාමිය නොවන රාජ්‍යයක් බවට පත්කිරීමේ මෙම වැඩ පිළිවෙල සාර්ථක වනු ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID