BREAKING NEWS
latest

728x90

468x60

ගවුමේ වාටිය ලෙහන්න කියූ ගුරුවරියට දේශපාලන බෑනාගෙන් තර්ජන

පාසල් සිසුවියකට ගවුමේ වාටිය ලිහා දමන ලෙස අවවාද කළ විනය බාර ගුරුවරියකට එම පාසල තුළට පැමිණ බැන වැදී තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිඛෙනවා.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය 13 වැනිදායි.

අදාළ සිද්ධියට මුහුණ පා ඇත්තේ මදුරන්කුලිය - කිව්ලකැලේ මහා විද්‍යාලයේ සේවය කරන ආර්.එම්.පී.රත්නායක ගුරුතුමිය මේ සම්බන්ධයෙන් පුත්තලම පොලිසියට පැමිණිළි කර තිඛෙනවා.



මෙම පාසලේ 11 වසර ඉගෙණුම ලබන සිසුවියක් නියමිත නිර්මිතයන්ට නොගැළපෙන ආකාරයේ නිල ඇඳුමකින් සැරසී පාසලට පැමිණ ඇති අතර පාසලේ විනය බාර ගුරුවරිය ඇයට අවවාද කර ඇත්තේ පසුදින පාසලට එනවිට ගවුමේ වාටිය ලිහා දමා පැමිණෙන ලෙසයි.

ඉන් පසුව මෙම සිසුවිය එම අවස්ථාවේදීම මේ බව දුරකථනයෙන් තම පියාට දන්වා ඇති අතර කුපිත වී ඇති දැරිවියගේ පියා එම අවස්ථාවේදීම පාසලට කඩා වැදී තිඛෙනවා.

ඒ වන විට පාසලේ සතියේ උදෑසන රැස්වීම පැවැත්වෙමින් තිබී ඇති අතර රැස්වීම අමතමින් සිට ඇත්තේද සිද්ධියට මුහුණ දී ඇති විනය බාර පාසල් ගුරුවරිය විසින්.

පාසලට පැමිණි සිද්ධියට සම්බන්ධ සිසුවියන්ගේ පියා සෙසු සිසු සිසුවියන් සහ ගුරු මණ්ඩලය ඉදිරියේ විනය බාර ගුරුවරියට තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැන වැදී තිඛෙනවා.

පසුව විනය බාර ගුරුවරිය මේ බව විදුහල්පතිවරයාට සහ පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට දැනුම් දීමෙන් අනතුරුව පුත්තලම පොලිසියට ගොස් පැමිණිල්ලක්ද කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.


පසුගිය 15 වැනිදා දහවල් පොලිස් කණ්ඩායමක් අදාළ පාසලට පැමිණ සිද්ධියට මුහුණ දී ඇති ගුරුවරියගෙන් සහ එම අවස්ථාවේ පාසලේ සිටි සෙසු ගුරුවරුන්ගෙන් හා සිසු සිසුවියන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිඛෙනවා.

පාසලට කඩා වැදී ගුරුවරියට තර්ජනය කළ තැනැත්තා පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුගේ බෑනා කෙනෙකු බවට අනාවරණය වී ඇති අතර සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

« PREV
NEXT »

Facebook Comments APPID