BREAKING NEWS
latest

728x90

468x60

ඉස්ලාම් පවුලක ඉපිද කුඩා කලදීම බුදු සසුන ගැන පැහැදුණු පුංචි මොහොමඩ් ඉසඩ් මාලිගාවත්තේ චන්දකිත්ති හිමි නමින් පැවිදි වූ වූ හැටි


බුදුදහම සිංහලයන්ට පමණක්‌ සීමා උරුම කම් ඇති ආගමක්‌ බවට අද අපේ රටේ බොහෝ දෙනකු තුළ මුල් බැසගෙන තිබෙන මතවාදය මිත්‍යාවක්‌ බවට පත්කරණ අපූර්ව දුර්ලභ ගනයේ සිදුවීමක්‌ පිළිබඳව පසුගිය දිනක සාමසර කන්ද පාමුල පිහිටි අරණායක මෝරාගම්මන ශ්‍රී මයුරපාද රජමහා විහාරයේදි අපට සියෑසින් දැකබලා ගන්නට ලැබුණි.

එම සිදුවීම නම් මුස්‌ලිම් ජාතික දරුවකු සම්බුද්ධ ශාසනය වැළඳගෙන පැවැදි දිවියට එළබීමේ මහා පුණ්‍ය ක්‍රියාවයි. ප්‍රදේශයේ බෞද්ධ සැදැහැවතුන්ගේ සාදුකාර හඬ මධ්‍යයේ මෙසේ සසුන්ගත වූයේ රාජගිරියේ රාජගිරිය මදින්නාගොඩ පදිංචිව සිටි මොහොමඩ් සමීර් සුහයීර් නැමැති අවුරුදු 10 ක්‌ වයසැති ඉස්‌ලාම් ජාතික දරුවෙකි. අරණායක මෝරාගම්මන ශ්‍රී මයුරපාද රජමහා විහාරයේදී රාජගිරියේ චන්දකිත්ති නමින් සසුන් ගත වූහ.

දරුවන් දෙදෙනෙකුගේ පවුලේ බාලයා වූ මොහොමඩ් සමීර්ට වැඩිමහල් සහෝදරයෙක්‌ද සිටී. 2007 අප්‍රේල් මස 12 දින බොරැල්ල කාසල් කාන්තා රෝහලේදී උපත ලද සමීර්ගේ මව්පියෝ වූයේ මොහොමඩ් සුයිර් නිසාම්ඩීන් සහ චිත්‍රාසීමනි ඔලිවර් යන දෙපළය. සමීර්ගේ පියා ඉස්‌ලාම් ජාතිකයකු වන අතර මව සිංහල ජාතික කාන්තාවකි.

අරණායක සාමසර කන්ද පාමුල කුඩා ඔය අසබඩ පිහිටි මෝරාගම්මන ශ්‍රී මයුරපාද රජමහ විහාරය පූජාවලිය ලියූ බුද්ධපුත්‍ර නාහිමියන් වැඩ විසු ඵෛතිහාසික විහාරස්‌ථානයකි. ටැම් මත ඉදිකළ සංඝා වාසයක්‌ හා බුදු කුටියක්‌ ඇති මෙම විහාරස්‌ථානයේ විහාරාධිපතිs ලෙස කටයුතු කරන්නේ කෑගල්ල සියඔලාපිටිය අශෝකාරාමාධිපති පූජ්‍ය ශ්‍රාස්‌ත්‍රවේදී පුවක්‌මොටේ ධම්මාරාම ස්‌වාමින් වහන්සේය. උන් වහන්සේගේ ශිෂ්‍යයකු වන පූජ්‍ය පුවක්‌මොටේ ධම්මරතන හිමියෝ මෝරාගම්මන ශ්‍රී මයුරපාද රජමහ විහාරස්‌ථානයේ විහාරාධිකාරි ලෙස කටයුතු කරති. ඉස්‌ලාම් ජාතික දරුවකු තමා ළගට පැමිණ සසුන් ගත වීමට කැමති බව පැවසීම නිසා ධම්මරතන හිමියෝ තම ගුරු හිමියන් වන පුවක්‌මොටේ ධම්මාරාම ස්‌වාමීන් වහන්සේ වෙත මේ පිළිsබද දන්වා උන් වහන්සේගේ අවවාද අනුශාසනා මත සමීර් සසුන් ගත කිරීමට කටයුතු සූදානම් කළහ. ඉකුත් ඉල් පොහෝ දිනට දින කිහිපයකට පෙර සමීර් ඇතුළු තවත් කුල දරුවන් තිදෙනකු පැවිදි කිරීමේ පිංකම උත්සවශ්‍රීයෙන් සිදු කෙරුණි. මෙම පැවිදි කිරීමේ පිංකමේ බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබුනේ ඉස්‌ලාමීය ජාතික මොහොමඩ් සමීර් සසුන්ගත කිරීමේ අවස්‌ථාවයි. ජූජ්‍ය පුවක්‌මොටේ ධම්මරතන හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස රාජගිරියේ චන්දකිත්ති නමින් පැවිදි වූ කුඩා සාමනේරයන් දැනට මෝරාගම්මන විහාරස්‌ථානයේ වැඩ වෙසෙන පොල්අඹේගොඩ ශ්‍රී සුදර්ශනාරාම පිරිවෙන් ආයතනයේ අධ්‍යාපනය හදාරති. 

තම පුතු ශාසනයට පූජා කළ මාහොමඩ් සුයිර් නිසාම්ඩීන් සහ චිත්‍රාසීමනි ඔලිවර් මවුපිය දෙපළ මෙසේ පැවසූහ. අපිට ජීවත් වෙන්න කියලා ස්‌ථිර

රැකියාවක්‌ නැහැ. අපිටම කියලා ගෙයක්‌ දොරක්‌වත් නැහැ. තැනින් තැන කුලියට තමයි ජීවත් වෙන්නේ. අපි ටික කාලයක්‌ මීගමුවේ මාකදුරේ වත්තක හිටියා. ලොකු පුතා නම් මහත්තයාගේ අක්‌කා ළඟ ඉන්නේ. පොඩි පුතා අපි ඵක්‌ක හිටියේ. ඵයා පාසලකට දා ගන්න බැරිව අපි ගොඩක්‌ දුක්‌ වින්¹. ඔහොම ඉන්නකොට තමා චන්ද්‍රරතන හාමුදුරුවෝ හමුවුණේ. ඵ් හාමුදුරුවෝ හින්දා අපේ පුතා අද භික්‌ෂුන් වහන්සේ නමක්‌ විදිහට ඉන්නවා දැක්‌කාම අපට ගොඩක්‌ සතුටුයි. පුතා කවදා හරි හොඳ තැනක ඉදී කියලා ලොකු විශ්වාසයක්‌ තියනවා. 

මෝරාගම්මන ශ්‍රී මයුරපාද රජමහ විහාරස්‌ථානයේ විහාරාධිකාරී පූජ්‍ය පුවක්‌මොටේ ධම්මරතන හිමියෝ ශාසනය වෙනුවෙන් කැප වෙලා ඉන්න අපිට ජාති ආගම් භේදයක්‌ නැහැ. කුමන ජාතියකට අයත් දරුවෙක්‌ වුණත් බුදු දහම වැළඳගන්නවා නම් ඵ් දරුවාට ධර්මය අවබෝධ කර දීම තමයි අපේ යුතුකම. සිංහල, මුස්‌ලිම්, ජනතාවක්‌ ජීවත් වන මේ ගමේ ඉස්‌ලාම් ජාතික දරුවෙකු මහණ කළා කියලා ලොකු වෙනසක්‌ නෑ. ඵදා ඉඳන්ම මේ ගමේ හැමදෙනාම ජීවත් වුණේ පන්සලත් ඵක්‌ක. මම මේ ඉස්‌ලාම් දරුවත් ඵක්‌ක තවත් කුල දරුවන් තුන්දෙනෙක්‌ මහණ කළා. චන්දානන්ද, චන්දවිමල, ධම්මදස්‌සි හා චන්දකීත්ති යන මේ සාමනේරවරු සිව් දෙනාට හොඳින් අධ්‍යාපනය ලබා දෙන්න ඕනෑ. ඉදිරියේදී තවත් කුල දරුවන් කිහිපදෙනෙක්‌ සසුන්ගත කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ විහාරස්‌ථානය දියුණු කරන්න දානපති පිංවතුන්ගේ උපකාර ආධාර අවශ්‍ය වෙනවා. ඵ් සඳහා දායක වීමට කැමති පිංවතුන් මගේ ජංගම දුරකථනය වන 077 5068606 අංකයට හෝ විහාරාධිකාරි, ශ්‍රී මයුරපාද රජමහ විහාරය, මෝරාගම්මන යන ලිපිනයට හෝ දැනුම් දිය හැකිය.

අරණායක - ගරුමුණි තිලකරත්නයි.



« PREV
NEXT »

Facebook Comments APPID