BREAKING NEWS
latest

728x90

468x60

රූමත් කතුන් බලෙන් රඳවාගෙන මහනුවර ගණිකා තිප්පොළ වටලයි - හිමිකරුගේ ගෝලයා සහ කාන්තාවෝ 4ක්‌ අත්අඩංගුවට

රූමත් කාන්තාවන් බලහත්කාරයෙන් මහනුවර ප්‍රදේශයේ නිවසක රඳවාගෙන ගණිකා වෘත්තියේ යෙදුණු ජාවාරමක්‌ හෙළිකරගත් පානදුර වලාන දූෂණ මර්දන ඒකකය, එම කතුන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි හිමිකරුගේ ගෝලයා සහ ගණිකා වෘත්තියේ යොදවා සිටි කතුන් සිව්දෙනකු ඉකුත් 10 දා රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.


මහනුවර ෆිම්රෝස්‌ උද්‍යාන පෙදෙසේ නිවසක මෙම කාන්තාවන් බලහත්කාරයෙන් රඳවාගෙන සිට ඇතැයි ද එම ඒකකය කියයි.

මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය හිමිකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණ අරඹා තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති අලව්ව පදිංචි සැකකරු දුරකථන මාර්ග ඔස්‌සේ මිතුරු කරගන්නා කතුන් රවටාගෙන මේ නිවසට රැගෙනවිත් බලහත්කාරයෙන් රඳවාගෙන ඔවුන් ගණිකා ජාවාරමේ යොදවා ඇතැයි හෙළි වූ බව ද එම ඒකකය කියයි.

අත්අඩංගුවට ගෙන ඇති කතුන් අවුරුදු 27 ත් 40 ත් අතර වයසේ පසුවන අම්පාර, මාතර, වැලිමඩ, කුලියාපිටිය යන ප්‍රදේශවල පදිංචි අය වෙති. අත්අඩංගුවට ගත් සැකකරු මිනිස්‌ ඝාතනයකට තැත් කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි අයකු බව ද හෙළිවී තිබේ.

සැමියන්ගෙන් වෙන්ව ජීවත් වන කතුන් සමඟ විශේෂයෙන් මිතුරු වී සැකකරු එම කතුන් රවටා රැගෙනවිත් ඇතැයි මෙහිදී හෙළිවී ඇත.

අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරි හේමාල් ප්‍රසන්න මහතාගේ අධීක්‍ෂණය යටතේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රංජිත් රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක ධර්මසිරි, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ජයලාල් (428), සදීස්‌ (76376), එරන්ද (78228), අසංක (85956), කාන්තා පොලිස්‌ කොස්‌තාපල් දිල්කි (8414), පොලිස්‌ කොස්‌තාපල් රියෑදුරු ජයසේකර (4416) යන නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගි වූහ.

සිරිල් විමලසුරේන්ද්‍ර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
« PREV
NEXT »

Facebook Comments APPID