BREAKING NEWS
latest

728x90

468x60

දකුණු ආසියාවේ හොඳම බන්ධනාගාරය අගුණකොළපැලැස්ස දී විවෘත වෙයි

අන්තර් ජාතික ප්‍රමිතීනන්ට අනුව ඉදිකරන ලද දකුණු ආසියාවේ හොඳම බන්ධනාගාරය වන අගුණකොළපැලැස්ස නව බන්ධනාගාර සංකීර්ණය පසුගියදා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ ඇමැති ඩී. එම්. ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

රුපියල් මිලියන 4996 ක මුදලක් වියදම් කර ඉදිකර තිබෙන නව බන්ධනාගාර සංකීර්ණය අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සිරකරුවන්ට සැපයිය යුතු සියලු පහසුකම්වලින් සමන්විත වේ. අක්කර 65ක් පුරා විහිදී තිබෙන බන්ධනාගාර සංකීර්ණය තුළ රැඳවියන් 1500කට ආසන්න පිරිසකට ඉඩකඩ ඇත.

නවීන ආරක්ෂක පද්ධතීන්ගෙන් සහ පූර්ණ ආරක්ෂාවකින් යුක්ත මෙම බන්ධනාගාර සංකීර්ණය තුළ රෝහලක්, වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් මෙන්ම කර්මාන්ත අංශයක් ද අයත් වේ. නිලධාරීන්ගේ නේවාසිකාගාර, අවන්හලක්, භෝජනාගාරයක්, අමුත්තන්ගේ කාමර හා දේශන ශාලා ද මෙහි ඇති පහසුකම් අතරට අයත්ය.

බන්ධනාගාර සංකීර්ණය තුළ මීටර 400ක ධාවන පථයකින් යුක්ත අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක්, පිහිනුම් තටාකය හා ගෘහස්ථ ක්‍රීඩාංගණය, බන්ධනාගාර නිලධාරීන්ට මෙන්ම ප්‍රදේශයේ පාසල් දරුවන් සඳහා ද භාවිත කිරීමට ඉඩකඩ විවර කර ඇත.

අගුණකොළපැලැස්ස බන්ධනාගාර සංකීර්ණය විවෘත කිරීමත් සමඟ තංගල්ල බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කිරීමට නියමිත අතර අධික තදබදයක් පවතින වැලිකඩ බන්ධනාගාරයේ සිටින පිරිසක් ද මෙම බන්ධනාගාරය වෙත මාරු කිරීමට නියමිතය.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ඇමැති ස්වාමිනාදන් මහතා කියා සිටියේ බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා මේ බන්ධනාගාරය විසඳුමක් ලෙස යොදා ගත හැකි බවයි.

එහිදී ඇමැතිවරයා මෙසේද කීය.

මෙහි එකවර රැදවියන් එක් දහස් පන්සීයක් රදවා තැබිය හැකියි. දැනට දිවයිනේ සියළුම බන්ධනාගාර විශාල තදබදයකට ලක්වී තිබෙනවා.එවායේ සිටින රැදවියන් හා වැලිකඩ සිටන රැදවියන් මෙම බන්ධනාගාරයට ගෙනඒමට සැලසුම් කර තිබෙනවා. දැනට තංගල්ල බන්ධනාගාරයේ රැඳවියන් 180කට පමණයි පහසුකම් තිබෙන්නෙ. එහෙත් එහි 1200ක් පමණ රැඳවියන් සිටිනවා.වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසීය. වසර පහකට පෙර බන්ධනාගාරවල රැඳවියන් 30000ක් සිටි අතර දැනට බන්ධනාගාරවල සිටිනුයේ රැඳවියන් 25000ක් පමණයි.

බන්ධනාගාරවල තරුණ රැඳවියන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඔවුන්ගේ අධ්‍යාපනය මේ නිසා කඩාවැටී තිබෙනවා. අනාගත බලාපොරොත්තු සියල්ලම කඩාවැටී තිබෙනවා. විශේෂයෙන්ම මොවුන් සහ අනෙක් රැඳවියන් හොඳින් රැක බලා ගැනීම බන්ධනාගාර නිලධාරින්ගේ යුතුකමක්.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් පී. සුරේෂ්, බන්ධනාගාර අධ්‍යක්ෂ ජනරාල් නිශාන් ධනසිංහ මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීහු පිරිසක් සහභාගි වී සිටියහ.
« PREV
NEXT »

Facebook Comments APPID