BREAKING NEWS
latest

728x90

468x60

ප්ලේන් එකේ සිගරට් බීලා මහින්ද පැය හයක් අත්අඩංගුවේ

මේ දිනවල රුසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරුණ සමුලුවට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිසෙන් එක් අයෙකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබදව වාර්තා වේ.

කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් රුසියාව බලා යමින් සිටි ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ සිටි ස්ව‍යං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහදගමගේ ගුවන් යානයේ දුම් පානය කරමින් සිටියදි ගුවන් යානා බලධාරීන්ට හසුව තිබේ. ඉන් පසුව ගුවන් යානය දෝහා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නැවතු අවස්තාවේ මහින්ද කහදගමගේ ගුවන් යානයෙන් නෙරපා , ගුවන් තොටුපලේ පැය හයක කාළයක් රදවා ගැනීමට එරට බලධාරීන් ක්‍රියාකර තිබෙන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් කටාර් සමාගමේ කිසිදු ගුවන්යානකට නැවත ඇතුලත් කර නොගැනීම හා ලක්ෂ 3 1/2 ක දඩයක් යන දඩුවම් මත ඔහු නිදහස් කොට ඇති බව සදහන්. පසුව මොස්කව් බලා යන වෙනත් ගුවන් සේවයකට අයත් යානයකින් රුසියාවට ගොස් තිබෙන හැටපස් හැවිරිදි මහින්ද කහදගමගේ ‘පදික වේදිකා වෙළදාමේ අනාගතය‘ පිළිබද සම්පත්දායකයෙකු ලෙස තරුණ සමුළුව ඇමතීමට ද නියමිත බව වෙත වැඩි දුරටත් වාර්තා වේ.





« PREV
NEXT »

Facebook Comments APPID