BREAKING NEWS
latest

728x90

468x60

දසුන් මියයන්න කලින් මාරාන්තික බ්ලූ වේල් හදාරලා ?


බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ සිදුවීමක් වූ දසුන් ගේ මරණය සම්බන්ධයෙන් වෙනස්ම පුවතක් පසුගිය සති අන්ත ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණා.

එහි දැක්වෙන්නේ දසුන් නිශාන් සියදිවි හානිකර ගැනීමට දින කිහිපයකට පෙර ලෝක ප්‍රසිද්ධ මාරාන්තික වීඩියෝ ක්‍රීඩාවක් (වීඩියෝ ගේම්) වන බ්ලූ වේල් නම් ක්‍රීඩාව පිළිබඳ හැදෑරීමක නිරතව ඇති බවයි.

එයින් මිනිසුන් කරගන්නා හානි, මැරෙන අයුරු අන්තර්ජාලය තුළ ඔහු නිතරම නරඹා ඇති බවත් එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

ඒවා නැරැඹීමත් සමඟ ඔහුගේ මානසික තත්ත්වය තව තවත් පිරිහීමකට ලක්‌ව ඇති බවයි එමඟින් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.



මේ අතර ඔහුට මුහුණදීමට සිදුවූ ගැටලු හමුවේ අධික ලෙස මත්පැන් පානය කිරීමට ඇබ්බැහි වී ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්.

මේ අතර එම වාර්තාවේ දැක්වෙන තවත් තොරතුරක් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූවා.

ඒ ඔහු සියදිවි හානිකර ගැනීමට දින කිහිපයකට පෙර දිනක සිය facebook ගිණුමට එක්කර තිබූ සටහනක් වෙතයි.

එහි දැක්වෙන්නේ මෙලෙසයි.

“දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹුරට… ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට…”

එය විශාරද නන්දා මාලිනී ගයන “රුවල් ඉරී ගිය නෞකාවේ…” නමැති ගීතයේ පද පේළි දෙකක්.

ඒ අනුව ඔහු අවසන් දින කිහිපයේ දැඩි මානසික පීඩනයක පසුවූ බව එමගින්ද තහවුරු වන බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

දසුන් නිශාන්ගේ මරණය පිලිබඳව සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරව ඔහුගේ දේහය ඥාතීන්ට භාරදුන්නා.

කෙසේ වෙතත් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයේදි හෙළිවූයේ දසුන් නිශාන් මියගොස් ඇත්තේ ගෙළ සිරවීමෙන් බවයි.

දසුන් මරණය සිදුවන ආකාරය තම ජංගම දුරකථනයේ රූගත කිරිමට සලස්වා තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම දර්ශනවලට අනුව දසුන් දිවිහානි කරගැනීමට උත්සාහ ගත් අවස්ථා දෙකක් ව්‍යර්ථ වී ඇති නමුත් තුන්වන අවස්ථාවේ දී දිවි හානි කරගන්නා අයුරු සටහන්ව ඇති බවයි.

මරණයට කිසිවෙකු වගකිව යුතු නැතැයි ඔහු ලියන ලද ලිපියේ සටහන් කර තිබෙනවා.

දසුන් මීට මාස කිහිපයකට පෙර ගුරුවරියක වු තම පෙම්වතිය සමග විවාහ ගිවිසගෙන සිටි බවයි වාර්තා වන්නේ.

පශ්චාත් මරණ පරික්ෂණයේදි මියගිය දසුන්ගේ මව සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ තම පුත්‍රයා පසුගිය දිනවල දුරකථනයෙන් කථා කර නවක නිලියක් සමග සබඳතාවක් පවත්වන බව ප්‍රකාශ කළ බවයි.

ඇයව විවාහ කර ගැනිමට අවශ්‍ය බව ප්‍රකාශ කල නමුත් එම යෝජනාව තමන් ප්‍රතික්ෂේප කළ බව දසුන් ගේ මව සාක්ෂි ලබාදෙමින් කියා සිටියා.

මේ අතර දසුන් නිශාන්ගේ විවාහක බිරිඳ මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදෙමින් සඳහන් කර ඇත්තේ මෙවැන්නක්.

දසුන් නිශාන්ගේ විවාහක බිරිඳ

“මියගිය දසුන් මගේ විවාහක ස්වාමි පුරුෂයා. දැනට වසර දෙකහමාරකට පෙර අපි විවාහ වුනා. නමුත් ඔහු මා කැන්දන් ගියේ නෑ. ඉදිරියේදී එසේ කිරීමට සැලසුම් කර තිබුණා. දසුන් මේ ජනවාරි මාසයේ සිට වෙනත් ගැහැණු කෙනෙක් සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව මට දැනගන්න ලැබුනා.
මා සැමියාගෙන් මේ පිළිබඳව ඇසූ විට ඔහු එය පිළිගත්තා. නමුත් ඔහු මා සමඟත් සම්බන්ධතාව පවත්වාගෙන යාමට කැමති වූවා. සැමියාගේ අනියම් කාන්තාව මා සමඟ ඔවුන්ගේ සම්බන්ධතාව පිළිබඳව දුරකථනයෙන් කතා කරනවා.”

“සිද්ධිය වූ දින සැමියාගේ මිතුරෙකු වන ප්‍රසන්න යන අය සැමියාට කරදයක් බව දුරකතනයෙන් දැනුම් දුන්නා. පසුව සැමියා සමඟ නවාතැනේ සිටින මිතුරෙකු සැමියා මියගොස් ඇතිබව දැනුම් දුන්නා. පසුව මා සැමියාගේ අනියම් කාන්තාවට කතාකර මට ලැබුණු ආරංචිය පිළිබඳව විමසුවා. එවිට ඇය පැවසුවා එය සත්‍ය බව. පසුව මා මේ බව මගේ සැමියාගේ මවට දැනුම් දුන්නා.”

“මා මගේ මාමා කෙනෙකු සමඟ සැමියා මියගිය පිළියන්දල ගොරකපිටිය යන ස්ථානයට පැමිණ සැමියාගේ මෘත දේහය හඳුනාගත්තා. මෙම මරණය පිළිබඳව මට කිසිම සැකයක් හෝ අවිශ්වාසයක් නෑ. සැමියා සමඟ අනියම් සම්බන්ධය පැවැත්වූ කාන්තාව සමඟ ඇතිවූ කතාබහ හේතුවෙන් සැමියා සිත් තැවුලට පත්ව මෙය සිදුකරගෙන ඇති බවට විශ්වාස කරනවා. “

නිට්ටඹුව – තිහාරිය – කප්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන දසුන් නිශාන්ගේ මෘත දේහය පන්නිපිටිය – පැලන්වත්ත ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් සිටි නිවසේ කාමරයේ තිබී පසුගියදා සොයාගත් අතර ඔහු එහි වාසය කර තිබුණේ ටෙලි නාට්‍යය ක්‍ෂේත්‍රයට සම්බන්ධ කිහිපදෙනෙකු සමගයි.

දසුන්ගේ පියා වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙකු වන අතර ඔහු වාසය කරන්නේ කැනඩාවේයි.

මිය යන විට 29 හැවිරිදි වියේ පසු වු දසුන් නිශාන් කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධිධාරියෙකුද වන අතර ඔහුට එක් සහෝදරයෙකුද සිටිනවා.

« PREV
NEXT »

Facebook Comments APPID