BREAKING NEWS
latest

728x90

468x60

සංගා - මහේල මිතුරන් හෙළිකර ගත් අපි නොදත් අපූරු රහස්

කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්දන කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අපූරු මිතුරු යුවලක්. කෙටියෙන් සංගා මහේල ලෙස හදුන්වන ඔවුන් දෙදෙනාගෙන් මහේල පසුගියදා ඉන්දියන් වෙබ් අඩවියක් සමග සම්මුඛ සාකච්ඡාවක නිරතව තිබුනා. එහිදි සිය අතිජාත සගයා කුමාර් සංගක්කාර පිළිබදව ‍රසිකයන් නොදන්නා බොහො කරුණු මහේල හෙළි කර තිබුනා. කුමාර් සංගක්කාරගේ පෞද්ගලික ජීවිතය බොහෝ අපිළිවෙල එකක් බව මහේල හෙළිකර තිබුනේ සැවොම සිනා සයුරේ ගිල්වමින්.

“සංගා කියන්නේ හරි අමුතු චරිතයක්. ක්‍රීඩාවේදි ඔහුගේ වෘතියේදී හරිම එක් අරමුණක් ඇතිව වැඩ කරන කෙනෙක්. ඒත් එලියෙදි කිසි පිළිවලක් නෑ. ඔහුගේ කාමරයවත් කිසි පිලිවලක් නෑ. අපි කෑගහලා කෑගහලා පොඩ්ඩක් පිලිවලක් වුනා. කිසිම දවසක වෙලාවට එනවා කිව්වොත් එන්නේ නෑ. මං අනන්තවත් එයාගේ පොලු කාලා තියනවා. ලන්ඩන් වල පවා සංගා එනකන් මං බලන් ඉදපු වෙලාවල් ඕන තරම්.” මෙහෙම කියන්නේ ක්‍රිකට් පිටියේ අපි දුටු හොඳම මිතුරන් දෙදෙනාගෙන් වැඩිමහල් සහෝදරයාගේ චරිතයට අපට ගත හැකි සුපිරි පිතිකරු මහේල ජයවර්ධන.

මහේල වැඩි දුරටත් මෙසේ පවසනවා ” ඒත් ඒ තමයි ඔහු. පුහුණුවීම් වලට ආපුවම පුදුම කැපවීමක් තියෙන්නේ. මං ලංකාවේ ඒ වගේ පුහුණුවීම් කරන කෙනෙක් කවදාවත් දැකලා නෑ. ඔහුට ඕන වුනේ වෘතියට සරිලන සම්පූර්ණ මිනිහෙක් වෙන්න.”

අවසාන වශයෙන් මහේල කියන්නේ ඔහුගේ සියළු ශක්තිය ක්‍රීඩාව වෙනුවෙන් දුන්නා ඊට අමතර දේකට රැස්වීමකට වගේ දේකට එන්න කිව්වොත් කියන්නේ ” හරි මං එන්නම ඕනනම් එන්නම්” කියලා. ඒත් ඒ කැමැත්තෙන්ම එන ගමනක් නෙවේ. ඒත් අවසානයේ ඔහු ඔහුගේ කාර්යය සම්පූර්ණයෙන්ම ඉටු කලා. තම කළන මිතුරා සම්පූර්න මිනිසෙක් බව කියමින් මහේල අවසන් කරනවා
« PREV
NEXT »

Facebook Comments APPID