BREAKING NEWS
latest

728x90

468x60

ඕෂධී - හසිරංග - තුසිරුයන ලංකාවේ සිගිති පැටවුන්ගේ සැත්කම ඉතාලියේදීම නොමිලේ

ඔබ පහත ජායාරූපයෙන් දකින නො.223/1 කොන්දගම්මුල්ල දෙමංහන්දිය ,කටාන පදිංචි සරත් නිශාන්ත ප්‍රනාන්දු හා ධම්මිකා කුමාරි යුවල යුග දිවියට එලඹුනේ අහසේ මාලිගා තනන්නට නොවේ.

ඔබ,මා මෙන්ම යහපත් පවුල් ජීවිතයක් ගත කරමින් තම දරුවන් උස් මහත් කර හොඳ අධ්‍යාපනයක් ලබා දීමටය.මේ පවුලට දරු තිදෙනෙකි.

ලොකු දුව අමෝධ්‍යා ඕෂධී (12) ඊලග පුතා හසිරංග සෙමුතු (9) බාල පුතා තුසිරු ඔනාල් (6).

සරත් එටිසලාට් ආයතනයේ දුරකතන කාඩ්පත් අලෙවි කිරීමේ සුලු රැකියාවක් කලද ඉතා සතුටින්,චාමෙට ජීවත් වූ මේ කැදැල්ලට කණකොකා හඬලන්නේ වැඩිමල් දියනිය හා බාල පුතා තැලසීමියා රෝගයෙන් පෙලෙන බව දැනගත් මොහොතේ සිටයි.

මේ අහිංසක පවුලේ සිනහව සොරා ගැනීමට තැලසීමියා මාරයාට ගතවන්නේ නිමේෂයකි.

එතැන් සිට අද දක්වා ඔවුන් විඳි දුක් ගැහැට ලියා නිම කිරීමට නොහැක.ශ්‍රීලංකාවේ රජයේ රෝහලින් කෙරෙන රුධීරය මාරු කිරීම් කොතෙක් කලද රෝගය සුව නොවේ.ඒ සඳහා ඇටමිදුලු බද්ධ කිරීමේ ඉතාමත් සංකීර්ණ මෙන්ම අවදානම් සහිත ශල්‍යකර්මය ක් කිරීමට සිදුවේ.

ශ්‍රීලංකාවේ ඇපලෝ රෝහලේ දැනට මෙම සැත්කම සිදු කරන අතර ඒ සඳහා රු.ලක්ෂ 80 ක මුදලක් වැය කල යුතුව ඇත.ඉන්පසුවද පශ්චාත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධික පිරිවැයකි.

එය මෙවැනි පවුලකට සිහිනයක්ම මිස යථාර්ථයක් නොවේ.ඔය අතරවාරයේ සරත්ගේ මිත්‍රයකු වන ඉතාලියේ මෝදෙනා නගරයේ සේවයේ නියුතු දලුපොත පදිංචි නුවන් සමීර නිවාඩුවකට ශ්‍රීලංකාවට ගිය විටෙක තම මිතුරාගේ පවුලේ මෙම අවාසනාවන්ත තත්වය දැක,ඉතාලියේ නම් ඔය ඔපරේෂන් එක කිරීමට මුදල් වියදම් නොවන බව පවසයි.අන්න දෙවියන්ගේ සානුකම්පිත බැල්ම ඔවුන් වෙත යොමුවන වචනය සමීරගේ මුවින් පිටවූ ඒ පුදුමාකාර මොහොත.

එනමුදු මීටත් වඩා දරුණු අසනීප තත්වයකට වූවද පිටරටකට යාමට අවස්ථාව ක් හෝ නීතිමය තත්වයක් අප රටේ සාමාන්‍ය ජනයාට නොමැති බව මා ඔබට අමුතුවෙන් කිව යුතු නැත.එසේ නම් මෙය දේව බලයකින්ම සිදු විය යුතුව ඇත.

ඔව් එය එලෙසම සිදුවීම සඳහා දේව දූතිකාවක් සොයා ගොස් මේ ගැන සැල කිරීමට සරත්ට සිතෙන්නේ එබැවින් විය හැකිය.කොච්චිකඩේ ,මීගමුව ප්‍රදේශය ආශ්‍රිත කතෝලික කන්‍යාරාමයක ,කන්‍යා සොයුරියක් වෙත මේ පුවත සරත් විසින් දැනුම් දෙන්නේ ඒ දේව සැලැස්මට අනුව විය හැකිය.

එම දේවදූතිකාව විසින්, ඉතාලියේ මිලානෝ නගරයේ සේවය කරන,විශාල හදවතක් ඇති පුංචි මිනිසෙකු වන මා මිත්‍ර රොමේන් ප්‍රනාන්දු අමතා මීට මැදිහත් වන ලෙස ඉල්ලා සිටී.රොමේන් සහ මම එකම කාලයේ ඉතාලියට පැමින එකම රාත්‍රි පාසැලෙන් ඉතාලි භාෂාව හැදෑරූ සමකාලීනයන් වන්නෙමු.රොමේන් ඉහත අභියෝගය ඉතා සතුටින් භාර ගනී.නමුත් මෙය කෙසේ නම් කල හැකිද?

දැනට වසරකට පමන පෙර රොමේන් මා හමුවී මේ විස්තර පවසා අපට සබඳතා ඇති සෑම කෝණයකින්ම ගවේෂණය කල යුතු බව පවසයි.ඒ අනුව රොමේන් ගේ ඉල්ලීම පරිදි,ඉතාලියේ පලමු පන්තියේ ප්‍රභූ පවුලකට නෑ සබඳතා ඇති නිවසක සේවය කරන මාගේ මිතුරෙකුගෙන් ,අදාල ප්‍රභූන්ගෙන් මේ සඳහා උපකාර ලබා ගත හැකිදැයි විමසීමි.නමුත් යහපත් ප්‍රතිචාරයක් නොමැත.නමුත් එතැන්හිද මා රොමේන්ට පවසන්නේ උත්සාහය අත හරින්න එපා,මේ ඔයා මහන්සි වෙන්නේ ඔයාගේ නොවන පවුලකට සිනහවක් ලබා දීමටයි,ජීවිත දෙකක් ගොඩ දාන්නටයි යනුවෙනි.

ඔව්,රොමේන් උත්සාහය එක් දශමයකින් වත් අඩු නොකරයි.හිතවත් ඉතාලි ජාතික කාරුනික මහත්මීන් කීප පලකගේ සහායෙන් කරිතාස් ආයතනයද සම්බන්ධ කරවාගෙන ,අදාල වෛද්‍ය වාර්තා සියල්ලම ඉතාලියට ගෙන්වාගෙන ,රෝහල් බලධාරීන් හට ඉදිරිපත් කර පරීක්ෂා කිරීමේදී ,ඉතාලි රෝහලක නොමිලේ මෙම ශල්‍යකර්මය සිදු කල හැකි බවට දැන ගැනීමට ලැබුනි.ඊලඟ ගැටලුව මෙම පිරිස ඉතාලියට ගෙන්වා ගන්නේ කෙසේද යන්නයි.

ඒ සඳහා ද කරිතාස් ආයතනය හා රජයේ අදාල අංශ මෙන්ම පොලීසිය ,තානාපති කාර්‍යාල සියල්ල සම්බන්ධ කරගෙන දීර්ඝ මෙහෙයුමක යෙදීමට රොමේන්ට සිදුවේ.අවසානයේ පසුගිය සිකුරාදා උදෑසන මාගේ දුරකතන ය එක දිගටම අස්වාභාවික ලෙස නාදවෙයි.

මා පිලිතුරු දීමේදී එහා කොනින් ඇසෙන්නේ ,කෝටි ගනනක ලොතරැයි දිනුමක් ඇදුනා වැනි සතුටකින් යුත් රොමේන් ගේ කටහඬයි.ලෙස්ලි අම්මටයි දරු තිදෙනාටයි,කොලඹ ඉතාලි එම්බසියෙන් වීසා ලබා දුන්නා.මට ඇසෙන්නේ එපමනකි.දෙවියන්ට ස්තෝත්‍ර වේවා,මගේ මුවින් නික්මෙයි.

ඉතින් මා දයාබර සබඳ ,තව නොබෝ දිනකින් ඒ මව තම කුරුලු පැටවුන් සමඟ ජීවිත දෙකක් අයැදීමට ඉතාලියට පියාසර කිරීමට නියමිතයි.තමන්ගේම නොවන රටක තමන්ගේම නොවන ජාතියක දරුවන්ගේ ඉරනම භාර ගැනීමට මොන්සා නගරයේ සන් ජෙරාර්දෝ රෝහල් බලධාරීන් පෙර මග බලා සිටී.

තම අක්කාටත් මල්ලීටත් තමන්ගේ ශරීරයෙන් ඇටමිදුලු පරිත්‍යාග කිරීමට හසිරංග සෙමුතු නම් දෙවෙනි පුතා සූදානම්‍ ය.Muggiano කලාපයෙන් ඔවුන් සඳහා පුංචි නිවසක් යුරෝ 350.00 ක මාසික කුලියකට වෙන්කර අවසානයි.ඔවුන් පැමිනි පසුව පාස්ත පැකට්ටුවේ සිට සියලූම අවශ්‍යතා සපුරා ගත යුතුව ඇත.ප්‍රධානම බාධකය ඉතාලි භාෂාව යි.

ඔවුන් සමඟ රෝහලට ගොස් පරිවර්තන කටයුතු කිරීමට ඔබලාගේ සහාය පතන්නෙමු.හවස් වරු වලට මා හෝ මගේ පුතා යාමට බලාපොරොත්තුවෙන් සිටිමු.මෙම මහා මෙහෙයුම සාර්ථක කර මේ ජීවිත දෙක ගලවා ගැනීමට රොමේනුත් මමත් ඔබ සැමගේ දෙපා නැමැද ඔබේ සහාය පතමු.ඔබලාගේ සියලු උපකාරයන් ඒ අයගේ අතටම කෙලින්ම පත් කිරීමට සම්බන්ධීකරනය කර දීමට අපි සූදානමින් සිටිමු.

මිලානෝ මොන්සා සහ ඒ අවට සියලූම,මාධ්‍ය ආයතන,ස්වාධීන මාධ්‍යවේදීන් සැමගේ කාරුනික සහයෝගය අපි අපේක්ෂා කරමු.එන්න අපි ඔක්කොම එකට එක්වී මේ පවුලෙන් ගිලිහුන සිනහව නැවත ලබාදී ඒ සිනහවේ කොටස් කරුවන් වෙමු.

ඔබ සැමගේ අදහස් අපිට ඉතා වටී.මගේ දු.ක.අංකය 3287554151 රොමේන් 3381354988 සරත් (පියා) ශ්‍රී ලංකාව 0094722651423 ,ඔවුන් මෙහි පැමිනි විගස මව අතට දුරකතන යක් ලබාදී එහි අංකය ඔබ සැම වෙත දැනුම් දෙන්නෙමු.ස්තූතියි ,මා ඔබේ හිතවත් ලෙස්ලි ලෝව් මිලානෝ සිට.

මෙය හැකි පමන share කර ඔබේ සහයෝගය ලබා දෙන්න.
« PREV
NEXT »

Facebook Comments APPID