BREAKING NEWS
latest

728x90

468x60

ධම්මික මියන්මාරයත් අල්ලයි

එල් බී ෆිනෑන්ස් පීඑල්සී විසින් 99% ක කොටස් හිමිකාරීත්වයක් දරනු ලබන එල් බී මයික්‍රෝෆිනෑන්ස් මියන්මාර් කම්පැනි ලිමිටඩ් සිය ව්‍යාපාරික කටයුතු 2018 මාර්තු 31 දිනට පෙර ආරම්භ කරනු ලබන බව කොළඹ කොටස් වෙළෙපොළ වෙත දැනුම් දී සිටී.

මේ අතර සමාගම වැඩිදුරටත් කියා සිටින්නේ මියන්මාරයේ බොගෝ කලාපයේ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතුවල යෙදීම වෙනුවෙන් අවශ්‍ය බලපත්‍රය 2017 ඔක්තෝබර් 10 වන දින එල් බී මයික්‍රෝෆිනෑන්ස් මියන්මාර් කම්පැනි ලිමිටඩ් වෙත ලැබී ඇති බවයි.

එල් බී ෆිනෑන්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් පාලක කොටස් අයිතිය දරනු ලබන වැලිබල් වන් පීඑල්සී සමාගම සතුවේ.
« PREV
NEXT »

Facebook Comments APPID