BREAKING NEWS
latest

728x90

468x60

ගැබිණියකැයි පාසලෙන් ඉවත් කළ සිසුවියට ජාතික පාසලක්

කැකිරාව, මඩාටුගම රේවත විද්‍යායෙන් ඉවත් කෙරුණූ දැරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සුදුසු ජාතික පාසලක් ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.


අදාළ දැරියට මෙතෙක් පළාත් පාසලක් ලැබී නොමැති නම් ඇයගේ සහ මව්පියන්ගේ කැමැත්ත මත සුදුසු පාසලක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

දැරියගේ ආර්ථික ගැටළු අවම කර ගත හැකි පරිදි නේවාසික පහසුකම් සහිත පාසලක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවස්ථාව ලබා දෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංය සඳහන් කරයි.

10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අදාළ දැරිය අසත්‍ය චෝදනා මත පාසලෙන් ඉවත් කළ විදුහල්පතිවරියගේ වැඩ මේ වනවිට තහනම් කර තිබේ.


« PREV
NEXT »

Facebook Comments APPID