BREAKING NEWS
latest

728x90

468x60

මල්ලිට වධ දුන් ගලහ අයියා රිමාන්ඩ් - බිරියට ඇප

දෙල්තොට ප්‍රදේශයේ වයස අවුරුදු දොළහක් වන තම පිරිමි සහෝදරයාට කෲර ලෙස වදහිංසා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඔහුගේ සහෝදරයා හා මස්සිනා මෙම මස දොළොස්වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් සහෝදරයාගේ බිරිය රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමටත් මහනුවර ම‍හේස්ත්‍රාත් අධිකරණය නියම කෙළේය.

පසුගිය පළමුවෙනි දින ගලහ පොලිසියට ලද තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට පත්වූ අතර ඒ වනවිට මෙම දරුවාට කාලයක් තිස්සේ නොයෙක් වදහිංසා පමුණුවා ඇත. දරුවාගේ ඇඟපුරාම පිළිස්සුම් තුවාල හා සීරීම් නිසා හටගත් තුවාල නිසා ශරීරරය දුර්වල වී ඇත.

අත් හා පා මත පටවා තිබූ විශාල දැව කඳන් නිසා දරුවාගේ අත් පා වකුටු වී ඇති අතර ගලහ ප්‍රාදේශිය රෝහලට එදිනම ඇතුළත් කොට මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු ඊයේ දින පේරාදෙණිය රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යවා ඇත. 

සී.කේ. වික්‍රම



« PREV
NEXT »

Facebook Comments APPID