BREAKING NEWS
latest

728x90

468x60

පාසලේ දී වමනය ගිය සිසුවියක් ගැබිණියකැයි පවසා එළවා දැමු බව කියන විදුහල්පතිනිය පිලිබඳ පරික්ෂණයක්

පාසලේ දී වමනය ගිය සිසුවියක් ගැබිණියකැයි පවසා පාසැලෙන් එළවා දැමු බව කියන විදුහල්පතිනිය පිලිබඳ පරික්ෂණයක් කර විනය ක්‍රියා මාර්ගවලට එළැඹෙන්නැයි ලංකා ගුරු සංගමය උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

මෙම විදුහල්පතිනිය අහිංසක සිසුවියක් සමාජය ඉදිරියේ ගර්භාවට ලක්කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරින් විනය පියවර ගත යුතු බවත් එම ලංකා ගුරු සංගමය සිය ලිපියෙන් අවධාරණය කරයි.

ලක්ෂ 43 ක් වන ශ්‍රී ලංකාවේ පාසැල් දරුවන් අතරින් එක් දරුවෙක්වත් මෙවැනි අපහසුතාවයකට පත්විය යුතු නැති බවද මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මාධ්‍යට පවසා ඇත.

නවයොවුන් වියේ දැරියන් සම්බන්ධව කටයුතු කරද්දී බාලිකා පාසල්වල විදුහල්පතිනියන් ඉතා සැළකිල්ලෙන් කටයුතු කළ යුතු යැයි කී ඔහු මෙවැනි සිද්ධීන් සිසු ජීවිතවලට දැඩි සේ බලපාන බව ද කීවේය.

« PREV
NEXT »

Facebook Comments APPID