BREAKING NEWS
latest

728x90

468x60

“චන්දිමාල් නොම්මර තුන ක්‍රීඩා කළ යුතුයි.– සුපිරි සංගා චන්දි ගැන කියයි.

පාකිස්තාන කණ්ඩායම පරදවා 2-0ක් ලෙස ලැබු ඓතිහාසික විජයග්‍රහන‍යෙන් පසුව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක , සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඉන්දියානු වෙබ් අඩවියක් හා එක්ව මෙම සංචාරය පිළිබදව හා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පිළිබදව අදහස් දක්වා තිබෙනවා. නායකයෙක් වශයෙන් සිය පළමු සංචාරයේදීම සුපිරි දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ චන්දිමාල් කණ්ඩායම ඉතා දක්ෂ ලෙස මෙහෙයවූවා, පිත්තෙන්ද දස්කම් දැක්වූ චන්දිමාල් පලමු ටෙස්ට් තරගයේ පැය නවයක් තිස්සේ පිතිකරනයේ යෙදෙමින් නොදැවි ලකුණු 155ක් රැස් කර ගැනීමද විශේෂයි. දෙවෙනි ටෙස්ට් තරගයේද ඔහු අර්ධ ශතකයක් ලබා ගත්තා.

ඒ පිළිබදව අදහස් දක්වන සංගා පවසන්නේ “ඒක ලැබිය යුතු ජයග්‍රහනයක් ,කණ්ඩායමක් විදියට ඔවුන් හොදින් ක්‍රීඩා කලා , චන්දිමාල්ගෙන් දක්ෂ නායකත්වයක් සමග රංගන හා දිල්රුවන් වැනි ක්‍රීඩකයන් උපරිමය ලබා දුන්නා” ලෙසය. “චන්දිමාල් පීඩනය මෙහෙය වූ අයුරු අති විශිෂ්ඨයි , ඔහු ක්‍රීඩා කල අයුරු නියම ටෙස්ට් පිතිකරණයයි , එය ඇත්තටම බලන්න වටින දර්ශනයක් වුනා , අන්න එහෙමයි ටෙස්ට් තරගවල පන්දුවට පහර දෙන්නේ , කණ්ඩායම වෙනුවෙන් ඔබ ක්‍රීඩා කළ යුතුයි ” ලෙසද සංගා පවසනවා.

” ඔහුගේ නායකත්වය විශිෂ්ඨයි , පාකිස්තානය පන්දුවට පහර දෙමින් ඉද්දි ඔහු පන්දු රකින්නෝ ස්ථානගත කළ අයුරු සැබැවින්ම විශිෂ්ඨයි , ඔහුගේ තීරණ නිසා ඇතිවූ පීඩනය නිසාම පාකිස්තාන පිතිකරුවන් කිහිප් දෙනෙක්ම දැවි ගියා, ඔහු වගකීම් සහගත නායකයෙක් ලෙස හැසිරුනා ” ලෙසද ක්‍රික්බස් වෙබ් අඩවියට සංගා පවසනවා.

චන්දිමාල් ජාත්‍යන්තර ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වූ අවදිය පිළිබදවද සංගා අදහස් දක්වනවා, එකල කණ්ඩායමේ පුහුණුකරු වූ ජෙෆ් මාෂ් අපූරු නිතීයක් පනවා තිබුනා, කණ්ඩායමේ ජ්‍යේෂ්ඨයන්ට නවකයා බැගින් භාර දී තිබුනා , ඒ අනුව තිලකරත්න දිල්ශාන් ට දිමුත් කරුණාරත්නත් , මහේල ජයවර්දනට ලහිරු තිරිමාන්නත් , කුමාර් සංගක්කාරට දිනේෂ් චන්දිමාල් වද භාර දීමට ජෙෆ් මාෂ් කටයුතු කර තිබුනා, ජ්‍යේෂ්ඨයා සිය සගයාට පාඩම් කියා දිය යුතු මෙන්ම සිය නවක ක්‍රීඩකයා රැගෙන රාත්‍රී අහාර සදහා මෙන්ම කෝෆී කෝප්පයක් තොල ගෑමට වැනි කටයුතුද භාරව තිබුනා, ඒ සුහදත්වය වර්ධනය වීම සදහා, ” ඔහුට ඉගැන්වීමට එතරම් දේවල් තිබුනෙ නෑ , ඔහු එවිටත් දක්ෂ පිතිකරුවෙක්, මම ඔහු සමග කතා කලා මොන අවස්තා වලදීද වේගයෙන් පන්දුවට පහර දිය යුත්තේ සහ මොන අවස්තා වලදීද වේගය අඩාල කල යුත්තේ කියා , සහ ලකුණු 40 ශතකයක් දක්වා වර්ධනය කර ගන්නා අ‍යුරුත් මම ඔහුට උපදෙස් දුන්නා” ලෙස සංගා පවසයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ සංගා කියා සිටින්නේ “චන්දිමාල් කියන්නේ අති දක්ෂ පිතිකරුවෙක් , නමුත් ඔහුට නිසි ස්ථානයක් තිබුනේ නෑ . ඔහු විටින් ව්ට කණ්ඩායමෙන් ඉවත් කලා . ඉතින් ඔහුගේ ආත්ම විශ්වාසය බිදුනා , ඔහු ඔහුවම සැක කරන්න ගත්තා . ඔහු එංගලන්තයේ , ඕස්ට්‍රේලියාවේ හා දකුණු අප්‍රීකාව වගේ රටවල බැට් කරනවා මම දැකලා තියෙනවා . එම තනතිරූ වල ඔහු අතිවිශිෂ්ඨයි .දැන් ඔහු තමන්ගේ ඉනිම් වලට වගකීම ගන්නා අයුරු ඔප්පු කරලා තියෙනවා අබුඩාබි ඉනිමත් සමගම , අපි අමතක නොකල යුතුයි ඔහු හොද එක්දින පිතිකරුවෙක්ද වන බව”

” චන්දි ටෙස්ට් ක්‍රීඩාවට පමණක් සීමා විය යුතු නෑ , ඔහු ආකෘති තුනේම ස්ථිර ක්‍රීඩකයෙක් විය යුතුයි , ඔහුගේ ආත්ම විස්වාසය යලි ගොඩ නැගුනු විට අපට ඉවසිලිවන්ත ටෙස්ට් පිතිකරුවා මෙන්ම විනාශකාරි විස්සයි විස්ස පිතිකරුවා දක්නට ලැබෙවී , ඔහු නොම්මර තුන හෝ හතර ස්ථාන වල පිතිකරනයේ යෙදිය යුතුයි, එම ස්ථානයි ඔහුට ගැලපෙන්නේ සහ කණ්ඩායමටත් ඔහුගේ ආගමනය විශාල සවියක් වේවි, අපි අවුරුදු තුන හතරක් හොයපු දිර්ඝ කාලීන පිතිකරුවා. අවාසනාවකට ඔහුට සිය ක්‍රිකට් ජීවිතයේ අවුරුදු තුනක් මග හැරුනා , නමුත් ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ හොදම ටික ඉතුරුයි , ඒවායෙන් වැඩ ගැනීම ශ්‍රී ලංකාවට භාරයි, ඔහු ටෙස්ට් ලකුණු 10,000 වෙත යාවි’ ලෙස පවසා සුපිරි සංගා සිය සංවාදය අවසන් කර තිබුනා.
« PREV
NEXT »

Facebook Comments APPID