BREAKING NEWS
latest

728x90

468x60

මංගල උත්සවයකට සහභාගී වීමට යෑයි පවසා 15 වියෑති දැරියක්‌ සමාජ ශාලාවක නැටවූ සැක පිරිස්‌ අත්අඩංගුවට

වයඹ පළාතේ ප්‍රදේශයක 15 හැවිරිදි දැරියක්‌ කොළඹ ප්‍රදේශයේ සමාජ ශාලාවකට රැගෙන විත් එහි නර්තනයේ යෙදවීම සම්බන්ධයෙන් අදාළ පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශන කටයුතු ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ බලතලවලට අනුව යමින් නියාමනය කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

පවුලේ හිතවතියක්‌ විසින් මෙම දැරිය මංගල උත්සවයකට සහභාගී වීමට යෑයි පවසා 2017/09/16 වැනිදා කොළඹ ප්‍රදේශයට රැගෙන විත් තිබේ. දැරිය නැවත නිවසට නොපැමිණීම පිළිබඳව ඇගේ මව විසින් 2017/09/19 වැනිදා පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව පොලිසිය විමර්ශන කටයුතු අරඹා දැරිය කොළඹ ප්‍රදේශයේ සමාජ ශාලාවක සිටියදී පොලිසිය භාරයට ගෙන තිබිණි.

දැරියගෙන් ප්‍රකාශ සටහන් කිරීමේදී අනාවරණය වූයේ නිවසින් දැරිය රැගෙන ගිය කාන්තාව ඇතුළු කීප දෙනෙකු විසින් එම දැරිය රාත්‍රී සමාජ ශාලාවක නර්තනයේ යොදවා ඇති බවයි. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් මෙම විමර්ශනය තවදුරටත් නියාමනය කරන බවත් මෙවැනි සිදුවීම් පිළිබඳව තොරතුරු ඇතොත් ළඟම ඇති පොලිසියට හෝ 1929 දුරකථන සේවය අමතා ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට පැමිණිලි කරන ලෙසත් එහි සභාපතිනී නීතිඥ මරිතිද ලිවේරා මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නීය.
« PREV
NEXT »

Facebook Comments APPID