රංගන ශිල්පිනී මධූෂා රාමසිංහ කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්.
2020 ජනාධිපති අපේක්ෂිකාවක් විදිහටත් ඇයට රාජ යෝගයක් ඇති බවටත් සඳහන් පුවතක් පසුගිය දවස්වල හුවමාරු වුණා.
රංගන ජීවීතයෙන් ඈත් වෙලා ඇය දැන් දේශපාලන වේදිකාව වැළඳගෙන සිටිනවා.
කොහොම වුණත් ඇය සිය මුහුණුපොතේ වෙනස්ම සටහනක් තබා තිබෙනවා.
ඒ දුමින්ද දිසානායක ඇමතිවරයාගේ පෙම්වතිය තමන් බවත් දේශපාලනික වශයෙන් මොන මතයක් දැරුවත් ඔහුට මඩ ගැසීම තමන් හෙළා දකින බවත්ය.
එම සටහන පහතින්…
“ඉවසුවා ඇති.
දුමින්ද දිසානායක යනු මා මගේ ජීවිතයටත් වඩා ආදරය කල ආදරණීය පෙම්වතා බව මා කිසිවිටෙකත් සගවා නැත.. නුඹලාගෙ තිරිසන් දේශපාලනය නිසා මගේ උත්තරීතර ප්‍රේමය පයට පාගන්න එපා.. දුමින්දට සබීතා හෝ වෙනත් කිසිදු අයෙකු නිසා හෝ වසග වී රාජ්‍ය හා පොදු දේපල අවභාවිතයේ යෙදවීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැතිබව වගකීමෙන් සියල්ලන්ට දන්වා සිටිමි. හොදින් මා රූපය දෙස බලන්න.. මගෙ ආදරණීය පෙම්වතාට ඔහුට වඩා වයසින් වැඩි කිසිදු කාන්තාවක් වෙත වසග වීමට තරම් අඩුවක් මා සතු නොවේ යැයි ඔබටවැටහෙනු ඇත.. ඔබ ඔබේ දේශපාලනය වෙනුවෙන් අපගේ ගෞරවය විකිණීම තිරිසන් ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙළාදකිමි. ඔබ කුමන දේශපාලන මතවාදයක් දැරූවද මෙය තමා නියෝජනය කරන නායකත්වයට කරන ගෞරවයක් නොවෙයි . එබැවින් මා හා මගේ ජීවිතයේ මගේ සංසාරගත උත්තරීතර ප්‍රේමය ලෙස ගෞරවාදරයෙන් සලකන ඔහු දේශපාලන වශයෙන් වැනසීමට මා යොදාගැනීමෙන් වලකින ලෙස සියල්ලන්ට දන්වමි.
මා දේශපාලන වශයෙන් අද වන විට වෙනත් මතවාදයක් දරන බව සැබෑවකි. එනමුදු ජීව්තය තුල උත්තරීතරත්වයෙන් සැලකූ මාගේ සංසාරගත බැදීම ලොවක් අභිමුව පයට පෑගීමට සූදානම් නැත. තවදුරටත් අප ගැන චරිත සහතික ලිවීමට සූදානම් වන සැමට දන්වමි. දුමින්ද දිසානායක හා මා අතර වූ පුද්ගලික ගැටලුවක් නිසා මා යහපාලනයෙන් ඉවත් වූවා නොවේ… ඒ කිසිදු දේශපාලන මතවාදයකට ඔහු මෙතෙක්කල් මා වෙත කිසිදු බලපෑමක් කර නැත.. එසේම ඔහු වටා රැස්ව ඔහුගේ ගෞරවය හානි කොට ඔහු තුලින් බැබලී ඔහු වැනසීමට වෙහෙස දරණ හිවල් පවිටු මිතුරන් කිහිප දෙනෙකු විසින් නිහඩ දුමින්දගේ නිහඩ භාවයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට තැත් කිරීම පහත් ක්‍රියාවකි.
නිහඩ මිනිසුන්ට අපහාස කිරීම නින්ධිත ක්‍රියාවක් ලෙස දකිමි. මා දේශපාලන වශයෙන් දුමින්ද ගොඩනැගීමටත් දුමින්ද නිවැරැදි කිරීමටත් දැඩි පරිශ්‍රමයක් යෙදූ අතර ඔහු මට පමණක් අයත් වස්තුවක් නොවන බැවින් මගේ ප්‍රේමය පසෙකලා මින් වසර දෙකකට පමණ පෙර මා ඔහු මගේ රටේ ජනතාව වෙතම තිලිණ කර නිදහස් කලෙම්. ඒ ඔහු ගැන ඉතා අවබෝධයෙන් කටයුතු කල නිසාවෙනි. දුමින්ද දිසානායකගේ වරදක් නිසා හෝ අඩුපාඩුවක් නිසා හෝ ඔහුගේ පුද්ගලික ගැටලුවක් නිසා මා මගේ තීන්දු තීරණ වෙනස් කල බව පවසමින් නින්ධිත ප්‍රභන්ද ගොඩනගන සැමට දන්වමි. ඔහුවන් උත්තරීතර මිනිසෙක්ට පුද්ගලිකව පහර ගැසීමට තරම් ඔබ සාහසික නොවන්න… ඔහුගේ දේශපාලනය විවේචනය කරන්න ,නියෝජනය කරන්න.. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඔබ සතුව ඇත. එයට මා ගරු කරමි. එහෙත් ඔහුගේ පුද්ගලික ජීවිතය විවේචනය කිරීමට ඔබ කිසිවෙක්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බව සිහිතබා ගන්න..”
Home
GOSSIP LANKA NEWS
දුමින්ද දිසානායකගේ LOVEඑක පෙම්වතිය විසින්ම රටටම ලීක් කරයි
දුමින්ද දිසානායකගේ LOVEඑක පෙම්වතිය විසින්ම රටටම ලීක් කරයි
-
Sunday, September 10, 2017
Facebook Comments APPID
Loading...
Most Reading
-
ආහාර මිලදී ගැනීමේදී එහි ගුණාත්මක බව සහ පැහැය පිලිබඳව පාරිභෝගිකයින් වෙසෙසින්ම සැලකිලිමත් වේ. රන් පැහැයෙන් යුත් කහ මදය සහි...
-
ia;%S foay ,laIK j,ska fy<s lrk ryia fndfyduhla ;sfhkjd'tajdhska lsysmhla .ek lshkakïflda' Th;a n,kak fï ,laIK Thdg;a ;sfhkjo ...
-
iïndyk wdh;khla uqjdfjka le,Ksfha mj;ajdf.k .sh uyd mßudK .Ksld cdjdrula jeg,Sug wêlrK ksfhda.hla o /f.k .sh fmd,sia ks,OdÍka wod< je...
-
fldÜfÜ wdkkao Ydia;%d, úoHd,fha úÿy,am;sg úreoaOj miq.shod úfrdaO;djhla mdi, bÈßfha§ mej;=ks' ta Tyqf.a ¥Ys; md,khg tfrysjhs' ...
-
l%slÜ l%Svl OkqIal .=K;s,lf.a ñ;=rl= úiska fkda¾fõ cd;sl ;reKshlg fld<U msysá fydag,hl § w;jr lrk ,o nj lshk isoaêh iïnkaOfhka úu¾Yk ...
-
ckm%sh .dhk Ys,amskS úYdro §msld m%sho¾YkS újdy Èúhg msúiqKd' ta nexl= lafIa;%fha lghq;= lrk pdñl l=udr uy;d iuÛska' Tyq ...
-
rd;%S ld,fha yd wÆhï ld,fha ksrej;ska ießirk .%Sia hfll= ksid fydaud.u mkdf.dv rKúre .ïudkh" frdñfh,a udj;" me<|f.dv" ...
-
wfußldkq fvd,¾ ñ,shk 20la ják Èhuka;shla fidrlï fldg furgg tjQ ,dxlslhl= vqndhs fmd,sia w;awvx.=jg f.k ;sfí' ielalre trg uq,H wdh...
-
මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ලොකු දුව. ඉතින් පසුගිය දවස්වල මාධවී විසින් නාමල් රාජපක්ෂ සමග සිටින ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන...
-
;ukag jvd jhiska jeäuy¿ ldka;djka iu. iïnkaO;d we;s lr.kak oeka ldf,a ;reKhka ;=, ;sfnkafka úYd, Wkkaÿjla' ird.S fmkqu ;reKhk...