BREAKING NEWS
latest

728x90

468x60

සංචාරයක් සදහා මෙරටට ඇවිත් ඇල්ල ප්‍රදේශයේ සිඟා කෑ සුද්දී පොලිස්සියට ගෙනිහින් ස්ථානාධිපති කරපු දේ

ඌව පළාතේ පිහිටි ඇල්ල නගරය දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති සංචාරක පුරවරයකි. ඇල්ල නගරයේ පවතින සෞම්‍ය දේශගුණය සහ ස්වභාවික මනරම් සෞන්දර්ය අත්විඳීමට සංචාරකයෝ බහුල වශයෙන් ඇල්ල පුරවරයට ඇදී එති.

මොවුන් අතර ලෝකයේ රට රටවල විවිධ තරාතිරම්වල සංචාරකයෝ වෙති. ඔවුන් මෙහි පැමිණ කඳුහෙල් නඟිමින් මනරම් ස්වභාවික සෞන්දර්ය ඔබමොබ ඇවිද යමින් රටේ සොබා සම්පත රස විඳිති.
මීට දින කීපයකට ඉහතදී ඇල්ල නගරයේදී ඊට හාත්පසින්ම වෙනස් අමුතුම දර්ශනයක් දැකගැනීමට දෙස් විදෙස් සංචාරකයන්ට මෙන්ම ඇල්ල නගරවැසියන්ට අවස්ථාවක් ලැබිණ. ඒ සුරෑපී එංගලන්ත ජාතික විදෙස් තරැණියක් ඇල්ල නගරයේ මාර්ගය අසල බිම වාඩි වී ගිටාරයක් වයමින් සිඟන්නියක සේ මුදල් එකතු කරමින් සිඟමන් යදින අයුරැයි.

මෙම දර්ශනය දුටු බොහෝදෙනෙක් ඇය දෙස දෙනෙත් යොමා පුදුමයෙන් මෙන් බලා සිටියහ. ඇය සිනාසෙමින් ගිටාරය වයමින් ඉංග්‍රීසි ගීත ගායනා කළාය. ඒ අතර ඇය දෙසට මුදල් ද විසි කිරීමට ඇතැම්හු අමතක නොකළහ.

ඇය නමින් Richards Rhiannon Orsd නම් විය. 1992 වසරේ උපත ලැබූ ඇය 24 වියේ පසුවන්නීය.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සමර් ටවුන් හැමිල්ටන් රෝඩ්හි ඇය පදිංචිව සිටින්නීය.

ඇගේ පියා එරට නීතීඥයකු බව කියති. ඉකුත් 8 දින ඇය ශ්‍රී ලංකාවට මසක සංචාරයක් සඳහා පැමිණියාය. එසේ තනිව පැමිණි ඇය පසුව ඇල්ල නගරයට සංචාරය සඳහා පැමිණ නගරයේ සාමාන්‍ය නවාතැන්පොළක නවාතැන් ගත්තාය.

එහි දිනකට කාමර ගාස්තුව රැපියල් 1000ක් තරම් අඩු මුදලකි. ඇයගේ දවසේ ආහාරය වූයේ දෙහි වීදුරැවක් සහ මාළු පාන් එකකි.

මෙසේ කල්ගෙවමින් සිටි ඇය රාවණා ඇල්ල දිය ඇල්ල අසලට ගොස් එහි මාර්ගය අසල බිම වාඩි වී ගිටාරය වයමින් සිඟමන් යදින්නට වූවාය. එදිනෙදා වියදමට ඇය මුදල් සොයා ගත්තේ එලෙසය.

පසුව ඇල්ල නගරයේ මාර්ගය අසල බිම වාඩි වී සිය ගිටාරය වයමින් සිඟමන් යදිමින් මුදල් එකතු කරන්නට වූවාය.

එම දර්ශනය ඇල්ල නගරයේ රාජකාරියේ නිරත වූ ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරැණාරත්න මහතාගේ දෙනෙතට හසුවිය.
සංචාරක වීසා මත මෙරටට පැමිණ සිඟමන් යැදීම දඬුවම් ලැබිය හැකි නීති විරෝධී ක්‍රියාවක් හෙයින් පොලිස් ස්ථානාධිපතිවරයා එම විදෙස් තරැණිය පොලිස් ජීප් රථයේ නංවාගෙන ඇල්ල පොලීසියට කැඳවාගෙන ආවේය.

පසුව ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී තොරතුරැ සියල්ල අනාවරණය කරගැනීමට ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරැණාරත්න මහතාට හැකි විය.

එම තරැණිය පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරිපිට හඬා වැටෙන්නට වූවාය.

එංගලන්තයේ සිට මෙරට මාසයක සංචාරයක් සඳහා පැමිණි බවත් ශ්‍රී ලංකාවේ කල්ගෙවීමට ප්‍රමාණවත් මුදල් නොතිබුණු හෙයින් තමන් මෙසේ ගිටාරය වයමින් මුදල් සොයා ගැනීමට සිඟමන් යැදීමේ නිරත වූ බවත් ඇය පැවසුවාය.

ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරැණාරත්න මහතා එම විදේශ තරැණියට සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ සිඟමන් යැදීම නීතිවිරෝධී බවත්, ඊට අමතරව 1948 අංක 20 දරණ ආගමන හා විගමන පනත පිළිබඳව ඇය දැනුවත් කර වරද පිළිගැනීමෙන් පසු ඇය නිදහස් කර යවනු ලැබුවාය.
« PREV
NEXT »

Facebook Comments APPID