BREAKING NEWS
latest

728x90

468x60

අගලවත්ත-වලල්ලාවිට-බුලත්සිංහල පාලින්දනුවර නාය යාමේ අවධානම් තත්ත්වයක්

කළුතර දිස්ත්‍රික්කයට දින කිහිපයක සිට කඩින් කඩ ඇතිවන අධික වර්ෂා තත්ත්වයත් සමඟ කුකුලේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කිරීම නිසා ජලය ඝන මීටර් 25ත් 30ත් අතර ප්‍රමාණයක් පිටවන බවත්, ඊට අමතරව මෙම වැසි තත්ත්වයත් සමඟ අගලවත්ත, වලල්ලාවිට, බුලත්සිංහල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නාය යාමේ අවධානම් තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස නිවේදන නිකුත් කර ඇති බවත් කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී කර්නල් ජයසිංහ මහතා පවසයි.

කුකුලේ ගඟ ජලාශයෙන් ඝන අඩි 25ත් 30ත් අතර ප්‍රමාණයක ජල පරිමාණයක් පිටවීම ආපදා තත්ත්වයක් ඇතිවීමට හේතුවක් නොවන බවත් ජලය ඝන අඩි 150ක පමණ පරිමාණයක් පිටවන අවස්ථාවක දී පහල ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති වන බවත්, පසුගියදා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලිහිනියාව ප්‍රදේශයේ විහාරස්ථානයක පැති බැම්මක් නායගොස් ඇති බවත් ඉදිරියේ දී යම් ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගයෙන් අවශ්‍ය කටයුතු සිදුකරන බවත් හෙතෙම පැවැසීය.

මේ අතර පසුගිය ඉරිදා(3) දිවයිනේ වැඩිම වර්ෂාපතනය බදුරලිය ප්‍රදේශයට ලැබී ඇති අතර එය මිලි මීටර් 118ක ප්‍රමාණයක් බවත්, එම වැසි තත්ත්වයත් සමඟ පාලින්දනුවර, වලල්ලාවිට, බුලත්සිංහල සහ අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කළ බවත් මේ වනවිටත් සවස් කාලයේ වැසි ඇතිවීමේ තත්ත්වය පවතින බැවින් එම නිවේදනය තව දුරටත් බල පැවැත්වන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ භූ විද්‍යාඥ හර්ෂ ඒකනායක මහතා පැවැසීය. 
« PREV
NEXT »

Facebook Comments APPID