BREAKING NEWS
latest

728x90

468x60

මේක්‌ අප් කිරීමට ආලේපන නිවැරදිව තෝරා ගන්නේ කෙසේද?

රූපලාවන්‍ය ගැන කතාබහ කිරීමේදී මේක්‌අප් කිරීම සඳහා භාවිතා වන ආලේපන වර්ගවලට ඉහළ තැනක්‌ හිමිව ඇති බවක්‌ පෙනෙන්නට තිබෙනවා. එනම් Colour Cosmetices ඒ තරමටම අද සමාජය තුළ ජනප්‍රියතාවක්‌ උසුලනවා.

Colour Cosmetices තුළ ෆවුන්ඩේෂන් එකට හිමිවන්නේ ප්‍රධාන තැනක්‌" ෆවුන්ඩේෂන් වර්ග දෙකක්‌ තිබෙනවා. ෆවුන්ඩේෂන් එක භාවිත කිරීමේදී මොන වර්ගය හොඳදැයි පළමුව දැනගත යුතුයි.

ලික්‌විස්‌ ෆවුන්ඩේෂන් එක ආලේප කිරීමේදී එය සමේ පැහැයෙන් ආලේප කළ වගක්‌ නොපෙනෙන්නට ආලේප කර ගත හැකියි." පෑන්කේක්‌ එක එහෙම නෙමෙයි." පෑන්කේක්‌ ෆවුන්ඩේෂන් එක වැඩි වේලාවක්‌ තියෙනවා. ආලේප කළ බවක්‌ හොඳින් හඳුනාගත හැකි වෙනවා.

අධික දහඩිය දමනවා නම් සුදුසු වන්නේ පෑන්කේක්‌ එක භාවිත කිරීමයි. බේස්‌ එක ලෙසට පෑන්කේක්‌ එක භාවිතයෙන් දහඩිය දැමීමෙන් වන කරදරයෙන් මිදිය හැකි වෙනවා. 

එමෙන්ම දුර්වර්ණ, කැළලි සහිත සමක්‌ තිබෙනවා නම් ලික්‌විඩ් ෆවුන්ඩේෂන් නොව පෑන්කේක්‌ එකෙන් ඒවා හොඳින් වසාගත හැකියි. ලික්‌වුඩ් ෆවුන්ඩේෂන් එකේ දියර ගතිය නිසා එවැනි අවස්‌ථාවකට සුදුසු පෑන්කේක්‌ එකක්‌ බව අමතක නොකළ යුතුයි.

ලික්‌විඩ් ෆවුන්ඩේෂන් එක සාමාන්‍ය ගමනට භාවිත කළ යුතු වන්නේ මේක්‌අප් එක වැඩි පෙනුමක්‌ නොවන නිසා.

තෙල් සහිත සමක්‌ නම් පෑන්කේක්‌ එක භාවිත කළ යුතුයි. එයට හේතුව එවිට තෙල් ගතිය මතු නොවන නිසා.

වියළි සමට ලික්‌විඩ් ෆවුන්ඩේෂන් එක ගැලපෙන අතර ඇතැම් අය තෙල් සහිත සමට පෑන්කේක්‌ එක භාවිතය කැමැති නැහැ. එවැනි විටෙක ලික්‌විඩ් ෆවුන්ඩේෂන් එක ආලේපකර ටිකක්‌ වැඩිපුර පවුඩර් ටිකක්‌ දමාගත යුතුයි.

ෆවුන්ඩේෂන් වර්ණය තෝරා ගන්නේ කෙසේද කියා බලමු.

තමාගේ සමේ වර්ණයට වැඩිපුර එකක්‌ ලා වර්ණය තෝරගත යුතුයි. කළු වර්ණයට සුදු ෆවුන්ඩේෂන් තෝරා ගැනීම හරිම අවලස්‌සනයි. ඒ නිසා ෆවුන්ඩේෂන් එක තෝරා ගැනීම හරිම කල්පනාවෙන් කළ යුතු දෙයක්‌.

ෆවුන්ඩේෂන් එක තෝරා ගැනීමේදී නිකටට ආලේප කර බලා මුහුණත් සමඟ වෙනසක්‌ නැතිනම් එය නිවැරදි වර්ණය ලෙසට තෝරාගත යුතුයි.

ලික්‌විඩ් ෆවුන්ඩේෂන් ආලේප කළ යුතු වන්නේ කොටසින් කොටස වන අතර තිත් වශයෙන් මුහුණේ තැනිත් තැන තබා වියළි ස්‌පෝන්- එකකින් මුහුණ පුරා ආලේප කර ගත යුතුයි. ෆවුන්ඩේෂන් එක සමට උරා ගන්නා තුරු ආලේප කළ යුතුයි. ඇස්‌ වටේ, කම්මුල්, නාසය, උඩ තොලේ, නිකට, බෙල්ල සහ කර ළඟට එනතුරු සමේ වෙනස නොපෙනෙන්නට ආලේප කර ගත යුතුයි.

කොටසින් කොටස ආලේප කළ පසු ටිෂු කඩදාසියකින් මුළු මුහුණම තෙත මාත්තු කර ගැනීමට අමතක කරන්න එපා. පවුඩර් එක ආලේප කළ යුතු වන්නේ ඉන් පසුවයි.

පවුඩර්වල වර්ණ බොහෝමයක්‌ තිබෙනවා. තමාගේ සමට ළඟම පාට තෝරා ගන්නවා මිස සමට වඩා සුදු පැහැය තෝරා නොගත යුතුයි. එසේ වීමේදී කැපී පෙනෙන අවලස්‌සනක්‌ මතු වන බව සිහි තබා ගත යුතුයි.

සමේ වර්ණය අඩු අය විශේෂයෙන්ම පවුඩර් එක තෝරා ගැනීමේදී වැඩි සැලකිල්ලක්‌ දැක්‌විය යුතු වන්නේ සුදුසුම වර්ණය තෝරා ගැනීමටයි.

පවුඩර් ආලේප කිරීමේදී ටිකක්‌ වැඩිපුර පවුඩර් ආලේපය වරදක්‌ නොවෙයි. දහඩියට පවුඩර් ටිකක්‌ අඩු වන නිසා එලෙස කිරීම වරදක්‌ නොවෙයි. සම තෙල් සහිත අවස්‌ථාවේදීත් වැඩිපුර පවුඩර් ටිකක්‌ දමන්නේ තෙල් ගතිය මඟ හරවා ගැනීමටයි.

පවුඩර් ආලේපයට බ්‍රෂඡ් එක භාවිත කිරීමේදී එය භාවිත කළ යුතු වන්නේ පහළ අතටයි. එයට හේතුව ඉතාම පුංචි රෝම කූප තිබෙන නිසා උඩ අතට බ්‍රෂඡ් කිරීමේදී ඒවා උඩ අතට ඉස්‌සෙන නිසාවෙනුයි.

පෑන්කේක්‌ ආලේපය පවුඩර් එකක්‌ වගේ. එයට ස්‌පොන්ඡ් එකක්‌ තිබෙනවා. එම ස්‌පොන්ඡ් එක පළමුව හොඳට තෙමා ගත යුතුයි. ඉන්පසු පෑන්කේක්‌ ටිකක්‌ ගෙන ටික ටික ආලේප කර ගත යුතුයි. එසේ නැතිව ෆවුන්ඩේෂන් ආලේපයේදී වගේ මුහුණ පුරා තිත් තබා ගැනීම කරන්නේ නැහැ.
« PREV
NEXT »

Facebook Comments APPID