BREAKING NEWS
latest

728x90

468x60

කාවිංගට දවස් හතට කෙල්ලො හතක්

කෙල්ලන් හත් දෙනකුට දවස් හතට ආදරේ කරන කොල්ලෙක් ඉන්නවා කිව්වම ඔබ පුදුම වේවි. හැබැයි ඉතින් එහෙම කොල්ලෙකුත් ඉන්නවා. ඒ කොල්ලා ඔයාලා කවුරු කවුරුත් දන්න කියන කෙනෙක්. ඒ තමයි කාවිංග... එහෙම කිව්වම තවත් පුදුම වේවි. මේ...

හෙට අනිද්දට දොස්තර නෝනා කෙනෙක් කසාද බඳින්න ඉන්න අර යස ඉලන්දාරියා එහෙමත් එපා කරපු වැඩක් කරයිද කියලත් ඔබ අහාවි... හැබැයි ඒක ඇත්ත. ඒ වුණාට එහෙම දවස් හතම චරිත හතකින් කෙල්ලන් හතකට ආදරේ කරන්නෙ සැබෑ ජීවිතේ ඉන්න කාවිංග නම් නෙමේ. එහෙනම්... කවුද... ඒ තමයි... අාලෝක. අාලෝකව හොඳට බලාගන්න පුළුවන් සති අන්තයේ රාත්‍රී අටට හිරු ටී.වී බැලුවොත්.

සති අන්තෙ එනකම් ඉන්නෙම නැතිව අපි ගියා මල් හත බලන්න රූගත කරන ලොකේෂන් එකට. මල් හතකට ආදරේ කරන බඹරාට නම් හරි හරියට වැඩ. කාවිංග විතරක් නෙමේ... හැමෝම ලහි ලහියේ වැඩ.

ක්‍යා බාත් හේ...? ( මොකක්ද කාරණේ? )
හින්දි වලින් එහෙම අහන ගමන් පියුමි ඔන්න ලොකේෂන් එකේ. අපිට මතක් වුණේ පබා ටෙලිනාට්‍යයේ හිමාලිවයි. පියුමිට ඕනවෙලා තියෙන්නෙ කවදාහරි දවසක ශාරුක් ඛාන් එක්ක සින්දුවක නටන්නයි. ඒ නිසාම පියුමිට හින්දි පිස්සුව තියෙනවා.
නමේ හැටියට තමයි අපිත්. සෙට් එකට ගියාම කොහොමටත් මල් හතයි තමයි. කාවිංග එක්ක වැඩ කරද්දි හරිම ජොලි. හැමවෙලේම අලුත් අලුත් දේවල් තමයි වෙන්නෙ. මගේ ආච්චිට ඉන්නෙ නෙතලි නානායක්කාරනෙ. එයා රේස් දානවා. ඉතින් මට ශාරුක්ගෙ පිස්සුව. ආච්චිට අශ්ව පිස්සුව. ජොලි නේද...? සමහරදාට මම ඔය කටට එන හින්දි වචන දාද්දි මේ සෙට් එකම හිනාවෙනවා. කොටින්ම කියනවානම් රවින්ද්‍ර අයියට කට් කියාගන්න විදිහක් නෑ. එයත් හිනාවෙනවා. ඉතින් ආයෙත් ඒ කොටස් ෂූට් කරන්න වෙනවා.

ත්‍රීවිල් අයියලා මල් හතට පුදුම සපෝට් එකක් දුන්නෙ
ඔන්න ඔහොමයි පියුමි මල් හතයි රූගත කිරීම් ගැන අපිට කිව්වෙ. හැමදේම කියන්න කලින් මල් හතයි පිපෙන්න පාදක වුණු කතාව අහන්න ඕනනෙ. ඉතින්... ඒ නිසාම ඒ කතාව අහන්න හොඳම කෙනා තමයි රවින්ද්‍ර විජේරත්න. ඒ කියන්නෙ මල් හතයි ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක.
මල් හතයි ටෙලිනාට්‍යය නිෂ්පාදනය කරන්නෙ තරංග දිසානායකයි. තිරරචනය කාවිංග මලිව්ආරච්චි සහ ප්‍රියනාත් විදානගේ. මේ කතාව කරන්න හේතු වෙන්නෙ හරි අපූරු සිදුවීමක්. ඒ පෙබරවාරි මාසෙ රවින්ද්‍රත් තරංගත් කාවිංගත් ශ්‍රීනාතුත් දවසක හවසක මුණගැහෙනවා. ඒ අලුත් ටෙලිනාට්‍යයක් ගැන කතා කරන්න.
අපි හතර දෙනා අලුත් ටෙලි පිටපතක් ගැන සාකච්ඡා කරද්දි අහම්බයෙන් තමයි මල් හතයි සංකල්පය ආවෙ. යාළුවෙක් සතියෙ දවස් හතර පහකට ඇත්තටම කෙල්ලො හතර පහක් මුණගැහෙනවා කියන කතාවක් ඇඳුනම ඒ ඔස්සෙ තමයි තරංග කිව්වෙ මේක මරු අදහසක්. අපි ටෙලිනාට්‍යයක් කරමු කියලා.
« PREV
NEXT »

Facebook Comments APPID