BREAKING NEWS
latest

728x90

468x60

කුඩු රොෂාන්ගේ ගෝලයෝ මහත්තුරු සමග හැප්පෙති

බේස්‌ලයින් මාර්ගය ඔස්‌සේ ධාවනය වෙමින් තිබූ එක්‌තරා ත්‍රිරෝද රථයක්‌ දෙමටගොඩ සමන්තා සිනමා ශාලාවට නුදුරුව පිහිටි ඉන්ධන පිරවුම්හල අසලින් වමට හැරෙව්වේය. ත්‍රිරෝද රථය පවනට බඳු වේගයෙන් පංචිකාවත්ත දෙසට ධාවනය වුණේය.


මේ ත්‍රිරෝද රථයේ සිව් දෙනෙකි. ඔවුන් සියලු දෙනා ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිsටියේ අවට ප්‍රදේශය ගැන දැඩි විමසිල්ලෙන්ය.

එදින සඳුදා දිනයක්‌ වූ නිසා මාර්ගවල වාහන තදබදය වැඩිය. මේ ත්‍රිරෝද රථයේ ගමන් ගනිමින් සිටි සිව්දෙනා අතුරින් එක්‌ අයකු මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකි. පාතාල ලෝකයේ විවිධ අපරාධ සම්බන්ධයෙන්ද මොහුට චෝදනා එල්ලවී තිබුණේය.

පාතාල ලෝකයේ මෙන්ම හෙරොයින් ජාවාරමේ මහත්වරුන් සිටියේ නැත. පාතාලයේ සිටින්නේ කිසිම අණක්‌ ගුණක්‌ නැති කාලකන්ණින්ය. එහෙත් කොළඹ පාතාලයේ මහත්තයකු සිටින බව ඇහුවද එය පුදුමට කරුණකි.

බොරැල්ල සහශ්‍රපුරයේ මහත්තුරු නමින් කුප්‍රකට මේ පාතාල මැරයාට ඒ නම ලැබුණේ කුඩා කල සිටය. ඒ ඔහු කළ මහත්මා වැඩ නිසා නොව කවුරුත් ඒ නමින් ආමන්ත්‍රණය කළ නිසාය.

බොරැල්ල සහශ්‍රපුරයේ මහත්තුරු නමැති මේ පාතාල මැරයා මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කාරයෙකි. පාතාල ලෝකයේ කෙරුම්කාරයකු බව කියන මොහුට එරෙහිව මිනීමැරුම් දෙකක්‌ සහ මිනීමැරීමට තැත්කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙයි.

පසුගිය 28 වැනිදා පෙරවරු 8.45 ට පමණ 'මහත්තුරු' තම ගෝලබාලයන්ද සමඟ අළුත්කඩේ අධිකරණය වෙත යමින් සිටියේ එහි විභාග වෙමින් තිබූ නඩුවකට පෙනී සිටීම සඳහාය.

සහශ්‍රපුරයේ ගෝරිල්ලා නමැති පුද්ගලයකුට පහරදී කපා කොටා බරපතළ තුවාල කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් වූ නඩුව විභාග වෙමින් තිබුණේ අළුත්කඩේ අධිකරණයේය.

මහත්තුරු නමැති පාතාල මැරයාට විරුද්ධව පාතාල කල්ලි කීපයක්‌ ක්‍රියාත්මක වෙමින් තිබුණේය. මහත්තුරුගේ ප්‍රධාන එදිරිවාදියා වූයේ බොරැල්ලේ කුඩු රොෂාන් නමැත්තා විසින් මෙහෙයවනු ලැබූ පාතාල කල්ලියයි.

ඉකුත් පෙබරවාරි මාසයේ 05 වැනිදා කුඩු රොෂාන් ඝාතනය කළේය. ඒ ඝාතනය සිදුකළේ මහත්තුරු ඇතුළු කල්ලියක්‌ විසින්ය. කුඩු රොෂාන් ඝාතනය සම්බන්ධයෙන් කුපිත වී සිටි ඔහුගේ ගෝලබාලයන් මහත්තුරු පරලොව යෑවීමට මාන බලමින් සිටියහ.

එමෙන්ම දෙමටගොඩ චමින්ද නමැති පාතාල මැරයා මහත්තුරුගේ පරම සතුරෙකි. කෙසෙල්වත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක්‌ද මහත්තුරුට මරණ වරෙන්තු නිකුත් කර තිබුණේය.

මේ පාතාල කල්ලි සාමාජිකයන් එකිනෙකා මරා ගැනීමට පටන්ගෙන සිටියේ හෙරොයින් ආධිපත්‍ය පතුරවා හැරීම මුල්කරගෙන ඇතිවූ ආරවුල් මුල්කරගෙනය.

කොයි මොහොතක හෝ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක්‌ විසින් තමන් ඝාතනය කරනු ඇතැයි මහත්වරු නිතර සිතුවේය. පාතාල ලෝකයේ කොයි මැරයාටත් තිබූ මරණ බිය මහත්තුරුටද නොඅඩුව දැනී තිබිණි. එනිසාම ඔහු ගමන් බිමන් ගියේ දැඩි ආරක්‌ෂිත විධිවිධාන ක්‍රියාත්මක කරගෙනය.

'මහත්තුරු' තම සගයන්ද සමඟ ගමන්ගත් ත්‍රිරෝද රථය පංචිකාවත්ත මාර්ගයට හරවා ඉදිරියට ධාවනය වුණේය. පංචිකාවත්ත මාර්ගය කොහොමටත් ජනාකීර්ණ ප්‍රදේශයකි. 

ඒ වනවිට මහත්තුරු ඇතුළු සඟයන් ගමන්ගත් ත්‍රිරෝද රථය වෙත ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙක්‌ ඇසගහගෙන සිsටියහ. ඒ බව මහත්තුරුත් ඔහුගේ ගෝලබාලයන්වත් දැන සිටියේ නැත. ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනා බේස්‌ලයින් මාර්ගයේ සිටම මහත්තුරු ගමන්ගත් ත්‍රිරෝද රථය ලුහුබඳිමින් සිටියහ. මේ පාතාල සාමාජිකයන් දෙදෙනා සතුව ටී. 56 ගිනි අවියකි. ඔවුන්ගේ අවශ්‍යතාව වී තිබුණේ මහත්තුරු පරලොව යෑවීමය.

බේස්‌ලයින් මාර්ගය බෙහෙවින් ජනාකීර්ණ වීම නිසා මහත්තුරු වෙත ප්‍රහාර එල්ල කිරීම අනතුරුදායක බව පාතාල සාමාජිකයන් දෙදෙනා දැන සිටියහ. ඔවුන් මහත්තුරු රැගත් ත්‍රිරෝද රථය පංචිකාවත්ත මාර්ගයට අවතීර්ණ වෙද්දී තම ප්‍රහාරය එල්ල කිරීමට සැළසුම් කරගෙන සිටියහ. මුහුණු ආවරණය වන හිස්‌වැසුම් පැළඳ සිටි පාතාල සාමාජිකයන් දෙදෙනා මහත්තුරු ගමන්ගත් ත්‍රිරෝද රථය ලුහුබඳින්නට වුණේ අවශ්‍ය ස්‌ථානයේදී ප්‍රහාරය එල්ල කිරීමට සැළසුම් කරගෙනය. ත්‍රිරෝද රථය පංචිකාවත්ත මාර්ගයට හරවනවාත් සමඟම ඒ පසුපස ආ යතුරුපැදිය ඊට කිට්‌ටු කළේය. යතුරු පැදිය පිටුපස සිටි පාතාල සාමාජිකයා ගමන් මල්ලක සඟවා තිබූ ටී. 56 ගිනි අවිය එකවරම ඉවතට ඇද ගත්තේය. පංචිකාවත්ත ප්‍රදේශයම දෙදරුම් කවමින් පිටවූ ටී. 56 උණ්‌ඩ මහත්තුරුගේ සහ සගයන්ගේ සිරුරු විනිවිද ගියේය.

තත්පර ගණනකදී තම ප්‍රහාරය නිමකළ පාතාල සාමාජිකයන් දෙදෙනා ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දහසකුත් එකක්‌ වාහන අතරට වැදී නොපෙනී ගියේය.

එයින් මහත්තුරුගේ එක්‌ අතකට තුවාල සිදුවී තිබිණි. මහත්තුරුගේ ගෝලබාලයන් දෙදෙනා ද වෙඩි ප්‍රහාරවලට ලක්‌ව තුවාල ලබා ත්‍රිරෝද රථය තුළම වැටී සිටියහ.

මුළු පංචිකාවත්ත ප්‍රදේශයම භීතියෙන් ඇලලී ගොස්‌ තිබිණි. මහ මග ඔබ මොබ ගමන් කරමින් සිටි මිනිසුන් මොහොතකට තුෂ්නිම්භූතම බලා සිටියහ. ත්‍රිරෝද රථයේ සිටි මහත්තුරු ඉන් ඉවතට පැන මහ මග යමින් තිබූ යතුරුපැදියක බලෙන්ම එල්ලුණේය. ඔහු කෙලින්ම ගියේ දෙමටගොඩ පොලිසිය වෙතය. මහත්තුරු සිතුවේ අතරමගදී තවත් ප්‍රහාරයක්‌ තමන් වෙත එල්ලවෙනු ඇතැයි කියායි. ඔහු පොලිසිය වෙත කෙළින්ම ගියේ ඒ නිසාය.

තුවාල ලබා ත්‍රිරෝද රථයේ වැටී සිටි මහත්තුරුගේ ගෝලබාලයන් දෙදෙනා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස්‌ තිබිණි. මහත්තුරු පරලොව යෑවීමට ප්‍රහාර එල්ල කළද පාතාල සාමාජිකයන් දෙදෙනාගේ ඉලක්‌කය වැරදී ගොස්‌ තිබුණේය.

දෙමටගොඩ පොලිසිය වෙත ගිය මහත්තුරු පසුව කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත යෑවීමට පොලිස්‌ නිලධාරීන් කටයුතු කළහ.

සර්...මට ලොකු හතුරෙක්‌ නැහැ. කවුරු වෙඩි තිබ්බද කියලා හිතාගන්න බැහැ. තමන්ගේ අනන්‍යතාව හෙළි නොකළ මහත්තුරු පොලිසිය ඉදිරියේ අහිංසකයකු ලෙස රඟපෑමට වගබලා ගත්තේය.

සර් බොරැල්ලෙදි මම මිනිහෙක්‌ එක්‌ක රණ්‌ඩුවෙලා ඌව කැපුවා. ඒක වුණේ 2016 දී. ඒ නඩුවට යන අතරේ තමයි මට මේ වැඩේ වුණේ. මම කිසිම අපරාධයක්‌ කරලා නැති අහිංසකව ජීවත්වෙන මිනිහෙක්‌ සර්. මට ලොකු අමාරුවක්‌ නැහැ. මම දැන් ගෙදර යන්නම්. මම දරුවො දෙන්නෙක්‌ගෙ තාත්ත කෙනෙක්‌..."

මහත්තුරු පොලිස්‌ නිලධාරියාද නොමග යවා අපරාධ කොට්‌ඨාසයෙන් මාරුවී යැමට උත්සාහ කළේය.

ඒ වනවිට මහත්තුරුගේ මවද කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත පැමිණ සිටියාය.


"සර්...මේකා මගේ පුතා... මූ රස්‌තියාදු කාරයො ආශ්‍රය කරන්නෙ. කොච්චර අවවාද දුන්නත් මූ හැදෙන්නෙ නැහැ. පහුගිය පෙබරවාරියෙ මූ කුඩු රොෂාන්ව කපල මැරුව. ඒකට හිරේ ඉඳලා එළියට ඇවිත් වැඩි දවසක්‌ නැහැ. මහත්තුරුගේ මව පොලිස්‌ නිලධාරීන් ඉදිරියේ තම පුත්‍රයාගේ පැටිකිරිය දිග හරින්නට වූවාය. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින්නේ මහත්තුරු නමැති පාතාල නායකයා බව පොලිස්‌ නිලධාරීන් දැනගත්තේ ඉන්පසුවය. පොලිසිය මහත්තුරු නමැති පාතාල මැරයාගේ පැටිකිරිය සොයන්නට පටන් ගත්තේ මේ වෙඩි තැබීම පිළිබඳ කිසියම් තොරතුරක්‌ ලබා ගැනීමේ අරමුණ ඇතිවය.

මහත්තුරු නමැති හෙරොයින් ජාවාරම්කරු උපන්නේ ගාල්ල වඳුරඹ ලේල්වල නමැති සුන්දර ගම්මානයේය. ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් දස දෙනෙකි. පියා මහ බැංකුවේ ලිපිකරුවෙකු ලෙස ඉතාම වැදගත් වගකිවයුතු රැකියාවක්‌ කළේය.

රැකියාවට පැමිණීමේ අපහසුතාව නිසාත් දරුවන්ට හොඳ අධ්‍යාපනයක්‌ ලබා දිය යුතු නිසාත් මහත්තුරුගේ පියා කොළඹ පදිංචියට ආවේය. මහත්තුරුගේ පියා ගාල්ල වඳුරඹ ලේල්වල ගම්මානයේ වැදගත් පුද්ගලයකු නිසා ගමේ කව්රුත් ඔහුට ගෞරව කළහ. ඔහුගේ දරුවන්ටද ඒ ගෞරව නොමඳව ලැබී තිබුණේය. මහත්තුරු යන අන්වර්ථ නාමය මේ බැංකු නිලධාරියාගේ පුත්‍රයාට ලැබෙන්නේ එලෙසය.

ගම අතහැර බොරැල්ල සහශ්‍රපුරයේ පදිංචියට පැමිණි මේ පවුල වැදගත් විදිහට ජීවත්වීමට උත්සාහ ගත්තේය. එහෙත් බැංකු නිලධාරියා ගිය මග ඔහුගේ දරුවන් ගියේ නැත. බැංකු නිලධාරියාගේ දරුවන් දස දෙනාගෙන් කීප දෙනෙකුම නොමග ගියහ. හෙරොයින් පානයට ඇබ්බැහිවූ දරුවන් කීප දෙනෙක්‌ හෙරොයින් විකිණීමේ ජාවාරමට ද සම්බන්ධ වූහ.

මහත්තුරුද බොරැල්ල සහශ්‍රපුරයේ හෙරොයින් ජාවාරමට එක්‌වන්නේ තම පවුලේ සොහොයුරන් අනුගමනය කරමින්ය. කොළඹ හෙරොයින් ජාවාරම් ප්‍රධානියකු මෙන්ම පාතාලයේ ප්‍රබලයකු වීමට මහත්තුරුට ඒ තරම් කාලයක්‌ ගතවුණේ නැත. කොළඹ පාතාලයට මහත්තයකු ආවේ ඒ ආකාරයටය.

බොරැල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පාතාල කල්ලි කීපයක්‌ම ක්‍රියාත්මක වුණේය. මේ හැම පාතාල කල්ලියකම ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ හෙරොයින් ජාවාරමය.

මීට වසර විස්‌සකට තිහකට උඩදී කොළඹ පාතාලය ක්‍රියාත්මක වුණේ කසිප්පු ජාවාරම මුල්කරගෙනය. එදා පාතාලයේ සිටි කෙරුම්කාරයන් වූ සොත්ති උපාලි, අග්ගොන චන්දරේ, නාවල නිහාල්, වන්ෂොට්‌ වැන්නවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගවලින් එකක්‌ වූයේ කසිප්පු ජාවාරමය.

එහෙත් අද පාතාලය ඊට ඉඳුරාම වෙනස්‌ය. වර්තමානයේ රටේ ක්‍රියාත්මක පාතාල කල්ලි සියල්ලම තම ප්‍රධාන ආදායම් මාර්ගය කරගෙන සිssටින්නේ හෙරොයින් ජාවාරමයි. බොරැල්ල සහශ්‍රපුරය පුරා හෙරොයින් ජාවාරම ව්‍යාප්ත කිරීම සිදුවන්නේ මහත්තුරුගේ අණසකට අනුවය.

බොරැල්ල මෙත්සර උයනේ පදිංචි චාමර සඳරුවන් නොහොත් කුඩු රොෂාන්ද හෙරොයින් ජාවාරම ජයටම කරගෙන ගියේය. හෙරොයින් ජාවාරම ව්‍යාප්ත කිරීම මුල්කරගෙන මහත්තුරු සහ කුඩු රොෂාන් අතර විශාල යුද්ධයක්‌ හටගෙන තිබුණේය. මුල් කාලයේ මොවුන් දෙදෙනා එකට ව්‍යාපාර කළද පසුව ඔවුන් වෙන්වෙන්නේ පාතාලයේ සදාතනික මිතුරන් නැත යන මතය සනාථ කරමින්ය.

මහත්තුරුට අවශ්‍ය වුණේ බොරැල්ලේ හෙරොයින් ලොක්‌කා වීමටය. ඊට කුඩු රොෂාන්ගෙන් කිසිම ඉඩක්‌ ලැබුණේ නැත. කලක්‌ තිස්‌සේ මොවුන් දෙදෙනා අතර පැවැති සීතල යුද්ධය මුහුණට මුහුණලා කෙරෙන සටනක්‌ බවට පත් වන්නේ 2014 වර්ෂයේදී කුඩු රොෂාන්ගේ සමීපතම ගෝලයා මෙන්ම ඥාති සොහොයුරකු ද සුද්දා මරා දැමීමේ සිදුවීමත් සමඟය.

කුඩු රොෂාන්ගේ ඥාති සොහොයුරකු වූ සුද්දා ඝාතනය වන්නේ දෙමටගොඩ වේලුවන විදුහල ඉදිරිපිටදීය. මහත්තුරු සහ ඔහුගේ ගෝලබාලයන් එක්‌ව සුද්දාට පහරදී කපා කොටා ඝාතනය කරන්නේ කුඩු රොෂාන්ට අභියෝග කරමින්ය.

සුද්දා ඝාතනයෙන් කුඩු රොෂාන් දැඩි ලෙස කෝපයට පත්වුණේය. මහත්තුරුන්ගෙන් පලිගැනීමට කුඩු රොෂාන්a දන්න හැම උත්සාහයක්‌ම දැරුවේය. ඒ වනවිට කුඩු රොෂාන් කොළඹ පාතාලයේ මෙන්ම හෙරොයින් ජාවාරමේද ලොකුම කෙළිකාරයා ලෙස නම්දරා සිටි දෙමටගොඩ චමින්ද සමීපව ඇසුරු කළේය.

බොහෝ විට කුඩු රොෂාන් අලෙවි කළේ දෙමඩගොඩ චමින්දගේ හෙරොයින්ය. කුඩු රොෂාන් තම හෙරොයින් ජාලයේ එක්‌ පුරුකක්‌ වීම නිසා දෙමටගොඩ චමින්ද හැමවිටම ඔහු ආරක්‌ෂා කිරීමට ඉදිරිපත්වී සිටියේය.

'සුද්දා මට හිටපු හොඳම එකා. ඌ මගේ ඥාතියා. මට ගහන්න බැරිකමට මයි උන් සුද්දට ගැහුවෙ. මේකට මම ඔය හැම එකාගෙන්ම පලිගන්නවා.'

කුඩු රොෂාන් ලෙයට ලෙයින් පලිගැනීමේ සටන ආරම්භ කළේය. කොයි මොහොතක හෝ රොෂාන් තමාගෙන් පලි ගන්නා බව මහත්තුරුද හො¹කාරව දැන සිටියේය.

මහත්තුරුට අවශ්‍ය වී තිබුණේ හෙරොයින් ව්‍යාපාරය දියුණු කිරීම සහ බොරැල්ල ප්‍රදේශයේ පාතාල ආධිපත්‍ය තමන් වෙත නතුකර ගැනීමය. ඒ සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග රහසිගතව ගැනීමට මහත්තුරු කටයුතු කළේය.

2016 වර්ෂයේ බොරැල්ල මැගසින් පාරේ සිදුවූ තවත් එක්‌ සිදුවීමකින් පාතාලය හෙල්ලී ගියේය. බොරැල්ල මැගසින් පාරේ පදිංචි ගෝරිල්ලා නමැත්තා පාතාලයට සම්බන්ධවූවකු නොව සාමාන්‍ය පුද්ගලයෙකි. මැගසින් පාරේ කව්රුත් මොහු හැඳින්වූයේ ගෝරිල්ලා යන නමින්ය.

මහත්තුරුගේ බාලසොහොයුරිය දිනක්‌ මැගසින් පාරේ ගමන් කරද්දී ගෝරිල්ලා ඇයට අනවශ්‍ය විහිළුවක්‌ කළේය. මහත්තුරුගේ නැගණියට මේ විහිළුව රිස්‌සුවේ නැත. ඇය ගෝරිල්ලාට බැන වැදුණාය.

ඇයගේ වාග් ප්‍රහාරවලින් දැඩි ලෙස කෝපයට පත් ගෝරිල්ලා මහත්තුරුගේ නැගණියට ඉතාම පහත් ආකාරයට බැණ වැදුණේය. මේ සිදුවීම මහත්තුරුගේ කන වැකෙන්නට ඒ තරම් කාලයක්‌ ගතවුණේ නැත.

මහත්තුරු තම ගෝලබාලයන් කැටිව ගෝරිල්ලා සොයා ආහ. තෝ කවුද යකෝ මගෙ නංගිට පාර්ට්‌ දාන්න. තෝ දන්නවද බොරැල්ලෙ මහත්තුරු කියන්නෙ කවුද කියලා. බොරැල්ලෙ ඉන්න එකම චණ්‌ඩියා මම. තෝව අද ඉතුරු කරන්නේ නැහැ."

දැඩි ලෙස කෝපයට පත්ව සිටි මහත්තුරු ගෝරිල්ලා වෙත කඩා පැන්නේය. උස මහත සද්ධන්ත සිරුරක්‌ හිමි ගෝරිල්ලා තම ජීවිතය බේරා ගැනීමට පැන දුවන්නට වුණේය.

එහෙත් මහත්තුරුගෙන් ගැලවීමක්‌ නැත. මන්නා පිහියක්‌ සහ තවත් කැපෙන ආයුධවලින් සන්නද්ධව සිටි මහත්තුරු සහ ගෝලබාලයන් ජීවිතය බේරා ගැනීමට දිවයන ගෝරිල්ලා පසුපස පන්නාගෙන ගොස්‌ මන්නා පිහිවලින් ඔහුට පහර පිට පහර එල්ල කරන්නට වූහ.

මහත්තුරුගේ නැගණියට අනවශ්‍ය විහිළුවක්‌ කළ වරදට ගෝරිල්ලාට ලැබුණේ බරපතළ දඬුවමකි. දැඩි කැපුම් තුවාල සහිතව වැටී සිටි ගෝරිල්ලා ප්‍රදේශවාසීන් විසින් රෝහල්ගත කළහ.

සති ගණනක්‌ තිස්‌සේ රෝහල්ගතව සිටි ගෝරිල්ලා ජීවිතය බේරාගත්තේ පූරුවේ වාසනාවකටය. පාතාල අපරාධකාරයන් විසින් ඝාතන සඳහා යොදා ගත්තේ ස්‌වයංක්‍රීය ගිනි අවිය. එහෙත් මහත්තුරු මෙවැනි අපරාධ සඳහා සැමවිටම යොදා ගත්තේ මන්නා පිහිය. මෙවැනි අපරාධ සිදුකිරීම සඳහා සැදීපැහැදී සිටින මන්නාපිහි කල්ලියක්‌ද මහත්තුරු සමඟ සිටියහ.

කුඩු රොෂාන් සහ මහත්තුරු අතර ගැටුමද දිනෙන් දින ඉහළ යමින් තිබුණේය. මේ සටනට මැදිවූ දෙපාර්ශ්වයේම සාමාජිකයන් විවිධ වධහිංසාවන්ට ලක්‌වූහ. රොෂානයා දඟලනවා වැඩියි. ඒකව ඉවරයක්‌ කරලා දාන්න ඕනෙ. එහෙම නොවුණොත් අපට අපේ බිස්‌නස්‌ ටික කරගෙන යන්න බැරි වෙනවා.

මහත්තුරු තම ගෝලයන් සමග මේ ගැන නිතර සාකච්ඡා කළේය. කුඩු රොෂාන් පාපන්දු ක්‍රීඩාවට දැක්‌වූයේ පුදුමාකාර කැමැත්තකි. මොහු ෆුට්‌බෝල් රොෂාන් ලෙසද පාතාලයේ ප්‍රසිද්ධව සිටියේය. බොරැල්ල, මාලිගාවත්ත, වනාතමුල්ල, රාජගිරිය වැනි ප්‍රදේශවල පැවැත්වෙන ක්‍රීඩා සමාජ පාපන්දු තරගවලට රොෂාන් අනිවාර්යයෙන්ම සහභාගි වුණේය.

ක්‍රීඩා සමාජ, පාපන්දු තරගයක්‌ කෙසේ හෝ පැවැත්වුණොත් එය නැරඹීමට යැම රොෂාන්ගේ පුරුද්දක්‌ විය. එමෙන්ම දිනපතාම උදෑසන පාපන්දු ක්‍රීඩා කිරීම රොෂාන් පුරුද්දක්‌ ලෙස කරගෙන ගියේය. රොෂාන් සමග පාපන්දු ක්‍රීඩා කිරීමට ඔහුගේ කල්ලියේ සාමාජිකයන් කිහිප දෙනෙකුම සැදී පැහැදී සිටියහ.

කුඩු රොෂාන් සෑම දිනකම උදය කාලයේ පාපන්දු ක්‍රීඩා පුහුණුවීම් සඳහා බොරැල්ල වනාතමුල්ල මොහොමඩ් ක්‍රීඩාංගණය වෙත පැමිණෙන බව මහත්තුරු දැන සිටියේය.

රොෂානයාට වැඩක්‌ දෙන්න හොඳම වෙලාව තමයි ඌ ග්‍රවුන්ඩ් එකට එන වෙලාවට උගේ සෙට්‌එකත් අඩුයි. මහත්තුරු තම ගෝලබාලයන් සමඟ කීවේය. කුඩු රොෂාන් ඝාතනය සඳහා සැළසුම් සකස්‌ වන්නේ ඉන් අනතුරුවය. 2017 වර්ෂයේ පෙබරවාරි 05 වැනිදා කුඩු රොෂාන් ඝාතනය සඳහා වෙන්කර ගත්තේය.

එදින උදෑසන රොෂාන් සුපුරුදු පරිදි දිනය ආරම්භ කළේ පාපන්දු පුහුණුවීම් කටයුතුවල නිරතවෙමින්ය. රොෂාන් මොහොමඩ් ක්‍රීඩාංගණය වෙත ආවේ ත්‍රිරෝද රථයකිනි. රොෂාන්ගේ ගෝලබාලයන් කීප දෙනෙකුද ඔහු සමඟ සිටියහ. ඒ වනවිට මහත්තුරු සහ කල්ලියද ත්‍රිරෝද රථයකින් වනාතමුල්ල මොහොමඩ් ක්‍රීඩාංගණය අසලට පැමිණ සිටියහ.

අන්න අරූ ග්‍රවුන්aඩ් එකට යනවා. ඇතුළට යන්න ඉස්‌සර වැඩේ ඉවර කරලා දාපං.

මහත්තුරු තමන් සමඟ සිටි සමීපතම ගෝලයකුට නියෝග කළේය. ත්‍රිරෝද රථයෙන් බැස ඊට පිටුවා ක්‍රීඩාංගනය දෙසට යන කුඩු රොෂාන් පසු පස පන්නාගෙන ගිය මහත්තුරුගේ ගෝලයකු ඔහුගේ පිට ප්‍රදේශයට වැරෙන් මන්නා පිහි පහරක්‌ එල්ල කළේය.

අනපේක්‌ෂිත ප්‍රහාරයෙන් අන්දමන්ද රොෂාන් ඉවසාගත නොහැකි වේදනාවෙන් කෑගැසුවේය. ඔහු මරු විකලයෙන් ක්‍රීඩාංගණය දෙසට දිව ගියේය. පිට ප්‍රදේශයට එල්ලවූ මන්නා පිහි ප්‍රහාරයෙන් දැඩි ලෙස කැපුම් තුවාලයක්‌ සිදුවී තිබිණි. රොෂාන්ගේ මුළු සිරුරම රුධිරයෙන් නැහැවී ගොසින් තිබුණේය.

මරු විකලයෙන් දිවගිය රොෂාන් මොහොමඩ් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්‌ඩපය අසල බිම ඉඳගත්තේය. සැබැවින්ම ඔහුගේ සිරුර අප්‍රාණික වෙමින් තිබිණි.

යකෝ උඹ වැඩේ හරියට කළේ නැහැනෙ. මම කිව්වෙ ඕකව බාගෙට මරන්න නොවෙයි. හිටපන් මම ඉතුරු ටික ඉවරයක්‌ කරලා දාන්න. මහත්තුරු විශාල මන්නා පිහියක්‌ අරගෙන ක්‍රීඩා මණ්‌ඩපයේ සිමෙන්ති පඩියක්‌ මත අත තියාගෙන සිටින කුඩු රොෂාන් වෙත දිව ගියේය. තවත් සුළු මොහොතකින් තම ජීවිතයේ අවසානය ළඟාවන බව රොෂාන් හොඳින් තේරුම්ගෙන සිටියේය. මන්නා පිහියක්‌ අමෝරාගෙන තමන් වෙත දිව එන මහත්තුරුගෙන් බේරී පලා යැමට රොෂාන්ට ශක්‌තියක්‌ නැත.

ඔහු හිසේ දැත් ගසාගෙන බිම බලාගත්තේ කළයුතු වෙනත් යමක්‌ නොමැති නිසාය. රොෂාන් අසලට දිව ආ මහත්තුරු එක්‌වරම මන්නා පිහියෙන් ඔහුගේ පිටට පහර පිට පහර එල්ල කළේය. රොෂාන්ගේ හිස දෙපලුවී ගොසින්ය. කපාහෙලූ කෙසෙල් කඳක්‌ මෙන් ප්‍රාණය නිරුද්ධවූ රෙෂාන්ගේ සිරුර මොහොමඩ් ක්‍රීඩාංගණයේ සිමෙන්ති පොළොව මත ඇදවැටුණේය.

කුඩු රොෂාන් ඝාතනය කොළඹ පාතාලය උණුසුම් කළේය. බොරැල්ල පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රගති නිල්මිණි මහතා ඇතුළු නිලධාරීන් රොෂාන් ඝාතනයට සැකකරුවන් සොයා බේස්‌ලයින් ප්‍රදේශය පීරන්නට වූහ. රොෂාන් ඝාතනය කළේ මහත්තුරු ඇතුළු කල්ලිය විසින් බව පොලිසිය ඒ වනවිටත් දැන සිටියහ.

ප්‍රගති නිල්මිණි මහතා ඇතුළු නිලධාරීන් මහත්තුරුගේ නිවස වටලා ඔහු සොයන්නට වූහ. පොලිසියෙන් තමන්ට කොයි මොහොතකවත් ගැලවීමක්‌ නැති බව මහත්තුරු හොඳින් දැන සිටියේය. පොලිසිය වෙත භාරවුවොත් තමන් කළ අපරාධ වැලක තොරතුරු වැමෑරීමට සිදුවන බව දැන සිටි මහත්තුරු අවසානයේ නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණය වෙත භාරවීමට තීරණය කළේය.

කුඩු රොෂාන් ඝාතනය සම්බන්ධයෙන් භාරවූ මහත්තුරු සහ ඔහුගේ කල්ලියේ තවත් සාමාජිකයකු බන්ධනාගාර ගත කරනු ලැබීය. කුඩු රොෂාන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මාස ගණනක්‌ තිස්‌සේ බන්ධනාගාර ගතව සිටි මහත්තුරු ඇප මත මුදාහැරෙන්නේ මීට ටික කලකට උඩදීය.

මරදාන පංචිකාවත්තේදී අනූනවයෙන් දිවි ගලවාගත් මහත්තුරු අද සිටින්නේ දැඩි භීතියෙන්ය. පාතාල අපරාධකාරයන්ට ආයුෂ නැත. පාතාලයේ සැබෑ න්‍යාය එයයි. ලෙයට ලෙයින් පලිගැනීම ද කෙළවර වන්නේ නැත. පාතාලයට පෙම්බැඳි මහත්තුරුට පමණක්‌ නොව සියලුම පාතාලයන්ට හිමිවන්නේ අකල් මරණය පමණි.

හේමන්ත රන්දුණු
« PREV
NEXT »

Facebook Comments APPID