තරුණ ව්‍යාපාරිකයෙකු වන චමින්ද විජයතිලක නැමැත්තා පසුගිය 31වන දින ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක් වන හවුස් චන්ද්‍රා හෝටලයේදී ඝාතනය කර ඇතැයි පොලිස් වාර්තා පවසයි.
නමුත් මෙම ව්‍යාපාරිකයා මියගොස් ඇත්තේ පසුගිය 5වෙනිදා උදැසන බව ඔහුගේ පවුලට සමීප ආරංචි මාර්ග පවසයි.
එසේම ඔවුන් චෝදනා කරන්නේ පොලිසිය සහ හෝටල් හිමියන් එක්ව අදාල සිදුවීම වසන් කිරීමේ උත්සාහයක නිරත වන බවයි.
කෙසේ නමුත් පවුලට සමීප ආරංචි මාර්ග අනුව පසුගිය 31 වැනිදා අදාල ව්‍යාපාරිකයා හමුවන්නේ වම් අතේ අඟල් 9 ක් දිග කැපුම් තුවාලයක්, දත් 4 ක් මුලින්ම උගුල්ලා, හිස්කබල පිපිරී, හිසපිටුපසින් තුවාල වී, දිවේද කැපුම්තුවාල සහිතව ලේ විලක් මැද මරණාසන්නව අදාල හෝටලයේ කාමරයක වැටී සිටිය දීය.
පසුගිය 3 වැනිදා වන විට අදාල ව්‍යාපාරිකයාට දියරමය ආහාරපාන නල මාර්ගයෙන් ලබාදීමට ආරම්භ කළද වෛද්‍යවරුන්ගේ උත්සාහයන් ව්‍යර්ථ කරමින් ඔහු පසුගිය 5 වැනිදා උදෑසන මරණයට පත් වී තිබේ.
කෙසේ නමුත් ඊයේ සවස අධිකරණ වෛද්‍ය ක්‍රියාවලිය වෙත ගල්කිස්ස පොලීසියෙන් ඉදිරිපත් කල වාර්ථාවට අනුව 31 වැනිදා අදාල ව්‍යාපාරිකයා හෝටලයෙන් සොයාගන්නා විටදීත් මියගොස් ඇතැයි වාර්තා කර තිබු බව ඔහුගේ පවුලට සමීප ආරංචි මාර්ග පවසයි.
මෙසේ මිය ගිය ව්‍යාපාරිකයා විවාහ වී ඇත්තේ මීට සති දෙකකට පමණ පෙර වන අතර ඔහුගේ විවාහයට සාක්ෂි ලෙස අත්සන් තබා ඇත්තේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ඔටාරා ගුණවර්ධන මහත්මිය විසිනි.
තවද මෙම තරුණ ව්‍යාපාරිකයා විවාහ වුණු තැනැත්තිය මීට පෙර හමුදා නිළධාරියෙකු සමග විවාහ ගිවිස ගෙන සිටි බවට ද 'ඉරිදා ඇපල්' පුවත්පතේ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
පසුගිය මස 18 වන දින විවාහවී ඇති ඔහු සිදුවීම වන දිනද බිරිඳ සමග එහි සිට ඇති බවට වාර්තා වුවද එය අසත්‍ය බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ. මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ තරුණ ව්‍යාපාරිකයා විවාහ වුණු තැනැත්තිය සඳහන් කලේ තමන් මීට පෙර හමුදා නිළධාරියෙකු සමග විවාහ ගිවිස ගෙන නොසිටි බවත්, තම සැමියාට මරණීය ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ තමන් අදාළ හෝටලයේ සිටි බවට පැතිර ඇති කටකතාත් අසත්‍ය බවත් ය.
වාර්තා වන ආකාරයට අලුත විවාහ වී ඇති ඔහු කළුබෝවිල සරණංකර ප්‍රදේශයේ ඔහුගේ නිවසට යන බව පවසමින් බිරිඳගෙන් වෙන්ව පැමිණ ඇති බවයි.
පසුව මිතුරකුගේ ත්‍රීරෝද රථයකින් අදාළ හෝටලයට පැමිණි ඔහු යළිත් නිවසට නොපැමිණීම නිසා අළුත විවාහයට පත් බිරිඳ ඒ සම්බන්ධයෙන් එම ත්‍රීරෝද රථ මිතුරාට දැනුම් දී තිබෙනවා.
පසුව ඔහු සමග මෙම දෙදෙනාගේ ආදර සම්බන්ධයට උදව් කළ තවත් මිතුරකු හෝටලයට යනවිට ඇතුළතින් අගුළු දමා දොර වසා තිබූ අතර පසුව එම මිතුරන් දෙදෙනාට ඇතුළතට යන විට ඔහු බිම වැටීසිටිනු දැක තිබෙනවා.
කෙසේ නමුත් මෙම තරුණ ව්‍යාපාරිකයෙක් මරණය තවමත් අභිරහසකි.