BREAKING NEWS
latest

728x90

468x60

මාතර - බෙලිඅත්ත අධිවේගයේ ගුවන් පාලම්වල දිග වැඩි කිරීමට අමතර මිලියන 36,000 ක්‌!

මාතර - බෙලිඅත්ත අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගුවන් පාලම්වල දිග වැඩි කිරීම සඳහා අමතර රුපියල් මිලියන 36000 ක්‌ වෙන් කිරීම සැක සහිත බැවින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක්‌ සඳහා කෝප් කාරක සභාවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය. 


කලින් ඇස්‌තමේන්තු කළ ගුවන් පාලම් සඳහා දිග ප්‍රමාණයට අමතරව තවත් කිලෝමීටර් 2.78 ක්‌ වැඩි කිරීමට ආණ්‌ඩුවේ ආර්ථික කළමනාකරණ කමිටුව තීරණය කළේ කුමන වාර්තා පදනම් කරගෙනදැයි සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රශ්න කළේය.

ඉංජිනේරු වාර්තා නොමැතිව කිහිප දෙනෙකුගේ වුවමනාවට මාතර - බෙලිඅත්ත අධිවේගී මාර්ගයේ ගුවන් පාලම්වල දිග වැඩි කර ඇතැයි ද සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා (30 වැනිදා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එසේ දිග වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 36000 ක්‌ වෙන් කර ඇතැයි ද, එවැනි විශාල මුදලක්‌ අමතරව වැය කරන්නේ නම් ජනතාවගෙන් හෝ පාර්ලිමේන්තුවෙන් හෝ විමසිය යුතුව තිබූ බව ද හෙතෙම කීවේය.

මෙයට සම්බන්ධ නිලධාරීන් හා ආයතන කෝප් කමිටුවට ගෙන්වීමට කටයුතු කරන බව ද, මේ ව්‍යාපෘතිය පිළිබඳව කෝප් කාරක සභාවට ඉදිරියේදී ඉදිරිපත් කරන බව ද සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවැසීය.
« PREV
NEXT »

Facebook Comments APPID