BREAKING NEWS
latest

728x90

468x60

පොලිස් පොඩිඩන් 2000කට ලොකු තැන්

පොලිස්පතිවරයාගේද සහභාගිත්වය ඇතිව ජාතික පොලිස් කොමිසම පෙරේදා (7) රැස්වූ අවස්ථාවේ මෙම උසස්වීම් සියල්ල ලබා දිම‍ට තීරණය කැර තිබිණි

ඒ අනුව පොලිස් කොස්තාපල් (රියැදුරු) තනතුරේ සිට සැරයන් රියැදුරු දක්වා 291 දෙනකුට උසස් කැර තිබේ. පොලිස් කොස්තාපල් තනතුරේ සිට සැරයන් තනතුර දක්වා 2071ක්ද උසස් කැර ඇත.

පොලිස් සැරයන් (ප්‍රවාහන) තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා 8 දෙනකු උසස්විම් ලබා ඇති අතර සාමාන්‍ය සැරයන් සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා 190 දෙනකුද උසස්වීම් ලබා තිබේ.

මේ අනුව උසස්වීම් ලබා ඇති පොලිස් පොඩ්ඩන්ගේ සංඛ්‍යාව දෙදහස් පන්සිය හැට දෙනකු බව ජාතික පොලිස් කොමිසම කියයි.

මේ පිරිස අතර සේවයට පැමිණ වසර විස්සකට ආසන්න වූවත් මෙතෙක් උසස්වීම් නොලබා එක තැන සිටින පොලිස් නිලධාරීන් ගණනාවක් සිටින බවද වාර්තා වෙයි.

මීට අමතරව වසර දොළහක කාලයක් ද වසර දහයක කාලයක්ද ආදි වශයෙන් දීර්ඝ කාලීනව උසස්වීම් නොලැබ සිටි විශාල පිරිසකට උසස්විම් ලබා දීමට ‍ජාතික පොලිස් කොමිසම තීරණය කැර ඇත්තේ එම පොලිස් පොඩ්ඩන් ජාතික පොලිස් කොමිසම වෙත එවා තිබූ විවිධ වූ අභියාචනා සැළකිල්ලට ගනිමින් ඒවා විභාග කැර තවද විවිධ වූ නඩු තින්දු වලට එළෑඹ තිබුණත් ඒවා අවසන් වූවත් අදාළ උසස් වීම් ලබා දීම තවමත් ක්‍රියාත්මක නොවි ප්‍රමාද වි තිබූ උසස්විම් ද ඇතුළුව ලබාදිය යුතු වූවත් එසේ සිදු නොවී තිබූ එම උසස්විම් ලබා දීම මෙසේ සිදු වෙයි.

මෙසේ උසස්වීම් හිමි පොලිස් පොඩ්ඩන්ගේ නමි ලයිස්තුව ඊයේ පොලිස් මූලස්ථානය වෙත යවා තිබුණි.

මිට අමතරව පොලිස් සේවයේ නියුතු පොලිස් පරීක්ෂක තනතුරේ සිට ඉන් ඉහළට තිබෙන පොලිස් උසස්වීම් විශාල ප්‍රමාණයක්ද ළඟදිම ලබා දීම සඳහා මේ වන විටත් ජාතික පොලිස් කොමිසම සාකච්ජා කැර ගෙන යයි. එම උසස්වීම් ද වැඩි කාලයක් ගත වීමට පෙර ලබා දිය හැකි බවද ජාතික පොලිස් කොමිසම පවසයි.

මෙම උසස්විම්වලට අදාළව පොලිසියේ එම කණ්ඩායම් විසින් කරන ලද අභියාචනා ඇතුළු දුක් ගැනවිලි ආදිය වසර ගණනාවක් තිස්සේ පොලිස් මූලස්ථානයේ සිර වී තිබුණි.


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ ජාතික පොලිස් කොමිසම එක්ව මෙම දුක් ගැනවිලි පිළිබඳව සොයා බලා විසැදුම් ලබා දීමටව පොලිස් නීති කොට්ඨාශය හරහා වෙනම කණ්ඩායමක් පත්කර එම දුක් ගැනවිලි හය දහසකට වැඩි ප්‍රමාණයකට විසැදුම් ලබා දීමට පියවර ගැනිණි. ඒ අතර සිටි විශාල පිරිසක් ද මෙම උසස්වීම් ලැබූ පිරිස අතර වෙයි.
« PREV
NEXT »

Facebook Comments APPID