BREAKING NEWS
latest

728x90

468x60

උතුර හෙල්ලූ ‘ආවා’ කල්ලි නායකයා කොළඹ කොටුවෙන් ඇල්ලූ හැටි

“අාවා” කල්ලියේ නායකයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, යාපනය කෝපායිහිදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කිරිමේ සිද්ධියට මොවුන් සම්බන්ධ බවට අනාවරණ වී ඇති බවයි.

පොලිස් නිධාරින්ට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන යාපනයේ පදිංචි සත්‍යවේල් කාදන් නිශාන්තන් හෙවත් නිශා වික්ටර් යන අය මෙම සිද්ධියට පැමිණි ප්‍රධාන සැකකරු බවට තොරතුරු අනාවරණ වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔහු ආවා කල්ලිය මේ වන විට මෙහෙයවන තැනැත්තා බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව යි.

ඊයේ උදෑසන පිටකොටුවේදි ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

තවත් පුද්ගලයෙකු පෙරේදා රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයෙනි.

අනෙක් පුද්ගලයින් දෙදෙනා යාපනයේදී අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය‍.

ඔවුන් සතුව තිබී කඩු දෙකක් ද ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට ගෙන තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID