BREAKING NEWS
latest

728x90

468x60

පූජිත් පොලිසිය නිල් පාට කරන්න යයි

කාකි ඇඳුම වෙනුවට නිල් පැහැති ඇඳුමක්‌ පොලිසියට අවශ්‍ය බව තමාට හැඟීගියේ අද කාකි ඇඳුම් සෑම තැනම බහුලව දකින්නට ලැබෙන නිසා යෑයි පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ට ඊයේ (29 දා) පැවසීය.

මෙම කාකි ඇඳුම පොලිසියට පමණක්‌ නොව විවිධ රැකියා සඳහා ද යොදා ගැනීම නිසා අප්‍රසන්න තත්ත්වයක්‌ දකින්නට ඇතැයි පැවසූ පොලිස්‌පතිවරයා ලබන වසර ඇතුළත පොලිස්‌ නිල ඇඳුම කාකි වෙනුවට නිල් පැහැයක්‌ ගන්නා බව සඳහන් කළේය. මෙම නිල් පැහැ නිල ඇඳුම් මැස්‌සවීම සඳහා අදාළ ආයතනවලින් අද හෙටම ටෙන්ඩර් කැඳවන බව ද හෙතෙම කීය.

රථවාහන හැසිරවීමේදී පොලිස්‌ දෙපාර්තමේන්තුවට රියෑදුරන්ගේ මෙන්ම ජනතාවගේ ද සහාය ලැබිය යුතු බව පැවසූ පොලිස්‌පතිවරයා රහස්‌ පොලිසිය හා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය විශිෂ්ට සේවාවක්‌ ඉටුකරන බව ද සඳහන් කළේය.
« PREV
NEXT »

Facebook Comments APPID