BREAKING NEWS
latest

728x90

468x60

ගින්නෙන් පොත්පත් අළුවෙල‍ා - ශිෂ්‍යත්ව විභාගෙට කොහොම හරි යනවා

දෙහිඕවිට අධ්‍යාපන කලාපයෙන් මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින ශිෂ්‍යාවක ඇගේ මව සමග ජීවත්වන කුලී නිවෙස පසුගියදා ඇතිවූ හදිසි ගින්නකින් දැවී අළුවී ගොස් ඇතැයි යටියන්තොට පොලිසිය සදහන් කරයි.

ගින්න නිසා මෙසේ අසරණ තත්වයට පත්ව ඇත්තේ යටියන්තොට ගොමාඩුව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ගීතා නිල්මිණි මහත්මිය සහ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත ඇගේ දියණිය වන කේ.කේ.සංජනා දිමාදි ආරියරත්න යන අයයි.

මේ පිළිබඳ ගීතා නිල්මිණි මහත්මිය මෙසේ කීවාය. අපි දෙන්න ඇදගෙන හිටිය ඇඳුම් පමණයි ඉතිරි වෙලා තියෙන්නෙ. මගේ හැඳුනුම්පත ඇතුළු සියලුම ලියකියවිලි ගෙදර බඩුමුට්ටු අළුවෙලා. දරුවාගෙ උප්පැන්නෙ තිබෙන්නෙ පාසලේ නිසා (විද්‍යාලෝක විද්‍යාලයේ) එය පමණක් ඉතිරිවෙලා තියෙනවා. එයාගේ පොත්පත් නෑ. ඇදුම් නෑ. ඒත් ශිෂ්‍යත්ව විභාගෙට කොහොම හරි යනවා කියල දරුවා කියනවා. අසරණවූ මේ අවස්ථාවේදී යම් කිසිවකුට හැකියාවක් ඇත්නම් උපකාරයක් ඇය බලා පොරොත්තුවන අතර ගීතා නිල්මිණි මහත්මියගේ දුරකථන අංකය - 0726128412 වේ.
« PREV
NEXT »

Facebook Comments APPID