BREAKING NEWS
latest

728x90

468x60

අද රෑ අර්ධ චන්ද්‍රග්‍රහණයක්

අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද (07) සිදුවන අතර එය ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලටද යුරෝපය, අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් බොහෝමයකට දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියයි.
අද නිකිණි පොහෝ දින රාත්‍රී 9.20 ආරම්භ වන චන්ද්‍රග්‍රහණය හෙට අලුයම 2.21 දක්වා සිදුවෙයි. ‍එදින රාත්‍රී 10.53 ට චන්ද්‍රයා පෘථිවියට වඩා අඳුරු වූ පූර්ණ ඡායාවක් තුළින් ගමන් කිරීම ආරම්භ වේ. චන්ද්‍රයා පූර්ණ ඡායාවෙන් ඉවත්වීම පැය 01 යි විනාඩි 55 කින් එනම් මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 48 කට පසුව සිදුවේ.

චන්ද්‍රග්‍රහණය හොඳින් පියවි ඇසට දිස්වන්නේ රාත්‍රී 10.53 සිට එළැඹෙන කාලය තුළය. මෙම චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාව වන රාත්‍රී 11.51 වනවිට චන්ද්‍රයාගෙන් 25% කට ආසන්න ප්‍රමාණයක් පෘථිවි පූර්ණ ඡායාවෙන් වැසී යන්නා සේ දිස්වන බව චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
චන්ද්‍රග්‍රහණයක් නිතරම පාහේ සූර්යග්‍රහණයකට සති දෙකකට පෙර හෝ පසු ග්‍රහණ යුගලයක ආකාරයෙන් ඇතිවන අතර මේ වසරේ අගෝස්තු 21දා ශ්‍රී ලංකාවට දිස්නොවන එහෙත් අමෙරිකාවට දිස්වීමට නියමිත පූර්ණ සූර්යග්‍රහණය මේ වනවිටත් ලොව මහත් ප්‍රසිද්ධියක් උසුලන සූර්යග්‍රහණයක් බවට පත්වී ඇත. ශ්‍රී ලංකාවට දිස්වීමට නියමිත චන්ද්‍රග්‍රහණ දෙක 2018 ජනවාරි 31 සහ ජූලි 27 දිනවල පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස අපට දිස්වනු ඇති බව චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 
« PREV
NEXT »

Facebook Comments APPID