BREAKING NEWS
latest

728x90

468x60

කිරිගරුඩ බුද්ධ ප්‍රතිමා වහන්සේට ජනපතිගෙන් පුෂ්පෝපහාර

මියන්මාරයේ සිට වැඩමකරවන ලද කිරිගරුඩ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය පැවැත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (25) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු විය.

මියන්මාරයේ වෙසෙන ජයන්ත රාජකරුණා මහතා විසින් පරිත්‍යාග කරන ලද මෙම කිරිගරුඩ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය කරා වැඩමකරවීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය පැවැත්වීමෙන් අනතුරුව එය ජනාධිපති නිල නිවසේ සිට අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය කරා වැඩම කරවීම ආරම්භ කෙරිණි.

අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති උතුරු, උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමින්වහන්සේ ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
« PREV
NEXT »

Facebook Comments APPID