BREAKING NEWS
latest

728x90

468x60

මහමග ගමන් ගත් කතගේ අතින් ඇද වාහනයෙන් රැගෙන යැමට තැත් කරලා දොස්‌තර රිමාන්ඩ්

තම දරුවා සමඟ නිවස වෙත යැමට කෑගල්ල පල්ලාදෙනිය හන්දියේ සිටි කාන්තාවකගේ අතින් ඇද යමු යෑයි කියා පවසමින් වාහනයකින් රැගෙන යැමට උත්සාහ දැරූ කෑගල්ල මහ රෝහලේ දන්ත වෛද්‍යවරයකු කෑගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කෑගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩබලන මහෙස්‌ත්‍රාත් යුරේකා විමලජීව මහත්මිය විසින් සැකකරු මේ මස 30 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කරන ලදී.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කෑගල්ල මහ රෝහලේ සේවය කරන දන්ත sවෛද්‍යවරයකු වූ 31 හැවිරිදි විවාහකයෙකි.
පසුගිය 26 දා රාත්‍රි 8.30 ට පමණ මෙම අතවරයට පත් කාන්තාව තම දරුවා උපකාරක පන්තියකට ගෙන ගොස්‌ තම සහෝදරයකු සමඟ නිවස බලා ගොස්‌ ඇත. එහිදී දරුවාට යෝගට්‌ එකක්‌ ගෙනැවිත් දීම සඳහා සහෝදරයා අසල ඇති හෝටලයකට ගොස්‌ ඇති අතර එම අවස්‌ථාවේදී වාහනයකින් පැමිණි වෛද්‍යවරයා එම කාන්තාවගේ අතින් ඇද යමු යෑයි කියා රැගෙන යැමට තැත් කර තිබේ. එවිට එම කාන්තාව කෑගැසීම නිසා අසල්වැසියන් පැමිණ සැකකාර වෛද්‍යවරයාට සහ වාහනයේ සිටි තවත් වෛද්‍යවරයකුට පහර දී කාන්තාව බේරාගෙන ඇත. මෙම අවස්‌ථාවේදී මෙම වෛද්‍යවරුන් දෙදෙනාම බීමතින් සිටි බව ද හෙළි වී තිබේ.

අසල්වැසියන් විසින් මෙම වෛද්‍යවරුන් දෙදෙනා අල්ලාගෙන ගොස්‌ රාත්‍රි 10 ට පමණ පොලිසියට භාරදී අල්ලා දී ඇති අතර එහිදී කාන්තාව විසින් තමාට සිදු වූ අතවරය සම්බන්ධව පොලිසියට පැමිණිලි කර ඇත. පැමිණිල්ල සටහන් කරගත් පොලිසිය වෛද්‍යවරුන් දෙදෙනා හා කාන්තාව ද කෑගල්ල රෝහලට ගෙන ගොස්‌ පරීක්‍ෂා කර ඇති අතර රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් ඔවුන් පරීක්‍ෂා කර මත්පැන් පානය කොට නොමැති බවට වාර්තා කර ඇත. සැකකරුවන්ට පහර දුන් පුද්ගලයන් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් පොලිස්‌ ඇප මත මුදාහැර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කරන ලද පරීක්‍ෂණයේදී අදාළ වෛද්‍යවරයා මේ අතවර සිද්ධියට සම්බන්ධ බව අනාවරණය කරගෙන ඇත.

පසුගිය 25 වැනිදා කෑගල්ල අලපලාවෙල ප්‍රදේශයේ වෛද්‍ය සායනයක්‌ පැවැති අතර එම සායනයේ කටයුතු අවසන් කර එන අතරතුරදී සායනයට සම්බන්ධ වූ වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 12 දෙනකුට අධික පිරිසක්‌ කෑගල්ල නගරයේ ආපනශාලාවකට ගොස්‌ මත්පැන් සාදයක්‌ පවත්වා ඇත. මෙම වෛද්‍යවරුන් දෙදෙනා ද එම සාදයට සහභාගි වී ඇති අතර මෙම සිද්ධිය වූ ස්‌ථානයට අසල හෝටලයකදීත් මත්පැන් පානය කර ඇති බවට ආරංචි පළ වේ.

මෙම සිද්ධියට සම්බන්ධව කෑගල්ල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රගීත් මානවඩු මහතාගේ උපදෙස්‌ පිට වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

කෑගල්ල - එම්. බී. පහලවත්ත, කොටියාකුඹුර - රම්‍යපාල
« PREV
NEXT »

Facebook Comments APPID