BREAKING NEWS
latest

728x90

468x60

සිසුවිය සමූහ දූෂණය කළවුන් බේරීමේ චෝදනාවට විජයකලාගෙන් ප්‍රශ්ණ කිරීමට සූදානම්

ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගෙන් සහ තවත් උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව රජයේ නීතිඥවරයා අද කයිට්ස් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා.

ඒ, යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදියි.

එහි ප්‍රධාන සැකකරු පොලිසියට භාර නොදී මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මේ මස 22 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද අධිකරණය අද නියෝග කළා.
« PREV
NEXT »

Facebook Comments APPID