BREAKING NEWS
latest

728x90

468x60

රතුපස්වල සාක්ෂි නෑතිලු

පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාවට පහරදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සාක්කි එම වකවානුවේදී පොලිසිය විසින්ම විනාශවීමට ඉඩහැර ඇති බව රහස් පොලිසිය ඊයේ (09) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කෙළේය.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම කරුණු අනාවරණය කෙළේය.

රතුපස්වල වෙඩිතැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු පොලිස් නිලධාරීන් වෙනත් පොලිස් නිලධාරීන්ට එම රාජකාරී පැවරීමෙන් සාක්ෂි විනාශවීමට ඉඩහැර ඇති බවද වැඩිදුරටත් සඳහන් කර ඇත. පානීය ජලය ඉල්ලා වැලිවේරිය රතුපස්වලදී ප්‍රදේශවාසීන් විසින් 2013-08-01 දින කළ උද්ඝෝෂණයේදී හමුදා වෙඩි පහරින් මියගිය තිදෙනා සම්බන්ධ නඩුව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ මහතා ඉදිරියේදී අගෝස්තු 09 දින (ඊයේ) කැඳවනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් එවකට සිටි බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එවකට ගම්පහ සේවය කළ සහකාර පොලිස් අධිකාරී මාසිංහ මහතාට මෙහි පරීක්ෂණ භාරදී ඇතත් ඔහු විසින් වෙනත් පොලිස් පරීක්ෂකවරයෙකුට භාරදීම හේතුවෙන් මෙහි සාක්කි විනාශවීමට ඉඩහැර ඇති බව ප්‍රකාශ කෙළේය. ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වන බැව් අධිකරණයට දන්වා සිටියේය. සැකකරුවන් අගෝස්තු 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙළේය.

සිද්ධිය සම්බන්ධව දැනට රක්ෂිත භාරයේ සිටින හමුදා නිලධාරීන් වන ලලිත්ග්‍රේ, අරුණගේ සිරිසේන,ජයසුන්දර තිලකරත්න හා බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන යන අය 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග විය.
« PREV
NEXT »

Facebook Comments APPID