BREAKING NEWS
latest

728x90

468x60

Blue Mountain එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමට අභිමානයෙන් එක්වේ

ක්‌සත් ජාතීන්ගේ 12 වැනි වෙසක්‌ දින සැමරුම් උළෙල හෙට( 12)  කොළඹදී  ආරම්භවේ.

සෑම වසරකම මැයි මස වෙසක් මස  පුර පසළොස්වක පෝය දිනට වෙසක් උත්සවය යෙදෙන අතර  එය ආගමානුකූලව නිදහසේ සැමරීම සදහා ශ්‍රී ලංකාවාසී ජනතාවට දින දෙකක් ජාතික නිවාඩු දින ලෙස ලබාදේ. මෙලෙස 1999දී වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස එක්සත්  ජාතීන්ගේ සංවිධානයෙන් නිර්දෙශ කර ගැන්මට දිවංගත හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා සිදු කළ මෙහෙය මෙහිදී අමතක කළ නොහැකිය. එතුමාගේ උත්සාහයන් නිසා වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු  දිනයක් බවට පත්කර ගැනීමට හැකිවූ අතර වෙසක් දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත්කිරීමට සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කොට් මැතිතුමාගේ මෙහෙවර ද ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුය.

ශ්‍රී ලංකාව වූ කලී ලොව පෞඩ ඉතිහාසයකට උරුකම් කියන බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය ලත් පෙරදිග ලෝකයේ සුවිශේෂී රාජ්‍යයෙකි.

බුද්ධ ධර්මයට ප‍්‍රමුඛස්ථානය හිමිවන ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ බෞද්ධ  සංස්කෘතික හර පද්ධතීන් හා අංග ලක්ෂණයන්ගෙන් සැදුම්ලත් අභිචාර විධි හා පූජෝත්සව ආදිය අනාදිමත් කාලයක සිට පරම්පරානුගතව පැවත එනු ලබයි. ක්‍රි.පූ. 3 වන සියවසේ දී නොහොත් බුද්ධ වර්ෂ 236 දී සිදු වූ මහින්දාගමනයෙන් පසුව මේ ආකාරයට බුදු සමයේ බලපෑම මත එතෙක් මෙරට පැවැති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියක් බවට පරිවර්තනය වූ බව ඓතිහාසික සාධක මඟින් සනාථ වෙයි.

මෙසේ දඩයම් යුගයක ජීවත් වූ මානවයා ක‍්‍රමයෙන් බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට අනුගතව ආගමික උත්සව පැවැත්වීම කෙරෙහිද වැඩි රුචිකත්වයක් දැක්වූහ. අවිහිංසාව, ශ‍්‍රද්ධාව ආදිය මූලික කරගත් මෙම බෞද්ධ පූජෝත්සවයන් තුළින් අපේක්ෂිත ප‍්‍රමුඛ පරමාර්ථය වූයේ ආගමික හැඟීම් මානව හදවත්වලට සමීප කරවමින් ඔවුන්ගේ සිත කය වචන යන ත‍්‍රිවිධද්වාරයෙහි සංවරය ඇති කිරීමයි. අනුක්‍රමයෙන් සංඛ්‍යාත්මකව වැඩිදියුණු වී ගිය මෙබඳු උත්සව වසර පුරාම මහත් හරසරින් පවත්වන තත්වයක් උදාවිණි. අනුරාධපුර යුගයේ පටන්ම ක්‍රමවත් පදනමක් යටතේ ඇරඹි මෙම උත්සව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තදින්ම මුල් බැස ගත්තේ ඒවායෙහි පවත්නා උසස් ආගමික, දාර්ශනික හා සංස්කෘතික වටිනාකම් නිසාය.

මෙකී උත්සව අතුරින් තවත් දින කිහිපයකින් උදා වන බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරමින් සමරනු ලබන වෙසක් උත්සවය බෞද්ධ ජනතාව සාම්ප්‍රදායානුකුලව සිදුකරනු ලබන ජාතික උත්සවයකි. ගෞතම බුදුරාජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන තෙමගුල් අනුස්මරණය කරමින් ශ‍්‍රී ලාංකික බෞද්ධ ජනතාවට පමණක් නොව ලෝකය පුරා සිටින සුවහසක් බෞද්ධ ජනයා එකී රටවලට අවේනික වූ සම්ප්‍රදායන්ට අනුකූලව ෙවසක් උත්සවය සමරනු ලබයි. මෙය ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට පසුව උදාවන තවත් වැදගත් වූ ජාතික ආගමික උත්සවයකි.

Blue Mountain එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමට අභිමානයෙන් එක්වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපල වෙලද නාමයක් වන Blue Mountain මෙවර ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමේ කොටසකාරයෙකු බවට පත්ව තිබේ.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් දින සැමරුම් උත්සවය සඳහා Blue Mountain එක්ව ඇත. ඒ අනුව ජාත්‍යන්තර වෙසක් උත්සවය පැවැත්වෙන ස්ථානයේ සිට ජඉන් මිත්‍රත්ව පාර සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත දෙපස අලංකාර වෙසක් කූඩු 600කින් ඒකාලෝක කිරීමට බලාපොරොත්තු වෙයි. අඩි 06කින් පමණ උසැති නෙළුම් මල් සහ දාගැබ් හැඩති වෙසක් කූඩු සෑම මීටර 06ක් දුරින් අලෝකමත් වනසේ වෙසක් අසිරිය විදගැනීමට පැමිණෙන අයට දැකගත හැකි වනු ඇත.

මේ පිළිබදව අදහස් දැක්වූ Blue Mountain  සමාගමේ සභාපත් ආචාර්ය හිරාන් හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ ලොවපතල ඉඩම් වෙළදාම් ආයතනයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම හා අත්වැල් බැද ගැනීමට හැකිවීම මහත් වරප්‍රසාදයක් බවයි. නිවාස ඉදිකිරීම් ශ්‍රේෂ්ත්‍රෙය් ශ්‍රී ලාංකීය සලකුණ ලෙස Blue Mountain  සමාගම මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම සැමරීමට අභිමානයෙන් එක්වන අතර සියළු ශ්‍රී ලාංකීයයන් එය නැරඹීමට සහ එහි අසිරිය විද ගැනීමට එක්සත් ජාතීන්ගේ වෙසක් කලාපයට  පැමිණෙන ලෙස ඹහු ආරාධනා කර සිටී

Blue Mountain මහල් නිවාස උසස් ප්‍රමිතියෙන් නිර්මාණය කර සාධාරන මුදලකට පාරිභෝගිකයන්ට පිරිනැමේ.



































« PREV
NEXT »

Facebook Comments APPID