BREAKING NEWS
latest

728x90

468x60

පෙම්වතාගේ අතහැර ගිය බිරිඳ මරණයට ගාවන්න "පෙම්වතාගේ පහරින් මියගිය තරුණියගේ මව කළ බොරුව"

ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් පහර දී ඝාතනය කර හදිසි අනතුරකට ලක් වූ බව පවසා බළපිටිය මූලික රෝහලට බාර දෙන ලද ඌරගස්මන්හන්දිය, යටගල ප්‍රදේශයේ තරුණියගේ ඝාතනයට සම්බන්ධ බව කියන ඇයගේ පෙම්වතා ඊයේ (15) පෙරවරුවේ ඌරගස්මන්හන්දිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ (15) සවස ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජනක රුවන්පුර වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2018 ජූනි මස 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළේය.

ටෙලි නිළියක් ඇතුළු කතුන් 7ක් ගණිකා වෘත්තියේ යෙදි සිටියදී කොටුවේ


ගම්පහ, කිඩගම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් ගම්පහ මූලස්ථාන ‍පොලීසි මගින් පසුගිය 10 දා අලුයම වටලා එහි ගණිකා වෘත්තියේ යෙදුනු බව කියන ටෙලි නාට්‍ය නිළියක් ඇතුළු කාන්තාවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හෝටලය පවත්වා ගෙන ගිය එහි කළමනාකරු ඇතුළු අනන්‍යතාවය ඔප්පුකර ගැනීමට නොහැකි වූ එහි සිටි පිරිමින් 8 දෙනෙකුද සැකපිට ‍පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එල්ලුම්ගට නියමවී සිටින වෙලේ සුදා තවමත් වැඩ - කෝටි 2 1/2 ක කුඩු පිළියන්දල නිවසකින් හමූවු හැටි

හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේ සුදා නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාට අයත් රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක්‌ පිළියන්දල ප්‍රදේශයේ නිවසක තිබියදී පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් පෙරේදා (14 දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හෙරොයින් තොගය සඟවා ගෙන සිටි වෙලේ සුදාගේ සමීපතම ගෝලයකු ද අත්අඩංගුවට ගත් අතර ඔහු සතුව තිබී ගිනි අවි දෙකක්‌ ද පොලිස්‌ භාරයට ගෙන තිබේ.

වෙලේ සුදාගේ උපදෙස්‌ මත මෙම හෙරොයින් බෙදාහැරීම සිදු කරගෙන යන බවත් වෑන් රථයකින් පැමිණෙන නාඳුනන පුද්ගලයකු තමාට මෙම හෙරොයින් තොග ලබාදෙන බවත් සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

ට්‍රම්ප්-කිම් සමුළුවේදී මාධ්‍යවේදීන්ට දුන් USB උපාංගය 'සයිබර් ආරක්ෂාවට තර්ජනයක්'

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර සිංගප්පූරුවේ දී පැවති ඓතිහාසික සමුළුවට පැමිණි මාධ්‍යවේදීන් වෙත USB උපාංගයක් සවි කළ පංකාවක් ලබා දීම ගැන සයිබර් ආරක්ෂක විශේෂඥයෝ විශ්මය පළ කරති.

එසේ ලබාදුන් USB උපාංග වාර්තාකරුවන්ගේ පරිගණකවලට සවි කිරීමෙන් අනිෂ්ට මෘදුකාංග (Malware) ඇතුළු විය හැකි බවට ඇතමුන් අනතුරු අඟවා තිබේ.

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ සියලුම ප්‍රතිකාර වියදම් ආණ්ඩුවෙන්

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ ප්‍රතිකාර සඳහා වැයවෙන සියලුම වියහියදම් ආණ්ඩුව මඟින් දරන බව බුද්ධශාසන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා  පැවැසීය.

සෞදි රියදුරු බලපත හිමිවූ පළමු යුරෝපා කාන්තාව මෙන්න

සෞදි කාන්තාවන්ට රිය පැදවීම සඳහා නීත්‍යානුකූල රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සෞදි රජයේ වැඩපිළිවෙළ යටතේ එලෙස රියදුරු බලපත්‍රය ලබා ගත් පළමු යුරෝපා කාන්තාව ලෙස පින්ලන්ත ජාතික කාන්තාවකට අවස්ථාව හිමිව ඇත.

මෙම ලෙස සෞදියේදී රියදුරු බලපත්‍රය හිමි කරගත් පළමු යුරෝපා කත වූයේ ලෝරා අල්හෝ නැමැති පින්ලන්ත කාන්තාවකි.

සෞදියේ බ්ලූ අබයා නැමති සංචාරක බ්ලොග් පිටුවක සංස්කාරකවරියක වන ලෝරා කියා සිටියේ තමාට රියදුරු බලපත්‍රය නිකුත් කරමින් ,තමන් මෙලෙස බලපත්‍රයක් හිමි කර ගත් පළමු යුරෝපීය කත වන බව සෞදි බලධාරීන් කියා සිටි බවය.

උද්‍යානයක පෙම්සුව විඳිද්දී පෙම්වතාගේ යතුරුපැදිය උස්‌සලා

යතුරුපැදියෙන් පැමිණ එය ගාල්ල ධර්මපාල උද්‍යානය ඉදිරිපිට නතරකොට තම පෙම්වතිය සමග එම උද්‍යානයේ පෙම්සුව විඳිමින් සිටියදී පෙම්වතාගේ යතුරුපැදිය සොරකම් කරගෙන ගොස්‌ ඇති බව ගාල්ල පොලිසිය පවසයි.

කෝටිපතියා මරා මීගමුව කලපුවේ ගිල්ලවූ සීදුවේ "ෂා" සංගීත කණ්‌ඩායමේ 4 දෙනාට ඇප නෑ

තම කලණ මිතුරාගේ රු. කෝටියකට වඩා වටිනා මෝටර් රථය පැහැරගෙන කොටස්‌වලට ගලවා විකුණා ජොලි කිරීමේ අරමුණෙන් කලණ මිතුරාගේ ගෙල වයර් පටියකින් සිරකර මරා දමා ඔහුගේ සිරුර මීගමුව කලපුවේ ගල් බැඳ දමා ගිල්වූ බව කියන සීදුව "ෂා" නමැති ගායක කණ්‌ඩායමේ නායකයා වන ප්‍රධාන ගායකයා ඇතුළු එම කණ්‌ඩායමේ සාමාජිකයන් සිව් දෙනාට ඇප ලබාදීම ප්‍රතික්‌ෂේප කළ මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් නිල්මිණි රන්කොත්ගේ මහත්මිය එම සැකකරුවන් 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරෙන ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වය ගැන දැනුවත් වෙමු

දකුණේ කුඩා දරුවන් අතරේ පැතිර යමින් ආරම්භ වූ ඉන්ෆ්ලුවන්සා වෛරසය මේ වෙනවිට තරමක් බරපතල තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියනවා. මේ වෙද්දි ඉන්ෆ්ලුවන්සා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගිහිල්ලා. මෙවැනි තත්ත්වයක් යටතේ අපි කවුරුත් මේ භයානක වෛරසය ගැන අවබෝධයක් අරගෙන එයින් ප්‍රවේසම් වීමට, එය පැතිරීම වැළැක්වීමට සහ නිසි ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දු වීමට වග බලාගත යුතුයි.

ඒ සඳහා ඔබව දැනුවත් කරන්න අවශ්‍ය තොරතුරු තමයි මේ ලිපිය මගින් අපි ඔබට ගෙන එන්නේ.

මේ වන විට දරුවන් අතරේ සීඝ්‍රයෙන් පැතිර යන්නට පටන් ගෙන ඇති වෛරස් උණ රෝගය ඉන්ෆ්ලුවන්සා ඒ හැටියට හඳුනාගන්නට සමත් වෙලා තියනවා. ඉන්ෆ්ලුවන්සාව කියන්නේ වෛරසයකින් බෝවන රෝගයක්. කතා කිරීමේදී, සිනාසීමේදී, කිවිසුම් යැවීමේදී සහ කැස්ස හරහා පිටවෙන කෙළ බිඳිති, හොටු මගින් මේ රෝගය පැතිරයාමේ අවදානමක් තියනවා.

යතුරු නැතිව පණ ගන්වන වාහන නිසා මරණ රැසක්

යතුරක් නොමැතිව පණ ගැන්විය හැකි මෝටර් රථවල එන්ජිම නැවැත්වීමට අතපසු වීම නිසා රථය ඇතුළත එකතු වුණ කාබන් මොනොක්සයිඩ් වායුව විෂ වී පුද්ගලයන් ගණනාවක් මිය ගොස් ඇති බව 'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත් වාර්තාවක දැක්වේ.

එම වාර්තාවේ සඳහන් වන පරිදි 2006 වර්ෂයේ සිට මේ දක්වා පුද්ගලයන් 28 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 45 දෙනෙකු තුවාල ලබා ඇත.

ලොකු පුටුවක් ගැන අනාවැකියක් ඇවිත්

හිටපු ලොකු තැන පසුගියදාක පක්ෂයෙ කස්ටියගෙ රැස්වීමක මුලසුනේ හිටිය. රැස්වීම ඉවරවේගෙන යද්දි මේසෙ වටේ හිටියෙ කිහිපදෙනයි. ඒ ඔක්කොම දියවන්නා කවුන්සිල් කස්ටියලු...

දේශපාලන ආ ගිය කතා කිය කිය ඉන්න අතරෙ හිටපු ලොකු තැන ජ්‍යොතිෂය ගැන කතා කරන්නත් පටන් ගත්ත කියමුකො... කවදත් ජ්‍යොතිෂයට කිට්ටු උන්නැහේ 2015 ඡන්දෙට කලින් දකුණු ආසියාවෙ ඉන්න ප්‍රබලම දෛවඥයෙක් තමන්ට කියූ අනාවැකියක් මතක් කළා...

ජන වර්ග සමූල ඝාතනය ලෝකයට හඳුන්වාදුන්නේ ඉංග්‍රීසීන්

16 සහ 17 වැනි සියවස් සැලකෙන්නේ ලෝක දේශපාලනයේ විසල් පරිවර්තන සිදුවූ යුගයක් ලෙසය. එහිදී විශේෂ සංසිද්ධියක් වන්නේ යුරෝපයේ ජනගහනය මහා ප්‍රවාහයක් සේ ලොව පුරා පැතිර යෑමය. යුරෝපීය රාජ්‍යයන් තුළ එතෙක් පැවැති සමාජ, ආර්ථික සබ¼දතා ජනගහනයේ වර්ධනයට සාපේක්ෂ්ව ප්‍රමාණවත් නොවීය. 1750දී බි්‍රතාන්‍යය ප්‍රමුඛ යුරෝපීය රාජ්‍යයන්හි ජනගහන එකතුව කෝටි 140ක්වූ අතර 1800දී කෝටි 180ක්ද, 1850දී කෝටි 266ක්ද 1900 කෝටි 401ක්ද වශයෙන් ඉහළ ගියේය.

මිනිස් සංඛ්‍යාවේ ඒ සා මහත් වැඩිවීමක් ඕනෑම සමාජ දේශපාලන ක්‍රමයකට දැඩි බලපෑමක් සිදුවේ. මෙම ජනගහන වැඩිවීම ලෝක ඉතිහාසය එතෙක් ගත් මඟ වෙනස් කළේය.

කෙල්ලන්ගේ ඇඟ දිහා බලලා ගති ගුණ හොයාගන්නේ මෙන්න මෙහෙමයි

ස්ත්‍රී දේහ ලක්ෂණ වලින් හෙළි කරන රහස් බොහොමයක් තියෙනවා.ඒවායින් කිහිපයක් ගැන කියන්නම්කෝ. ඔයත් බලන්න මේ ලක්ෂණ ඔයාටත් තියෙනවද කියලා.
පාද
මොලොක් පැතලි මස් වැඩුණු රත් පැහැ පාද ඇති ස්ත්‍රිය ගුණ ධර්මයන් වඩන රාජ භාර්යාවක් වන්නේය. රළු වියළි පා ඇති ස්ත්‍රිය අවාසනාවන්තියකි. පයේ මාපට ඇගිලි උස්ව පිහිටා තිබෙයි නම් බොහෝ සැප ලබන්නියකි. ගමන් කරන කල්හි දූවිලි ඇවිස්සේ නම් අවකල් ක්‍රියාවෙහි යෙදෙන ස්ත්‍රියක්ය. පා ඇගිලි එක පිට නැගී සිටීම වැන්දඹු ලක්ෂණයකි.

වැරදි කරල හමාරයි - ලංකාවෙ පාරවල්වලට අළුතෙන් එන ගැජට් එක RFID ගැන මෙන්න

වාහන හඳුනා ගැනීම මගින් නීතිය ක්‍රියාත්මක කිරීමට, මහා මාර්ග තදබදය ගැන තීරණ ගැනීමට හා එය කළමනාකරණය කිරීමට ආර්.එෆ්.අයි.ඩී. තාක්ෂණය [ Radio-Frequency Identification (RFID) ] ශ්‍රී ලංකාවේ මාර්ගයන්ට හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

කර්නල් රත්නප්‍රිය බන්දු මහතා කිලිනොච්චියෙන් ස්ථානමාරු ලබා දමිල ජනයා හඩා වැලෙපයි

කිලිනොච්චි හි සේවයේ නිරත වූ කර්නල් රත්නප්‍රිය බඳු මහතා ට ලැබුණු මාරුවීම මත කිලිනොච්චියේ සේවයෙන් ඉවත්ව යන දිනයේදී අතිවිශාල දෙමල ජනතාවක් පැමිණ හඬා වැටුණු අයුරු දැක්වෙන චායරුප සහ වීඩියෝ අන්තර්ජාලයට එක්ව තිඛෙනවා. ලොකු, කුඩා , මහලු, කාන්තා සහ පිරිමින් ඔහු ඉදිරියේ කුඩා දරුවන් සේ හැන්දෑ වැටෙනෙ විඩියෙේ දර්ශන මේ වන විට සමාජ මාද්‍ය වල දක්නට ලැඛෙනවා.

ටීන ඇදුන් අදින්නෙ කාට කාට ඔ්න විදුයට ද? | Teena Shanell Fernando

මේ දවස්වල මමයි, පියුමියි, අමායයි තමයි ගොඩාක් අයගේ මාතෘකාව. ලස්සන ඇඟවල් නැති, ලස්සන ඇඳුම් අඳින්න බැරි අය අපිව විවේචනය කරනවා. අපි නිළියෝ, අපි නිරූපිකාවෝ. අපිට ලස්සනට අඳින්න බැරිද ? ඒ ඇඳුම් ලස්සනයි කියලා ගොඩක් අය කිව්වා.

චන්දිමාල්ගේ බර්ත් ඩේ පාර්ටි එකට ගිහින් අපිට ඩාන්ස් කරන්න අයිතියක් නැද්ද ? අපි නිළියෝ කියලා ගිහින් ඉදගෙන ඉන්න ඕනේ නැහැ. චන්දිමාල්ගේ බර්ත් ඩේ පාර්ටි එකේ අපි කරපු ඩාන්ස් එක අපි ඇදපු ඇදුම් තමයි විවේචනයට ලක් වෙන්නේ. මේ රටේ මිනිස්සුන්ගේ ඔළු හදන්න බෑ.

නිවසකට පැන සිසුවකුට හදි කරල

නිවසකට අයුතු ලෙස ඇතුළු වී අවුරුදු 16 ක්‌ වයසැති පාසල් සිසුවකුට ලිංගික අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු ලබන 13 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය ඉකුත් 07 වැනිදා නියම කළාය.

“Game Of Thrones”හි රඟපෑ හොලිවුඩ් නළු නිළි දෙපළ විවාහයට දින නියම කරගනී

“Game Of Thrones” එක්ව රඟපෑ සුප්‍රකට හොලිවුඩ් නළු නිළි දෙපළක් වන Kit Harington හා Rose Leslie ඔවුන්ගේ විවාහයට දින නියම කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රියංකා චොප්රා පාකිස්ථානයෙන් සමාව ගනී | Priyanka Chopra

Quantico කතා මාලාව හරහා ජනප්‍රිය වී සිටින ප්‍රියංකා එම කතා මාලාවේ එෆ්.බී.අයි. පරීක්ෂකවරියක වන ඇලෙක් පෙරිෂ්ගේ චරිතයට පණ දෙයි. මේ වනවිට තිරගත වන්නේ Quantico කථා මාලාවේ තෙවැනි වැඩසටහන් පෙළය. ත්‍රස්තවාදියකු ග්‍රහණයට හසු කර ගැනීම සඳහා පසුගිය දා විකාශය වූ කතාංගයේ, ඇමෙරිකාවේ බෝම්බ පිපිරීමක් සිදුකර එහි චෝදනාව පකිස්තානය පිට පැටවීමට ප්‍රියංකා චොප්රාගේ ඇලෙක් පෙරිෂ් චරිතය බොරු සැලැස්මක් ඉදිරිපත් කරයි.