BREAKING NEWS
latest

728x90

468x60

පියා පැදවූ වෑන් රියට තුන්හැවිරිදි දියණිය බිලි

පියා පැද වූ වෑන් රථයට යටවී ඊයේ (3) උදේ කුඩා දැරියක් මියගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ වීරකැටිය අත්තනයාලේ පදිංචි දිල්සරා තිලක්ෂණී අබේවික්‍රම නැමති අවුරුදු තුන හමාරක් වයසැති දැරියකි.

ශෙඩ් වල තෙල් නෑ – කට කතාවක් නිසා පෙට්‍රල් අර්බුදය උග්‍රවෙයි

ඉන්ධන හල් හිමියන්ට ඉන්ධන (පෙට්‍රල්) ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් කොළඹ නගරයත් කොළඹට තදාසන්න බොහෝ ඉන්ධන පිරවුම්හල් තුළත් පෙට්‍රල් හිඟයක් නිර්මාණය වී තිබේ. මේ අතර කුරුණෑගල හා පේරාදෙණිය ඉන්ධය බෙදා හැරීමේ මධ්‍යස්ථානයන් තුළ ඉන්ධන අවසන් වී ඇති බවත් සඳහන්ය.

ආ නංගි උඹලා දැන් හොඳට කනවා බොනවා නේද දැන් ලොකු මිනිස්සු නේ - කතට විහිළු කරන්න ගොස් දෙදෙනෙක් අවසන් ගමන් ගිය හැටි

මහමග යමින් සිටි කාන්තාවකට විහිළුවක්‌ කිරීමට ගොස්‌ එය බහින් බස්‌වීමක්‌ දක්‌වා දුරදිගයාමෙන් අනතුරව විහිළු කළ පුද්ගලයා කාන්තාවට පිහියකින් කොටා ඝාතනය කිරිමත් සමග එය දුටු කාන්තාවගේ සැමියා කාන්තාවට කෙටූ පුද්ගලයාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය පුළුල් පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇත.

31 දා ගොකරැල්ල පොලිස්‌ බල ප්‍රදේශයට අයත් මැල්සිරිපුර පල්ලියද්ද හැවනතැන්න ගම්මානයේ කාන්තාවක්‌ සිය නිවස බලා යමින් සිටියදී මහ මගදී හමුවූ පුද්ගලයෙකු මෙම කාන්තාව දෙස බලා ආ නංගි උඹලා දැන් හොඳට කනවා බොනවා නේද දැන් ලොකු මිනිස්‌සු නේ යනුවෙන් පැවසිමත් සමඟ ඊට එම කාන්තාව සැරෙන් පිළිතුරු දීමත් සමගඟ ඇතිවූ බහින් බස්‌වීමකදී උරණ වූ විහිළු කළ පුද්ගලයා සිය නිවසේ තිබූ මන්නා පිහියක්‌ ගෙන කාන්තාව පන්නාගෙන ගොස්‌ ආමානුෂික ලෙස කොට බරපතල තුවාල සිදුකර ඇති අතර කාන්තාව බේරාගෙන රෝහල් ගත කිරීමට ගම්වාසීන් විසින් උත්සාහ දැරුවද සැකකරු ගම්වාසීන්ටද මරණ තර්ජන එල්ල කිරීම නිසා ගම්මු බියට පත් වී ඇත.

පින් පෙට්ටිය වෙනුවට මිනී පෙට්ටියක් ඇති දඹුල්ලේ අරුම පුදුම පන්සල

පින් පෙට්ටියක් වෙනුවට මිනී පෙට්ටියක් තැන්පත් කර ඇති අපූරු විහාරස්ථානයක් ගැන දඹුල්ල වෑවල වැව මොරගොඩ මූකලාන ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

සාමණේර හිමිවරු තුන්නමක් වැඩ සිටින ‘ශ්‍රී සුගතාභිනවාරාම’ නම් එම විහාරස්ථානයේ මිනී පෙට්ටියක් තැන්පත් කර තැබීමට හේතුව කුමක් දැයි විහාරාධිපති කොස්ගහහින්නේ ජිනානන්ද හිමියන්ගෙන් ඊයේ (5දා) කළ විමසීමේදී උන්වහන්සේ මෙසේ පැවැසූහ.

ෆේස්බුක් - සැකය සහ පවුල් අවුලට විසදුම මෙන්න

“පවුලක සතුට” ජීවත්වීම සඳහා ලබා දෙන පන්නරයක්‌ ලෙසින් පිළිගත හැකිව තිබේ. එහෙත් අද වන විට බොහෝ පවුල් ජීවිත දෙදරායන්නේ පවුලේ සතුට ඈත්වීම නිසාවෙනි. දික්‌කසාද දක්‌වා නොගිය ද බොහෝ පවුල් තුළ සතුටක්‌ නැති ජීවිත ගත කරන තත්ත්වයක්‌ දක්‌නට ඇත.
පසුගිය වසර කීපය ඇතුලත දික්කසාද නඩු බොහෝමයකට හේතු ලෙස සඳහන් කොට තිබුනේ සැමියගේ හෝ බිරිඳගේ සැකය සහ අවිශ්වාසය පදනම් කරගෙන ඇති වූ ආරවුල්ය.

ලහිරුගේ මගුල දවසෙ සුපිරි නලු ගිහාන් කියපු රැප් සින්දුව ඇතුලු වෙච්ච දේවල් මෙන්න මෙන්න

නිවේදන ශිල්පියෙක් විදිහට වගේම නිෂ්පාදකවරයෙක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්තු චරිතයක් තමයි ලහිරු මුදලිගේ කියන්නේ.

මෑතකදි ඉහළටම ආපු මියුසික් වීඩියෝස් බොහොමයක් ළහිරුගේ නිෂ්පාදනයෙන් එළිදැක්වු නිර්මාණයි.

සෞදී අරාබිය සියළු ආගම් වලට විවෘත වෙන ළකුනු..? – සෞදී කුමරුගෙන් තීරණයක්

සෞදී අරාබිය අන්තවාදී ඉස්ලාමිය නොවන රාජ්‍යයක් බවට පත්කිරීමට කටයුතු කරන බවට හා මධ්‍යස්ථ ඉස්ලාමිය රටක් බවට නැවතත් පත්කරීමට කටයුතු කරන බවට සෞදී අරාබියේ ඔටුන්න හිමි කුමාරයා පවසා ඇත.

සෞදී අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමඩ් බින් සල්මාන් (Mohammed bin Slaman ) කුමාරයා මෙසේ පවසා ඇත්තේ සෞදී අරාබියේ රියාද් නගරයේ පැවැත්වූ Future Investment Initiative සම්මන්ත්‍රණයේ සමාරම්භක දේශනය පවත්වමිනි.

ලෝක බොක්සිං ක්‍රීඩාවට සමුදී බුදු දහම වැළඳගත් තායිලන්ත බොක්සිං ශූරයා

අද හගක් තරුණ හදවත් බුදුදහමට නැඹුරුවෙලා තියෙනවා.

පසුගිය දවස් ටිකේම පැවිදි දිවියට ඇතුලත් වුණු තරුණ තරුණියන් කිහිප දෙනෙකු ගැනම අපි ඔබට කිව්වා.

එයා මගේ යාලුවෙක්ගේ අම්මා කෙනෙක් ටෙස්ට් දිනලා එක්දින තරගඟ පැරදුනේ ගංගා මෑණියෝ නිසාද? - චන්දිමාල් කතා කරයි


ඕනම ආගමකින් කරන්නේ මිනිසුන්ට ආශිර්වාද කරන එක. කිසිම ආගමකින් නරක දේකට අනුබල දෙන්නේ නැහැ. ගංගා මහත්මිය නෙමෙයි ස්වාමින් වහන්සේ කෙනෙක් හරි වෙන ඕනම ආගමක පූජකවරයෙක්, ස්වාමිවරයෙක් මට ආශිර්වාද කරනවානම් ඒ ආශිර්වාදය ගන්න මම ලෑස්තියි. ආශිර්වාද ලබාගන්න එක එක් එක් පුද්ගලයා අදහන ආගම අනුව, එක් එක් පුද්ගලයාට අදාළ දෙයක්. මම හිතන්නේ අපි හැමෝටම ජීවිතයේ ආශිර්වාද ඕන. අපි ඕනම දේකට යනකොට ආශිර්වාද ලබාගන්නවා යැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

කුසල්,අසේල,මැතිව්ස් ඉන්දියාවට එරෙහි ශ්‍රි ලංකා සංචිතයට

පසුගිය ඉන්දීය තරගාවලියේදී හා ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ආබාධයට ලක් වූ තුන් ඉරියව් ක්‍රිඩක අසේල ගුණරත්න , ආරම්භක පිතිකරුවෙකු හා කඩුළු රකින ක්‍රිඩක කුසල් ජනිත් පෙරේරා සහ හිටපු නායක ඇන්ජලෝ මැතීව්ස්ගේ ආබාධයන් මේ වන විට සම්පූර්ණයෙන් සුව වී ඇති බව වාර්තා වෙනවා.

තෙල් මිල අඩු කරයි ?

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉදිරි සති කිහිපය ඇතුළත අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

සංරක්‌ෂණය කොට ආරක්‌ෂා කළ යුතු බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි නිවස


මහා රට්‌ඨගුරු අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි ජන්මලාභය ලද පින්බිම සතු එම නිවහන මේ වනවිට ගරා වැටෙමින් පවතින වග එතනින් එහා මෙහා යනවිට එතුළට ගොඩ වැදුන විට හැඟේ.

කොහොමත් වැඩි පුරාවිදු වටිනාකමක්‌ ඇති එම පින් බිමට ගොඩවන්නට ඉකුත් සතියේ මට අවස්‌ථාවක්‌ ලැබිණි.

කොතරම් එතනින් එහා මෙහා ගියත් එවන් තැනක්‌ එහිවූ වග දැනුනේ දිගු කලකිනි.

මිහින්තලේ රංග චතූ ටීපර් රථයක්‌ හා යතුරුපැදියක්‌ ගැටී යුද හමුදා සෙබළෙක්‌ මරුට

මාවනැල්ල ප්‍රදේශයේ සිට කන්තලේ බලා එමින් සිටි ටීපර් රථයක්‌ කන්තලේ සිට 87 ප්‍රදේශය බලා ගමන් කරමින් තිබූ යතුරුපැදියක (29 දා) ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් යුද හමුදා සෙබළෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස්‌ ඇතැයි කන්තලේ පොලිසියේ රථවාහන අංශය කියයි.

ජීවිතක්‌ෂයට පත්ව ඇත්තේ 87 ප්‍රදේශයේ පදිංචි මන්නාරම යුද හමුදා කඳවුරේ සේවය කරන ඩබ්. එන්. ඩී. දිනේෂ් තරංග (30) නම් අවිවාහක සෙබළෙකි.

හිඟුරක්‌ගොඩ වෙහෙරගල ගෙවත්තකට තඩි කිඹුලෙක්‌ ඇවිත්

හිඟුරක්‌ගොඩ, කවුඩුල්ල වෙහෙරගල ප්‍රදේශයේ පිහිටි ගෙවත්තකට පෙරේදා (29 දා) උදේ පැමිණ සිටි දැවැන්ත කිඹුලෙකු ගම්වාසීන් විසින් අල්ලා ගෙන වනජීවී නිලධාරීන්ට භාරදී ඇත.

සමේ පැහැපත් බව ඇති කරන පේර

පේර, හීන් පෙර, කොන්ඩ පේර, ඇපල් පේර, කිලෝ පේර වශයෙන් වර්ග වේ.

මේ මිහිකතේ සෑම ප්‍රදේශයකම පේර ගස්‌ බෝවී සරුව වැඩෙනු ලැබේ. පේර වර්ග හතරකි. බොහෝ දුරට එම බෝවීම සිදුවනුයේ වවුලන් සහ තවත් කුරුලු වර්ග කේන්ද්‍ර කොටගෙනය. එම පක්‍ෂීන් පේර ගසකින් පේර ගෙඩියක්‌ කඩා කා හෝ ඩැහැගෙන හෝ තවත් දෙසකට ගමන් කර එම පේර ගෙඩිය බිම මත පතිත වීමෙන් සහ පේර කෑමෙන් පසු එම සතුන් පැහැරීමෙන් පසු ද පේර ඇට මගින් එය බෝවීමේ ප්‍රවනතාවය සිදුවේ. එක්‌ වර්ගයක ගෙඩි කුඩාය පොකුරු වශයෙන් සෑදේ. ඉදුණු පසු කහ පාටට හුරු වේ. ඇතුළේ මද රෝස පැහැතිය. ඉතාම මිහිරි රසැතිය. පේර ගෙඩිය කටින් සපා කෑමට පහසුය. පේර ගෙඩිය එතරම් තද නැත. ඇට අඩුය. එක පොකුරක ගෙතුන හතරක්‌ වශයෙන් පවතී.

ගැබිණියකැයි පාසලෙන් ඉවත් කළ සිසුවියට ජාතික පාසලක්

කැකිරාව, මඩාටුගම රේවත විද්‍යායෙන් ඉවත් කෙරුණූ දැරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සුදුසු ජාතික පාසලක් ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් 2 වනිදා ලංකාවට

ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් එළඹෙන 2 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

පොලිස් නිලධාරියාට අල්ලස් ලබාදෙන්න ගිය කොලමබ හතේ නෝනට වැඩ වැරදුන හැටි මෙන්න


ලංකාවේ මිනිස්සු නිතිය කොච්චර නවනවද කියනවා නම්, පොලිසියට බැන බැන අල්ලස් ලබාදීම නිතර සිදුවන දෙයක්. ඒකට කෙලින්ම සමාජයට බැනලා තේරුමක් නැහැ. මොකද බොහොමයක් ට්‍රැෆික් පොලිසියේ සිටින පොලිස් මහත්වරු පුරුදු වෙලා තියෙන්නේද අල්ලස් ලබා ගැනීමට.

රුපියල් ශතවලට ශරීර කූඩු මිරිකන මෙන්න අනුරපුර මසාජ් කඩ

අනුරාධපුරය විශාල නගරයකි. ඒ නගරය පුරා ඇස ගැටෙන සම්බාහන බෝඩ් ලෑලි එමටය. නා නා ප්‍රකාර නම්වලින් ප්‍රසිද්ධය. එහෙත් එම සම්බාහන මධ්‍යස්‌ථාන බොහෝමයක සිදු වන්නේ සම්බාහනයට මුවා වී සංවාසයේ යෙදවීමකි. එවැනි ඇතැම් සම්බාහන කඩ අනුරාධපුර නගරය තුළ දවස මුළුල්ලේ විවෘතය. හයෙන් පස්‌සේ 'මෙම්බර්ස්‌ ඔන්ලි' රහස්‌ දොරටුවෙන් ඇතුළටය. එතැනින් එහාට සම්බාහනයක්‌ නැත. සම්බාහිකාවන් සමඟ රිසි සේ සතුටු විය හැකිය. වැඩේට ඉඩ කඩ කුටි ද හරි අපූරුවට වෙන් කර තිබේ. හදවත් සසල කරවන්නේ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනාවට පාත්‍ර වූ අති උතුම් සිරිමා බෝධීන් වහන්සේ වැඩ සිටින පූජා භූමිය ආසන්නයේ ද සම්බාහන ගුබ්බෑයම් විවෘත වී තිබීම නිසාය. හේන්වල, කුඹුරුවල වැඩ කරන මිනිස්‌සු, පූජා භූමියේ මල් විකුණන 'මල් කොල්ලො' දවස තිස්‌සේ හරි හම්බ කරන සොච්චම සම්බාහන ගුබ්බෑයම්වලට පූජා කර යන අයුරු දකින විටය.

කඩවත මාතර සුඛෝපභෝගී බස් රථය හොඳින් නඩත්තු කරලා ධාවනය කරපු ලංගම බස් රියදුරු සරත්ට ලැබුණදේ මෙන්න

කඩුවෙල – මාතර අතර අධිවේගී මාර්ගයේ ධාවනය වන NB -7356 දරණ මෙම සුඛෝපභෝගී බස් රථය මාතර ඩිපෝවට අයත් බස් රථයක් වන අතර එහි රියදුරු වන සරත් කුමාර විදානගේ මහතා බස් රථය නිසිලෙස නඩත්තු කරමින් අද දින වන විට කිලෝමීටර් හයලක්ෂ විසිතුන් දහසක දුරක් ධාවනය කර ඇත්තේ ක්ලච් ප්ලේට් හෝ මාරු නොකිරීමෙන්ය ලයිනර් ගැසීමද සිදු කොට ඇත්තේද දුර ප්‍රමාණය කිලෝමීටර් ලක්ෂ හය ඉක්මවීමෙන් පසු වීම විශේෂත්වයකි.

ඕෂධී - හසිරංග - තුසිරුයන ලංකාවේ සිගිති පැටවුන්ගේ සැත්කම ඉතාලියේදීම නොමිලේ

ඔබ පහත ජායාරූපයෙන් දකින නො.223/1 කොන්දගම්මුල්ල දෙමංහන්දිය ,කටාන පදිංචි සරත් නිශාන්ත ප්‍රනාන්දු හා ධම්මිකා කුමාරි යුවල යුග දිවියට එලඹුනේ අහසේ මාලිගා තනන්නට නොවේ.

ඔබ,මා මෙන්ම යහපත් පවුල් ජීවිතයක් ගත කරමින් තම දරුවන් උස් මහත් කර හොඳ අධ්‍යාපනයක් ලබා දීමටය.මේ පවුලට දරු තිදෙනෙකි.

ලොකු දුව අමෝධ්‍යා ඕෂධී (12) ඊලග පුතා හසිරංග සෙමුතු (9) බාල පුතා තුසිරු ඔනාල් (6).

කොතල හිඹුටු,තෙබු,මස්බැද්ද වලින් දියවැඩියාව සුව වෙනවද..? - විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ

දියවැඩියාවට නිශ්චිත ගුණ දෙන බව පැවසෙන කොතල හිඹුටු, තෙබු, මස්බැද්ද, ආදී දේශීය ශාක වර්ග භාවිතයට බටහිර වෛද්‍යවරුන් ජනතාව නොපොළඹවන්නේ මන්ද..? මේ පැනය මගේ වෘත්තීය ජීවිතයේ දී සිය දහස් වරක් රෝගීන්ගෙන් ඇසී තිබේ. ඊට අමතරව දියවැඩියාව නිට්ටාවට සුවකරන වෙදමහතුන් පිළිබඳව රූපවාහිනිය, පුවත්පත්, සමාජ ජාලා, වෙළඳ දැන්වීම් තුළින් සේම පුවත්පත් ලිපි විශේෂාංග සහ රූපවාහිනී,ගුවන්විදුලි වැඩසටහන් ආදියෙන් පැවසෙන තොරතුරු පිළිබඳවද බොහෝ දෙනෙක් අපෙන් විමසා සිටිති.

බටහිර වෛද්‍ය වෘත්තිකයන් වන අපට ඉන් පරිබාහිර වූ වෛද්‍ය ක්‍රම පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි යමෙකුට හැඟී යා හැක. එහෙත් දියවැඩියා රෝගය සම්බන්ධ ලොව පුරා කරනු ලැබූ අති නවීන පරීක්ෂණ මඟින් එම රෝගයේ ස්වභාවය අද වන විට මනා සේ හඳුනාගෙන ඇත.