BREAKING NEWS
latest

728x90

468x60

“චන්දිමාල් නොම්මර තුන ක්‍රීඩා කළ යුතුයි.– සුපිරි සංගා චන්දි ගැන කියයි.

පාකිස්තාන කණ්ඩායම පරදවා 2-0ක් ලෙස ලැබු ඓතිහාසික විජයග්‍රහන‍යෙන් පසුව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක , සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඉන්දියානු වෙබ් අඩවියක් හා එක්ව මෙම සංචාරය පිළිබදව හා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පිළිබදව අදහස් දක්වා තිබෙනවා. නායකයෙක් වශයෙන් සිය පළමු සංචාරයේදීම සුපිරි දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ චන්දිමාල් කණ්ඩායම ඉතා දක්ෂ ලෙස මෙහෙයවූවා, පිත්තෙන්ද දස්කම් දැක්වූ චන්දිමාල් පලමු ටෙස්ට් තරගයේ පැය නවයක් තිස්සේ පිතිකරනයේ යෙදෙමින් නොදැවි ලකුණු 155ක් රැස් කර ගැනීමද විශේෂයි. දෙවෙනි ටෙස්ට් තරගයේද ඔහු අර්ධ ශතකයක් ලබා ගත්තා.

මගීන් 19 ක්‌ ගෙන යා හැකි සුපිරි ජෙට්‌ යානාවක්‌ එළිදකී

මගීන් 19 ක්‌ රැගෙන යා හැකි සුපිරි ජෙට්‌ යානාවක්‌ බොම්බඩියර් සමාගම නිපදවා ඇත.

එහි වටිනාකම ස්‌ටර්ලින් පවුම් මිලියන 55 කි.

සංගා - මහේල මිතුරන් හෙළිකර ගත් අපි නොදත් අපූරු රහස්

කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්දන කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අපූරු මිතුරු යුවලක්. කෙටියෙන් සංගා මහේල ලෙස හදුන්වන ඔවුන් දෙදෙනාගෙන් මහේල පසුගියදා ඉන්දියන් වෙබ් අඩවියක් සමග සම්මුඛ සාකච්ඡාවක නිරතව තිබුනා. එහිදි සිය අතිජාත සගයා කුමාර් සංගක්කාර පිළිබදව ‍රසිකයන් නොදන්නා බොහො කරුණු මහේල හෙළි කර තිබුනා. කුමාර් සංගක්කාරගේ පෞද්ගලික ජීවිතය බොහෝ අපිළිවෙල එකක් බව මහේල හෙළිකර තිබුනේ සැවොම සිනා සයුරේ ගිල්වමින්.

“සංගා කියන්නේ හරි අමුතු චරිතයක්. ක්‍රීඩාවේදි ඔහුගේ වෘතියේදී හරිම එක් අරමුණක් ඇතිව වැඩ කරන කෙනෙක්. ඒත් එලියෙදි කිසි පිළිවලක් නෑ. ඔහුගේ කාමරයවත් කිසි පිලිවලක් නෑ. අපි කෑගහලා කෑගහලා පොඩ්ඩක් පිලිවලක් වුනා. කිසිම දවසක වෙලාවට එනවා කිව්වොත් එන්නේ නෑ. මං අනන්තවත් එයාගේ පොලු කාලා තියනවා. ලන්ඩන් වල පවා සංගා එනකන් මං බලන් ඉදපු වෙලාවල් ඕන තරම්.” මෙහෙම කියන්නේ ක්‍රිකට් පිටියේ අපි දුටු හොඳම මිතුරන් දෙදෙනාගෙන් වැඩිමහල් සහෝදරයාගේ චරිතයට අපට ගත හැකි සුපිරි පිතිකරු මහේල ජයවර්ධන.

ඔයාත් අපේ ගෙදර එන්න.එද්දී කෝල් එකක් දීලා එන්න හොදේ – ජනපති හමුවට ආ දියණිය කිව්ව කතාව

කුඩා දැරියක් අද උදැසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට අවශ්‍යය බව පවසමින් ජනාධිපති නිල නිවස අසලට පැමිණ ආරක්ෂක නිලධාරීන්ට එම දැරිය ඇද ඇති ජනපතිගේ රුව සහිත චිත්‍රයක්ද පෙන්වමින් ජනාධිපතිතුමා හමුවී එම චිත්‍රය ලබාදිය යුතු බව පවසා සිටියේය.


වයස අවුරුදු 07 ක් වන එම්.එන්. අමානි රායිදා කුඩා දැරිය බදුල්ලේ සිට පැමිණ ඇත.එහෙත් ජනාධිපතිතුමා හමුවීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා හමුවනතුරු ඇය විශ්වාස කළේ නැත.

‘දෙවෙනි ඉනිමේ’ අධ්‍යක්ෂවරයා සහ තිර රචකයා අතර ගැටලුවක් – සමන් එදිරිමුණි ‘දෙවෙනි ඉනිම’ ලිවීම නතරකිරීමේ තීරනයක


‘සිඳු’ ලියපු එක නවත්තපු මට ‘දෙවෙනි ඉනිම’ ලියන එක නවත්තන එක මහ කජ්ජක් නෙමෙයි

මේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යක්වන දෙවෙනි ඉනිම සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ පවතින්නේ යහපත් ප්‍රතිචාරයකි.

එය එලෙස බොහෝ දෙනෙක් ඉතා ආශාවෙන් නරඹන ටෙලි නිර්මාණයක් බවට පත් ව තිබෙන අවස්ථාවක දී එහි තිර පිටපත් රචකයාවන සමන් එදිරිමුණි ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කළ අදහසක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ උණුසුම් කතාබහක් ඇති වෙමින් පවති.

ග්‍රාම නිලධාරිනියට අතවර කිල රත්තොට ඕඅයිසීට ඇප

බෝමුරේ ග්‍රාම නිලධාරිනියට මරණ තර්ජනය කර දූෂණයට ලක්‌ කළ බවට චෝදනා ලබා සිටින රත්තොට පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා රුපියල් විසිපන්දහසක මුදල් හා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදාහරින ලෙස පන්විල වැඩබලන මහෙස්‌ත්‍රාත් එන්. එම්. ෆරික්‌ඩීන් මහතා ඊයේ (12 දා) නියෝග කළේය.

මෙසේ ඇපමත මුදාහැරුණු රත්තොට පොලිස්‌ ස්‌ථානාධිපති කපිල දිසානායක නමැති අයට සෑම මසකම අවසන් ඉරුදින කොළඹ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙසද මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

වසර 30කට පසු සිදුවන සෙනසුරු මාරුව ඔබට බලපාන හැටි මෙන්න

සෙනසුරු ග්‍රහයා ජ්‍යෝතිෂවේදයේ නෛසර්ගික පාප ග්‍රහයකු ලෙස හඳුන්වයි. මොහුට එක්‌ රාශියක්‌ පසුකර යාමට වර්ෂ 2 1/2 ක්‌ පමණ ගතවෙයි. ශනිගේ ගෝචර ඵල විපාක වැඩි ලෙසම ඵල දෙන්නේ රාශියේ අග කොටසේ ගමන් කරන විටය. සියලු අනිෂ්ට විපාක සිදුකරන්නා සෙනසුරුය. මොහුගේ ශනි දුෂ්ටයි. කිළිටි වස්‌ත්‍ර ඇති, කුම්මැහි, පෙරේත මහලු අයකුට සෙනසුරා සමානය. කේන්ද්‍ර හිමියාගේ 12, 01, 02 ස්‌ථානවලට ශනි පැමිණීම ඒරාෂ්ඨකයයි. මෙය රවි සිටි රාශියෙන්ද සඳු සිටි රාශියෙන්ද සිදුවෙයි. මෙම ඒරාෂ්ඨක ලග්න, චන්ද්‍ර, රවි ඒරාෂ්ඨක ලෙස සැලකෙයි. එසේම කේන්ද්‍ර සටහනේ 8 වැන්නට ශනි පැමිණීමද නරක තත්ත්වයක්‌ උදාවීමට හේතුවකි. වෘෂභ, තුලා ලග්න හිමියන්ට ශනි රාජයෝග කාරකවෙයි. මෙම රාශිවලදී ශනිගේ නරකගති බොහෝ දුරට අඩුවෙයි. ශනි බලවත් වීමෙන් සියලු අගුණ තත්ත්වයන් යටපත්කර කරුණා සහගත අයකු කරයි. ක්‍රියාශූර, හොඳ සිහි කල්පනාවෙන් කටයුතු කරන අයකු බවට පත්කරයි. මකර, කුම්භ, තුලා, ධනු යන රාශිවල සෙනසුරු සිටීමෙන් කේන්ද්‍ර හිමිට යහපත් ප්‍රතිඵල ගෙනදෙයි.

මාලබේ පාසලක්‌ ළඟ මත්පෙති විකුණලා - තරුණයෝ දෙදෙනෙක්‌ අත්අඩංගුවට

මාලබේ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක්‌ අසල පාසල් ළමයින් ඉලක්‌ක කරගෙන මත්පෙති අලෙවි කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු ඊයේ (12 දා) දහවල් තලංගම පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් ළඟ අලෙවි කරන්නට තිබූ මත්පෙති 211 ක්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.


සැකකරුවන් මාලබේ රොබට්‌ ගුණවර්ධන මාවතේ සහ හොරහේන හෝකන්දර ප්‍රදේශයන්හි පදිංචි 20 සහ 24 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි. සැකකරුවන් කාලයක්‌ තිස්‌සේ ඉතා සූක්‍ෂම අයුරින් මෙම පාසල් ළමුන් සඳහා නීති විරෝධී මත්පෙති අලෙවි කර ඇත.

අද පාකිස්තානෙත් එක්ක තරඟ වදින අපේ කොල්ලෝ සෙට් එක මෙන්න

තරඟ 05 කින් සමන්විත ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (13) පැවැත්වෙනවා.

නොකඩවා එක්දින තරඟ 07 ක පරාජයකින් පසුවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි එක්දින තරඟ බිමට පිවිසෙන්නේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති තරඟ 28 කින් 16 ක්ම ජයගෙන ඇත්තේ පාකිස්ථානයයි.

ජ්‍යෙෂ්ඨ ඇමති ඇසුරුකල කාන්තාවට සමාජ රොගයක් වැලදී ඇති බව තහවුරුවේ


පසුගිය දිනක කොළඹින් පිට රජයේ රෝහලක සමාජ රෝග සායනයකට පැමිණි රූමත් කාන්තාවකට සිදු කළ වෛද්‍ය පරීක්ෂා කිරීම් වලින් අනතුරුව ඇයට බරපතල සමාජ රෝගයක් වැළඳී තිබෙන බවට තහවුරු වී ඇති අතර එහිදි ඇය කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් පුවත්පතක් විසින් වාර්තා කර තිබෙනවා. 

මෙම කාන්තාවගේ රෝග විනිශ්චය අනුව ප්‍රතිකාර ලබාදෙන්නට ප්‍රථමයෙන් ඇය ඇසුරු කරන ලද වෙනත් අය ගැනද දැනගැනීමට වෛද්‍යවරුන්ට අවශ්‍ය වී තිබෙනවා.

පියුමිගෙයි අලුත්ම එක කොන්දොස්තර ඒකකලු

පියුමි හංසමාලී ගැන දැන් හැමතැනම වගේ කතා වෙනවා. ඒකට හේතුව තමයි ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව නිසා. මේ කියන්න යන්නෙත් ඒ වගේ පියුමි ඉන්න අලුත්ම මියුසික් වීඩියෝවක් ගැනයි.

පියාගේ තුවක්‌කුවෙන් වෙඩි තබාගෙන, මහින්ද විදුහලේ 16 හැවිරිදි සිසුවා දිවි නසාගනී

ගාල්ල මහින්ද විදුහලේ 11 වැනි ශ්‍රේණියේ සිසුවකු පෙරේදා (10 වැනිදා) රාත්‍රී ලිපියක්‌ ලියා තබා පියාට අයත් බලපත්‍ර සහිත පතරොම් තුවක්‌කුවෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ.

මෙසේ දිවි නසාගෙන ඇත්තේ වටරැක නැගෙනහිර පදිංචිව සිටි කුමුදිත ආදිත්‍ය ලොකුකරවිට හෙට්‌ටිආරච්චි නමැති මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 16 හැවිරිදි සිසුවෙකි.

ලොව පුරා facebook බිඳ වැටෙයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ලොව පුරා රටවල් රැසක ඊයේ රාත්‍රිෙය් බ බිඳ වැටීමකට ලක්වුව.
පරිගණක තුලින් හෝ ජංගම දුරකථන මගින් ෆේස් බුක් වෙත පිවිසීමට නොහැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කූඹියෝ කතාව පිටුපස ඇති ක්‍රිකට් කතාව පිලිබඳ තරුණයෙක් තැබූ සටහන

අපි හැමෝම දන්නවා මේ දවස් වල ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය කලාවට අභියෝගයක් කරන, සෙනසුරාදා සහ ඉරිදා දවස් වල රාත්‍රී 8 ට ස්වාධින රූපවාහිනිය තුලින් විකාශනය වන කුඹියෝ තෙඉ නාට්‍යය. මේ කතාව දැනටමත් ප්‍රේක්ෂකයන් රැසකගේ ආදරය දිනාගෙන ඇත්තේ එහි තිබෙන තාත්වික භාවය නිසාවෙන.

මේ සමගම මෙහි අඩංගු දෑ සහ එම කලාකරුවන්ගේ රංගන හැකියාව වගේම, කැමරාකරණය ආදී සියලු දේ ගැන බුකිය තුල ලොකු කතා බහක් ඇති වෙලා තියෙන්නේ. මේ සමගම සමහර අය තමන්ගේ අදහස් නිර්මානුකුලාව ඉදිරිපත් කිරීම කැපී පෙනන සිද්ධියක්. එසේ තරුණයකු කුඹියෝ ටලී නාට්‍ය හා, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අමුණා, හාස්‍ය උපදවන සටහනක් බුකියේ තබා තිබුනා. මේ එම සටහනයි,

ආයුර්වේද සම්භාහන තැන් බවට ඇඟවූ කෝට්‌ටේ සහ නුගේගොඩ ගණිකා නිවාස 10 ක්‌ වටලයි

ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථාන මුවාවෙන් කෝට්‌ටේ සහ නුගේගොඩ යන ප්‍රදේශවල ගණිකා නිවාස දහයකට අධික සංඛ්‍යාවක්‌ අවස්‌ථා කිහිපයකදී වැටලූ මිරිහාන පොලිස්‌ මූලස්‌ථානයේ නිලධාරීන් ඒවායේ සේවයේ යොදවනු ලැබ සිටි කාන්තාවන් විසිඅට දෙනකු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක්‌ කාන්තාවකට රුපියල් පනස්‌දහස බැගින් දඩ මුදල් ගෙවීමට නුගේගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් එන්. ආර්. බී. නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.

බීමත් රියදුරෙකු කොට්ටාවේදී කළ හරියක් - බෙන්ස් රථයක් පිහිටවූ හැටි- CCTV දර්ශන

පෙරේදා (8) සවස පන්නිපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් මියගියා.


යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවක් එහිදී ජීවිතක්ෂයට පත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නව නිපැයුම් තරගාවලියට ගොස් සුද්දන් පරදා ජාත්‍යන්තරය ජයගත් අපේ පුංචි වීරයෝ


ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවැති ජාත්‍යන්තර නව නිපැයුම්කරුවන්ගේ සම්මාන උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත්වූ පාසල් සිසුන් හත් දෙනා රන් සම්මාන පහක්‌, රිදී සම්මානයක්‌ හා ලෝකඩ සම්මානයක්‌ දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක්‌ හිමිකර දුන්හ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ තාක්‍ෂණ අංශයේ අධ්‍යාපනය ලබන තේනුක සස්‌සර (18) කල්මුනේ සහිරා විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ජීවවිද්‍යා අංශයේ අධ්‍යාපනය ලබන අබ්දුල් මජීඩ් මොහොමඩ් සව්µdන් (18) ගම්පහ බණ්‌ඩාරනායක විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ තාක්‍ෂණ අංශයේ අධ්‍යාපනය ලබන ගිහාන් කවින්ද හෙට්‌ටිආරච්චි (18) කලුතර Cදාණෝදය විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන එස්‌. ඩී. සචින් ස්‌ටෙචර් (15) හා මාවනැල්ල සහිරා විද්‍යාලයේ 10 සහ ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන මොහොමඩ් අය්යාෂ් (15) යන සිසුන් පස්‌ දෙනා රන් සම්මානය බැගින් ද කොළඹ ඩී. එස්‌. සේනානායක විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ගණිත අංශයේ අධ්‍යාපනය ලබන සාලුක උද්භාස ශිෂ්‍යයා (18) රිදී සම්මානයක්‌ද ගම්පහ බණ්‌ඩාරනායක විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ගණිත අංශයේ අධ්‍යාපන ලබන කවිෂ්ක මාධව රත්නවීර ශිෂ්‍යයා (17) ලෝකඩ සම්මානයක්‌ද දිනා ගනිමින් මෙසේ ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක්‌ ලබා දුනි.

තල්ලෙන් ඇනුණු යකඩ කූර කටෙන් මතුවෙයි

ඉදිවෙමින් පවතින නව දෙමහල් නිවසක පියගැටපෙළෙන් ලිස්සා වැටී යකඩ කූරක් තල්ලෙන් ඇණී කටින් මතු වී බරපතළ තත්වයෙන් හෝමාගම මුලික රෝහලට ඇතුළත් කළ පුද්ගලයාට සිදු කළ සැත්කම සාර්ථක බව හෝමාගම රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

සුද්දන්ට APP විකුණා කෝටිපතියෙක් වූ, A/L අසමත් වූ ගමේ කොල්ලා

එදා මෙදා තුර ලෝකයේ සුවහසක් නිර්මාණයන්ට එහා ගියපු භෞතික නිර්මාණයන්හි සම්පූර්ණ හිමිකරුවා වන්නනේ මිනිසාය.වර්තමානයේ සිය අධ්‍යාපනය විශ්ව විද්‍යාලය තුලින්ම අවසන් කළ යුතු යැයි කෙනෙක්සි තන්නේ නම් එය නිවැරදි නොවේ.ජීවිතය ජයගත්ත සියල්ලෝම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවෝ නොවේ.

ඇතැම් විට සාමාන්‍ය පෙළවත් සමත් නොවූ පුද්ගලයින් අද කිසිවෙකුටත් ජයගත නොහැකි මට්ටමට ජීවිතය ජයගෙන ඇත අද මේ කියන්න යන්නේ අන්න අවධානමක් එක්ක අලුත්ම ගමනක් පටන් ගත්ත තරුණයෙක් ගැන. මාතලේ විල්ගමුව කියන ගමේ ඉපදෙන ලසන්ත වික්‍රමසිංහ පියාගේ රැකිවේ ඇතිවන වෙනසත් සමඟ නුවරට එනවා.පුංචි ලසන්ත ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයෙන්.ඉන් අනතුරුව පාසල් කිහිපයකටම යන ඔහු අධ්‍යාපනය අවසන් කරන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන්.මේ කතාව පටන් ගන්නේ ලසන්ත ගණිත අංශයෙන් උසස් පෙළ හදාරලා එයින අසමත් වීමත් සමඟයි.

ෆින්ලන්‍තයේ ව්‍යවසායක ආයතන තුනක් අගමැති සමඟ සාකච්ජා

ෆින්ලන්තයේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙල්සින්කි නුවර ෆින්ලන්ත මන්දිරයේ පැවැති දිවා භෝජන සංග්‍රහයකට ඊයේ (9) සහභාගි විය. ෆින්ලන්‍තයේ ප්‍රධාන පෙළේ ව්‍යවසායක ආයතන තුනක් සමඟ මෙහිදී අග්‍රාමාත්‍යවරයා සාකච්ජා පැවැත්විය. 

නිරුවතින් ගෙවල් වලට පනින කුලියා පිටියේ ඩයල් එක මෙන්න

පසුගිය දිනවල කුලියාපිටියේ ප්‍රදේශ ගණනාවක නිවාසවලට මුලූමනින්ම නිරුවත්ව රහසිගතව රිංගා සොරකම්කිරීමට තැත්කළ පුද්ගලයා මෙම මස 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක නියෝග කර තිබෙනවා

සුපිරි ප්ලෑනක් ගසා ලක්ෂ 2කට වඩා සොරකම් කල 10ය වසරේ සිසුවා මාට්ටු

තමන්ගේම නිවස බිඳ රුපියල් දෙලක්‍ෂ පනස්‌දහසක්‌ සොරාගත් දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු පිළිබදව වාර්තා වේ

ඒ නොච්චියාගම ප්‍රදේශයෙන්

නොච්චියාගම හල්මිල්ලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් පොලීසියට පැමිණිලි කර තිබෙන්නේ කිසිවෙකු විසින් තම නිවස බිඳ රුපියල් දෙලක්‍ෂ පනස්‌ දාහක පමණ මුදලක් කොල්ල කා තිබෙන බවයි

ඒ අනුව පොලිසීය සිය පරීක්ෂණ අරඹා තිබේ. තමන් නිදාගන්නා විට කකුලට තබා ගන්නා කොට්‌ටයට මෙම සොරකම් කළ මුදල් දමා ආරක්‍ෂාවට තබා තිබෙන බවත් නිවසේ වහලයේ උළු කැට කඩා ඇතුළු වූ පුද්ගලයා විසින් සොරාගෙන ඇත්තේ එම මුදල් බවද එම පුද්ගලයාගේ පැමිණිල්ලේ සඳහන් කර තිබේ

අශාන් ප්‍රනාන්දු නිසා ඔෂධී හිමාෂා පොලීසියට

ඔෂධී හිමාෂා කියන්නේ අද වනවිට ලංකාවේ ඉන්න ජනප්‍රිය චරිතයක්. ඇය වඩාත් ජනප්‍රියත්වයට පත්වුණේ මියුසික් වීඩියෝ හරහා.

කොහොම වුණත් මේ දවස්වල මුහුණුපොතේ හුවමාරු වෙන ඡායාරූප කිහිපයක් නිසා ඇය ගැන ආයෙමත් කතා වෙන්න පටන් අරන්.
ඒ ඕෂධී පොලිස් නිල ඇදුමින් සැරසී සිටින නිසා.

විවාහක පිරිමියෙක් ගැන ආදරයක් ඇති වුනොත් මොකක්ද කරන්න ඕන?

ආදරය කියන දෙය ඕනෑම අවස්ථාවක ඕනෑම කෙනෙක්ගේ හිතේ ඇතිවෙන්න පුළුවන්. නමුත් අපි ආදරයට තෝරා ගන්න ඕනේ නිදහස් කෙනෙක්ව. නමුත් ඉතින් විවාහක පිරිමියෙක් ගැන ආදරයක් ඇති වුනොත් මොකද කරන්නේ. වට පිටාවේ මිනිස්සු ඔබට එය වැරදි බව කොච්චර කිවුවත් සමහර විට ඔබ එයට එකග නොවෙන්නට පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නෙට විසදුමක් සොයාගන්න පුළුවන් ඔබට විතරයි. ඒ නිසා මේ දේවල් ගැනත් හොදින් හිතලා බලන්න ඔබ තීරණයක් ගන්න කලින්.

පියුමිගේ දරුවට අනාගතයේ වෙන දේ ගැන තරුණයෙක් තැබූ සටහන මෙන්න

අපි මේ කියන්නේ පියුමිගේ පොඩි එකා ගැන..ඇත්ත අම්මට හොඳ නම් අපිට මොකද කියලා හිතන්න පුළුවන්……

ඒ වුණාට කවදාහරි අවුරුදු 19ක් 20ක් වෙනකොට මේ පුංචි එකාට සමාජයේ ජිවත් වෙන්න බැරි වේවි. ඒ නිසා ඔහු යහපත් පුද්ගලයෙක් වීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. මේකට වගකියන්න ඕන ප්‍රධානම කෙනා පියුමි. අම්මා කෙනෙක් විදියට ඇය හැසිරෙන විදිය අන්තිම පහත්. අපිට හිතෙන විදියට පියුමි ගැන ළමා ආරක්ෂණ අධිකාරියෙ ඇහැ යොමු වෙන්න ඕනේ. මොකද අර පොඩි එකා නිසා.

මිනිස්සු අන්දවා ජපානෙන් ලංකාවට ගෙන්වනවා කියන වාහනවල වංචාවක් එළයට

ලංකාවෙ ජපන් වාහනවලට ලොකු ඉල්ලුමක් තියනව කියන එකනම් කවුරුත් දන්නා කාරනයක්. නමුත් ජපන් රටේ සිටින අපේ සහෝදරයෙක් අමුතු කතානක් බුකිය තුලින් එලියට දාල තිබුන. ඒක අපිට අමුතු කතාවක් වෙන්න පුළුවම් ඒත් එයා කියන විදියට නම් මේක ඇත්ත.. එයා මෙන්න මේ විදියටයි ඒක කියල තිබුනෙ..

ඔයාලා දකිනවා නේද ලංකාවේ වාහන සේල් වල අලූත් වාහන ගොඩගහලා තියනවා. ඔයාලා හිතන්නේ ඒවා අලූත් වාහන කියලද, මමත් ලංකාවේ ඉද්දී ඔහොමයි හිතාන හිටියේ නමුත් ඕවගේ ඇත්ත කතාව හරිම කටුකයි. ලංකාවට ගෙන්නන ලියාපදිංචි නොකල සේල්වල විකුණන වාහන, පුද්ගලික ආනයන කරුවන් ඔබට ගෙන්වා දෙන වාහන, ප්‍රසිද්ධ ඔක්ෂන් (Auction) වලින් ගෙන්වාදෙන වාහන කොටින්ම ඔබම ප්‍රසිද්ධ Auction එකකින් පුද්ගලිකව ආනයනය කරගත්තත් ඔබ බලාපොරොත්තු වෙන වාහනේ නම් ඔබට ලැඛෙන් නැහැ. මම එකින් එක කියාදෙන්නම්.

වල්බිහි වී විනාශ වී යැමට නොදී රැකගත යුතු උතුරේ කදුරුගොඩ පින්බිම

යාපනය අර්ධද්වීපයේ ඇති ඓතිහාසික බෞද්ධ සිද්ධස්‌ථාන අතර නාගදීපේ හා දඹකොළ පටුන ආදී පුදබිම් මෙන්ම ඓතිහාසික වැදගත්කමක්‌ ඇති තවත් පුදබිමකි, කදුරුගොඩ සිද්ධස්‌ථානය මෙම පුරාණ විහාරස්‌ථානය යාපනයේ සිට කන්කසන්තුරේ මාර්ගයේ චුන්නාකම් නගරයේ සිට කිලෝමීටරයක්‌ පමණ ගියවිට හමුවේ. ක්‍රි.පූ. 09 වැනි සියවසේ පමණ සාදා ඇතැයි කියන මෙහි වෙහෙර රාශියකි.

අතීතයේ සිටම මෙම පුණ්‍ය භූමිය හින්දු භක්‌තිකයන්ගේ ද වන්දනාමානයට පාත්‍රවී ඇති ස්‌ථානයකි. බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා මෙන්ම බෞද්ධ ගිහි සිංහල ජනතාවක්‌ ද නොමැති මෙම ප්‍රදේශයේ මේ පුණ්‍ය භූමිය අද දක්‌වා ආරක්‌ෂා වීමද භාග්‍යයකි. හාස්‌කමකි.

“ඒ දුවත් එක්ක පුතා සතුටින් හිටියා”- දෙසතිකට පසු දසුන්ගේ මව හැඩූ කැඳුලින් කියූ සංවේදී කතාව

ජනප්‍රිය නළු දසුන් නිශාන් සිය දිවියෙන් සමු ගෙන මේ ගත වෙන්නේ දෙවැනි සතිය..නමුත් තව ටික දිනකින් දසුන් පිළිබඳ මතකය අප සියළු දෙනාටම අමතක වී යනවා. එයයි ලෝකයේ ස්වභාවය කෙසේ වෙතත් ඔහුගේ මව මේ දුක තවමත් දරාගෙන සිටින්නේ පන මෙන් ආදරය කළ පුත්‍රයාගේ හදිසි වියෝවෙන් කම්පාවෙමින්. ඔහුගේ අවසන් කටයුතු අතරතුර පැවසු දේ පිළිබඳවෙ සති අන්ත පුවත් පතක පළවූ ලිපියක කොටසක් පහතින්



‘අතක් පයක් නොකඩා එක වේලක් බඩගින්නේ නොතියා ලොකු මහත්කළ මගේ පුතා මෙවැනි නොහික්මුණු වැඩක් කර ගනියි කියා නිකම්වත් හිතුණානම් කීයටවත් ආපහු බෝඩිමට යන්න දෙන්නෙ නෑ. මගේ ලෝකයේ රජා මට නැතිවුණා ‘යැයි පුතණුවන්ගේ වියෝව දරාගත නොහැකිව හඬාවැලපෙන මව කෙසේ සනසන්නද? මෙලොවට බිහිකළ දා පටන් අනේක දුක් විඳ සමාජයේ උතුම් මිනිසෙක් කරන්නට මවක් දරන වෙහෙස දරුවන්ට නොදැනීම මෙවැනි විපත් සියල්ලටම මුල වෙයි.

තායිවාන් ගිණුම් හැක්‌ කර කෝටි 35කට ඉස්සූ හමුදා පුත්‍රයා රිමාන්ඩ්

හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ පුත්‍රයකු සහ මෙරට ප්‍රධාන පෙළේ සමාගමක සභාපතිවරයකු ඇතුළු සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ තායිවාන් බැංකුවක ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක්‌ කර) එහි රහස්‍ය දත්ත වෙනස්‌ කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබාගෙන ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත. 

මෙම ජාත්‍යන්තර ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවකු බව කියන හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ පුත්‍රයකු වන එම්. සී. නම්මුනි නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අලුත්කඩේ අධිකරණය වෙත පෙරේදා (07 දා) ඉදිරිපත් කළ අතර ලබන 11 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අලුත්කඩේ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.