BREAKING NEWS
latest

728x90

468x60

ගිනස්‌ ඔසරියට පාසල් ළමයින් පටලවා ගැනීම ගැන ළමාරක්‍ෂක අධිකාරියෙන් පරීක්‍ෂණයක්‌

මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ මංගල උත්සවයක්‌ සඳහා නිල ඇඳුමින් සැරසුණු පාසල් දරුවන් සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

එම උත්සවය සඳහා අලවතුගොඩ සරත් ඒකනායක විදුහලේ දරුවන් 250 දෙනකු පමණ සහභාගි කරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි රැසක්‌ මත පරීක්‍ෂණ ආරම්භ කළ බව ළමාරක්‍ෂක අධිකාරියේ සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ඊයේ (22 දා) පැවසුවාය.

දැන් බුකියේ එකේ සෙල්ලම් දාල හමාරයි – පොලිසියෙන් පටන්ගන්න අලුත්ම වැඩේ මෙන්න

අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු ‍පොතෙන් සිදුවන අපරාධ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරිගණක අපරාධ පිළිබඳ විමර්ශන ඒකකයක් ස්ථාපිත කර තිබේ.

අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවිවලින් හා මුහුණු ‍පොතෙන් සිදුවන අපරාධ වලට වංචනික ක්‍රියාවලට බොහෝ පුද්ගලයන් හසුවන අතර මේ පිළිබඳ පැමිණිලි කිරීමට මැලි වේ. එය අපරාධකරුවන්ට තවත් අපරාධ කිරීමට අනුබල දීමක් වන අතර එවන් ක්‍රියා මැඩපැවැත්වීමට මෙම ඒකකය පිහිටුවා තිබේ.

ජයසූරියගේ තවත් වීඩියෝවක් එළියට : Video

පසුගිය සමයේදි සිය දක්ෂතා එළිදක්වමින් විවිධාකාර වීඩියෝ නිකුත්වීම නිසා සනත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ලබා තිබූ ප්‍රසිද්ධියට වඩා ප්‍රසිද්ධියක් ලබා ගත්තා.

බොරු වැරදි කියා අල්ලස් ගන්නා ට්‍රැෆික්‌ පොලිස් මාමලාට වැඩ වරදී

රියෑදුරන්ට නැති වැරදි පටවමින් ඔවුන් අපහසුතාවට පත්කර අල්ලස්‌ මුදල් ලබා ගැනීමට උත්සාහ කරන රථවාහන අංශ ඇතැම් පොලිස්‌ නිලධාරීන් පිළිබඳ තොරතුරු වහාම තමන්ට දැනුම් දෙන ලෙස පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා  පැවසීය.

ඔසරි පොටින් ගිනස් පොතට යන්න මනාලිකගේ සැරසිල්ල

ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ ගිනස් වාර්තාවකට හිමිකම් කීමේ අරමුණින් මානාලියක් ඊයේ (21) මහනුවර දී මංගල ගමන් ඇරඹුවාය.

රුවන් පුෂ්කුමාර නැමැති අය සමඟ යුග දිවියට එළඹීම නිමිත්තෙන් උඩරට මානාලියක සේ හැඩගැන්වුණු සජිනි ප්‍රියංගිකා මනාලියගේ ඔසරි පොට මීටර 3200කින් සමන්විත විය.

මීට පෙර මෙම ගිනස් වාර්තාවට හිමිකම් කියන ලද්දේ ඉන්දියානු කාන්තාවක් වන අතර ඇය මීටර 2800 ක දිගින් යුත් සාරිපොටක් සහිත සාරියක් ඇඳ ගිනස් වාර්තාව පිහිටුවා තිබිණි.

කෙසෙල් කොළ ලන්ච් ෂීට් යුද හමුදාවෙන් පාරිභෝගිකයන් අතට

ලන්ච් ෂීට් ගැටලුව වෙනුවට යුද හමුදාව මගින් මුළු රටටම කෙසෙල් කොළ ලන්ච් ෂීට් සැපයීමේ දැවැන්ත ව්‍යාපෟතියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ යෝජනාවකට අනුව හමුදා කෘෂිකර්ම අධ්‍යක්ෂ අංශය මගින් මේ වන විට කෙසෙල් කොළ ලන්ච් ෂීට් තැනීමට අවශ්‍ය පරීක්ෂණ අවසන් කර ඇති අතර එම පරීක්ෂණවලට අනුව සකස් කළ ලන්ච් ෂීට් කාලයක් කල් තබා ගත හැකි වන පරිදි සකස් කර තිබේ.

ආයෙත් ජන සංහාරක යුද්ධයක් එපා .. අපිට ඕනෙ සාමයයි - අහන්න

යුද්ධය අවසන් වී හරියටම අවුරුදු අටයි. එය විජයග‍්‍රහණයක් ලෙස පිරිසක් කතා කරයි. තවත් පිරිසක් එය මහා ජන සංහාරයක් ලෙස කතා කරයි. යුද ජයග‍්‍රහණ සැමරුම් මහ ඉහළින් නැති එක ගැනද බොහෝ අය බොහෝ කතා කියති. කවුරුන් මොනවා කිව්වත්, යුද්ධය අවසන් වීම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ජයග‍්‍රහණයකි. දෙමළ වේවා, සිංහල වේවා, මුස්ලිම් වේවා හැමෝම යුද්ධය අවසන් වීම ගැන සතුටු වෙති. ඒ පිළිබඳ නැවත නැවතත් අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැත. යුද්ධය යනු දහස් ගණනින් ජීවිත අහිමි කරන කුරිරු අත්දැකීම් ගෙන දෙන්නකි. දේපළ විනාශ කර දමන ඉතාම අමිහිරි අත්දැකීම් ගෙන දෙන්නකි. ඒ අර්ථයෙන් යුද නිමාව කොයි කවුරුනුත් සතුටු කරවන්නකි.

කොළඹ නගර සභාවට බාල ජල බවුසර් මිලදී ගැනීමේ සැලසුමක්‌

කොළඹ නගර සභාවට රුපියල් තුන් කෝටි විසි ලක්‌ෂයක අලාභයක්‌ සිදුකරමින් ප්‍රමිතියෙන් බාල ජල බවුසර් දෙකක්‌ මිලදී ගැනීම සඳහා සූදානම් වන බව නගර සභා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ජල බවුසරයක්‌ රුපියල් හාර කෝටි අනූ නව ලක්‌ෂයකට (රු. 49,913,486) සැපයීම සඳහා සැපයුම්කරුවකු ඉදිරිපත් කළ මිල ගණන් නගර සභාවේ තාක්‌ෂණික කමිටුව අනුමත කර තිබියදී එක්‌ ජල බවුසරයක්‌ සඳහා රුපියල් හය කෝටි හැත්තෑ අට ලක්‌ෂයක්‌ (රු. 67,850,000) මිල ගණන් ඉදිරිපත් කළ සැපයුම්කරුට ලබාදීමට උත්සාහ කරන්නේ දේශපාලන බලපෑමක්‌ මත බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සජින් වාස් ආණ්ඩුව කඩේ යවයි

රාජපක්ෂ පවුලේ මුදල් ගනුදෙනු පිළිබඳ රහස් තොරතුරු ආණ්ඩුවට ලබා දෙන බව කියමින් ආණ්ඩුව නොමඟ යවා සජින් වාස් ගුණවර්ධන තමන්ට එරෙහි නීතිමය කටයුතු යටපත් කරගෙන සිටින බව වාර්තා වේ. 

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අවභාවිතා කිරීම පිළිබඳව සජින් වාස්ට එරෙහිව තිබුණු චෝදනා සම්බන්ධයෙන් සියළුම පරීක්ෂණ කටයුතු අවසන් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලිපිගොනු යවා ඇත්තේ 2015 මැයි මාසයේදීය. එහෙත් කෙටි කලකට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නට සිදුවීම හැර සජින් වාස්ට මේ වන තෙක් නීතියෙන් දඬුවම් හිමිවන ලකුණක්වත් පෙනෙන්නට නැත. 

පිටරටින් තෑගී පාර්සල් ලැබී ඇති බවට ෆේස්බුක් හරහා මිනිසුන් මුළා කරන වැලිගම කන්තාවගේ රොබරිය

පිටරටින් තෑග් පාර්සල් ලැබී ඇති බවට ෆේස්බුක් හරහා කෙටි පණිවිඩ යොමුකරමින් පුද්ගලයින් රවටා මුදල් ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔනෑම පුද්ගලකුට සමාජ මාධ්‍යජාල වල විවිධ වූ අපරාධ සිදුකිරීමේ ප්‍රවණතාව

ලංකාවේ කොච්චිකඩේ නිමේෂ් ඉතාලියේදී හිරේට ගිය සංවේදී කතාව : Video

පසුගිය 20වන දා උදෑසන ඉතාලියේ වෙරෝනා නගරයේ යම් කිසි ලෙස කලහකාරී ලෙස හැසිරුණ ශ්‍රී ලාංකිකයාගේ තොරතුරු දැන් අනාවරණය වෙමින් පවතී,නමින් මොහු නිමේෂ් රුද්‍රිගු වයස අවුරුදු 18ක් වන අතර පදිංචිය ලංකාවේ කොච්චිකඩේ (මිගමුව) වේ.මොහු යම් කිසි මානසික ආතතියකින් පෙලෙන බවට දැනට කරන ලද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.තම නිවසේ ඇති ප්‍රශ්න නිසා දිගු කලක සිට මේ තරුණයා මානසිකව පිඩා විදිමින් සිටි බවට හිත මිතුරන් පවසයි.මේ ගැටුමට මුල් වී ඇති හිත මිතුරන් අතර සිදු වූ උසුළු විසිළු කිරීමක ප්‍රතිපලයක් ලෙසටයි.ඊයේ උදැසන මොහු වෙරෝනා නගරයේ ප්‍රධාන බස නැවතුම් පොළ අසල දී මේ ගැටුම ඇති වී ඇත්තේ,ගැටුම මඩ පැවැත්වීමට පොලිසිය කැදවීමට සිදු වුනා.

විනූ හා අර්ජුනගේ සම්බන්ධය එළියට

ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවක් විවාහකර ගැනීමට යන බවට පැතිර ඇති කතාව අසත්‍ය බව ජනප්‍රිය නිළි විනූ සිරිවර්ධන කියා සිටී.

සතිඅන්ත ජාතික පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඇය මේවන පවසා තිබේ.

මංගල අද නයිට් සෆාරියක

සංචාරකයන්ට නිශාචර සතුන් නැරැඹීමට පහසුකම් ලබාදීමේ අරමුණින් සැලසුම් කළ ලංකාවේ ප්‍රථම නයිට් සෆාරි ව්‍යාපෘතිය වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) රාත්‍රි 7.00 ට දෙහිවල ජාතික සත්ත්වෝද්‍යාන පරිශ්‍රයේදී ආරම්භ වේ.


රාත්‍රි සෆාරි ව්‍යාපෘතියෙහි ආරම්භක උත්සවයට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාත් වනජීවී නියෝජ්‍ය ඇමැතිනි සුමේධා ජී. ජයසේන මහත්මියත් සහභාගි වීමට නියමිතය.

Dialog දුරකථන සබඳතා බිඳ වැටීම පිළිබඳ නොදැන්වීමෙන් පාරිභෝගික අයිතීන් කඩවුණා

ඩයලොග් දුරකථන සබඳතාවය පැය කිහිපයක් බිඳ වැටීම නිසා ඩයලොග් පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් එම සමාගම වෙත ලිපියක් යවා තිබේ.

ඊයේ (20) පස්වරු 1.30 පමණ සිට පස්වරු 3.10 පමණ දක්වා පැය තුනකට ආසන්න කාලයක් ඩයලොග් දුරකථන සම්බන්ධතා අකි‍්‍රය වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ඩයලොග් සමාගම පාරිභෝගිකයන් වෙත දැනුම් දීමක් හෝ කණගාටුව ප‍්‍රකාශ කිරීමක් මේ දක්වා සිදුකර නොමැත.

කොරියාවේ ගිය වලස්මුල්ලේ තරුණයෙක් අතුරුදන්

දකුණු කොරියාවේ ධිවර කර්‍මාන්තයේ රැකියාවක නිරතව සිටි විසිහතර හැවිරිදි තරුණයකු පසු ගිය 8 වන දින සිට එරටදී අතුරුදන්ව ඇති බව එම තරුණයාගේ දෙමාපියෝ පවසති.මෙසේ අතුරුදන්ව ඇත්තේ, වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වීදපොළ ග්‍රාම නිලධාරී වසමේ බෙලිඅත්ත කුඹුර ගෙදර පදිංචිව සිටි කුලසිංහ ලියනගේ නුවන් චතුරංග නැමැති අයයි.

බාලවයස්‌කාර දැරියකට අතවර කළ දෙදරු පියාට වසර 15 ක සිරදඬුවම්

අසල්වැසි 14 හැවිරිදි තරුණියක්‌ බලහත්කාරයෙන් දූෂණය කිරීම ඇතුළු අධිචෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ 45 හැවිරිදි දෙදරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (20 දා) බරපතළ වැඩ සහිත වසර 15 ක සිරදඬුවමක්‌ නියම කළේය.

Gossip :ප#ය වෙන්න එපා උබ , උබ CCMPද ? - හමුදා කදුරවුරට අැවිත් සෙබලෙකුට තර්ජනය කරන අනුරපුරේ බයික් බාස් : Video

අනුරාධපුර හමුදා කදවුරකට සිවිල් පුද්ගලයකු පැමිණ සෙබලෙකුය තර්ජනය කරන වීඩියෝව අන්තර්ජාලයේ සැරිසරමින් පවතිනව. පිටස්තර පුද්ගලයකු   හමුදා කදවුරතුලට පැමින ‘‘  ප#ය වෙන්න එපා උබ , උබ CCMPද ‘‘ පරොස වචනයෙන් තර්ජනය කරයි. 

ගොසිප්99 අප කල සොයා බැලීමකදී අපට ආරංචිවුයේ මෙවැනි පුවතකි.  මොහු මොටර් කාර්මිකයකු වන අතර හමුදා මොටර් සයකල් දාවන කණ්ඩායමේ කාර්මික ශිල්පියා ලෙස මෙම ප්‍රසාද් නැමැති පුද්ගලයා ලෙස කටයුතු කරන බවයි.

ඩයලොග් ආයතනයේ සම්බන්දතා බිඳවැටීම සයිබප්‍රහරයක් ?


තම ජංගම දුරකථන සදහා ඩයලොග් සේවාවන් අත්විදින පාරිභෝගිකයන් හට පැය කිහිපයක ජංගම දුරකථන සේවාවන් ඩයලොග් ආයතනය මගින් අත්හිටුවා තිබෙනවා.

මෙයට හේතුව ඇත්තේ ඩයලොග් ආයතනයේ දත්ත ගබඩාව ඩයලොග් ආයතනයේ පාලනයෙන් ගිලිහි ඇති බවයි.එම නිසා ඩයලොග් ආයතනය ඔවුන්ගේ දුරකථන ජාලය පැය කිහිපයකට අත්හිටුවා ඇති බව ඩයලොග් ආයතනයේ නිල නොවන ආරංචි මාර්ග පවසා සිටියා.

ලංවිමට අලුත් සේවකයන් බඳවා ගැනේ - පඩි වැඩිවේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික නිලධාරීන්ට සියයට 13ක වැටුප් වැඩිවීමක් ද, තාක්ෂණික නොවන නිලධාරීන්ට සියයට 6ක වැටුප් වැඩිවීමක් ද ලබා දීමට ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දු කර තිබේ.


එම වැටුප් වැඩිවීම 2017 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව මාස නවයක හිඟ වැටුපක් ද සේවකයන්ට හිමවනු ඇතැයි ලංවිම ආරංචි මාර්ග කියයි.

ඩුබායි හි එල්ලෙන මින්මැදුරේ කිමිදෙන අපේ කෙල්ලෝ දෙන්නා

ලෝකයේ විශාලතම එල්ලෙන මින් මැදුර පිහිටලා තියෙන්නේ ඩුබායි රටේ. ඒක හඳුන්වන්නේ Dubai aquarium and underwater zoo කියලයි. මත්‍යයන් ලක්ෂ ගානක් මෙහි ඉන්නවා. මෙහි ඇති විශේෂත්වය තමා උමග තුළ සිට වගේම වතර යට කිමිදෙමින් මත්‍යයයන් නරඹන්න අවස්ථාව තිබීම.
ඒ කටයුත්ත ආවාට ගියාට කරන්න නම් අවසර නෑ. මනා සෞඛ්‍ය තත්ත්වයකින් ඔබ පසුවිය යුතුයි. ඒ වගේම එයාලගේ නීති මාලාවකුත් තියනවා එසේ කිමිදෙමින් මසුන් නරඹන්නේ නම්. ඒ සියල්ලටම ඔබ එකඟ විය යුතුයි.

‌චාමර සිල්වාට අභියාචනාවක් ඉදිරිපත් කළ හැකිලු, තරග පාවා දීම සිදුවන දිනයේ ක්‍රීඩා නොකළ චාමරට දඬුවම් දුන් නිළධාරීන් දැන් කියන කතාව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කළ ප්‍රිමියර් ලීග් තරගාවලියේ පානදුර ක්‍රීඩා සමාජය සහ කලුතර පී.සී.සී. ක්‍රීඩා සමාජය අතර ඉකුත් ජනවාරි මස පැවැති තරගයේ තෙවැනි දිනයේදී සිදුවූ තරග පාවාදීමක් ක්‍රිකට් ක්ෂේත්‍රයේ අතිශය කතාබහට ලක් වුනා. තරගයේ තෙවන දිනයේ සිදුවූ පාවා දීමට , තරගයේ තෙවන දිනය ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ චාමර සිල්වාට දඬුවම් කිරීම මහේල ජයවර්දන , රසල් ආර්නෝල්ඩ් වැනි ක්‍රිකට් ප්‍රවීනයන්ගේ දැඩි විවේචනයට ලක් ව තිබීමද ක්‍රිකට් ලෝලීන්ගේ අවදානය දිනා ගත්තා.

කෙසේ වෙතත් තරග පාවාදීමේ සිදුවීම සම්බන්ධයෙන් වසර දෙකක තහනමකට ලක්‌ව සිටින හිටපු ටෙස්‌ට්‌ ක්‍රීඩක චාමර සිල්වාට අභියාචනාවක්‌ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අදාළ පරීක්‍ෂණය මෙහෙයවූ ප්‍රධානියා වන අසේල රැකව මාධ්‍යයට පවසනවා.

කාවිංගට දවස් හතට කෙල්ලො හතක්

කෙල්ලන් හත් දෙනකුට දවස් හතට ආදරේ කරන කොල්ලෙක් ඉන්නවා කිව්වම ඔබ පුදුම වේවි. හැබැයි ඉතින් එහෙම කොල්ලෙකුත් ඉන්නවා. ඒ කොල්ලා ඔයාලා කවුරු කවුරුත් දන්න කියන කෙනෙක්. ඒ තමයි කාවිංග... එහෙම කිව්වම තවත් පුදුම වේවි. මේ...

හෙට අනිද්දට දොස්තර නෝනා කෙනෙක් කසාද බඳින්න ඉන්න අර යස ඉලන්දාරියා එහෙමත් එපා කරපු වැඩක් කරයිද කියලත් ඔබ අහාවි... හැබැයි ඒක ඇත්ත. ඒ වුණාට එහෙම දවස් හතම චරිත හතකින් කෙල්ලන් හතකට ආදරේ කරන්නෙ සැබෑ ජීවිතේ ඉන්න කාවිංග නම් නෙමේ. එහෙනම්... කවුද... ඒ තමයි... අාලෝක. අාලෝකව හොඳට බලාගන්න පුළුවන් සති අන්තයේ රාත්‍රී අටට හිරු ටී.වී බැලුවොත්.

ඉදිරියේදී මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා එකම වර්ණයක්

මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සදහාම වෙන්වු වර්ණයක් කඩිනමින් හදුන්වාදීමට මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව තීරණය කොට ඇත.

එසේ කිරීමෙන් කුලී ගමනක් යන්නකුට හා වෙනත් ‍ ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් කුලී ත්‍රීරෝද රථ හදුනා ගැණිමට පහසුවන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

මේවන විට මගී ප්‍රවාහන රථවලට යොදන වර්ණය පිළිබදව සාකච්ජා කරමින් පවතින අතර වර්ණය තීරණය කල විගස එය මගී ප්‍රවාහන රථවලට යෙදවීමට කටයුතු කෙරේ.මීට අමතරව වර්ණවත් කල ත්‍රීරෝද රථ වලට ලාංජනයක් ද යොදවනු ඇත.

අහංගම ඉදිකරමින් තිබූ හෝටලයක්‌ බිමට කඩා වැටේ - වැඩ කරමින් සිටි 6 ක්‌ රෝහලේ

අහංගම තිත්තගල්ල අලවතුකිස්‌ස පොස්‌හේන ප්‍රදේශයේ අලුතින් ඉදිකරගෙන යනු ලබන සිව් මහල් හෝටල් සංකීර්ණයක්‌ ඊයේ (18) පෙරවරුවේ කඩා වැටීමෙන් එහි වැඩ කරමින් සිටි හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

ඊයේ 18 පෙරවරුවේ මොවුන් මෙම හෝටලයේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටියදී එකවරම ඉහළ මාලයේ කොන්ක්‍රීට්‌ තට්‌ටුව කඩා වැටී ඇති අතර ඒ සමග මහල් හතරම බිමට සමතලා වී තිබේ. මෙකී හෝටල් සංකීර්ණයේ ඉහළම මාලයේ ස්‌ලැබ් තට්‌ටුව දමා ඇත්තේ මීට දින පහකට ඉහතදී පමණ බවද පැවසේ. මෙහි ඉදිකිරීම්වල නිරතව සිටි සේවකයන් ස්‌ලැබ් තට්‌ටුවේ මුක්‌කු ගලවමින් සිටියදී ස්‌ලැබ් තට්‌ටුව කඩා වැටී තිබේ. ඒ සමග එහි සිටි අය ඉවතට දිවගොස්‌ තිබේ. මේ නිසා මොවුන්ගේ ජීවිත බේරා ගැනීමට හැකිවී ඇතත් එහි සිටි අයකුගේ පාද සුන්බුන්වලට යටවී තිබේ.

විදුලි බිල වැඩි ද? රයිස් කුකරයට වැය වන විදුලිය හරි අඩකින් අඩු කර ගන්න හැටි මෙන්න

රයිස් කුකරය භාවිතයෙන් බත පිස ගැනීමට බොහෝ ගෘහණියන් පුරුදු වී ඇත්තේ එහි ඇති පහසුවත්, කාලය හා ශ්‍රමය ඉතිරි කර ගත හැකි වීමත් නිසා.

හැබැයි රයිස් කුකරයට වැය වන විදුලිය තරමක් ඉහළ අගයක් ගන්නවා.

මේ නිසා විදුලි බිල ඉහළ යාම ගෘහණියන්ට ඇති එක් ගැටළුවක්. නමුත් අද අපි කියන්න සූදානම් වෙලා ඉන්නෙ රයිස් කුකර් එකට වැය වන විදුලිය හරි අඩකින් අඩු කර ගන්න පුළුවන් සාර්ථක උපක්‍රමයක්.

අපේ අත්තම්මලා නම් බතට වතුර තියන ප්‍රමාණය හරි හැටිම දැනගෙන හිටියා.

සැප්තැම්බර් 18 සිට 24 ලග්න පලාපල

මේෂ 
මේ සතිය බොහෝ දුරට මිශ්‍ර ඵලදායක බව පෙනේ.අධ්‍යාපන කටයුතුවල යෙදෙන දරුවන්ට සාර්ථක ප්‍රතිඵල ලැබේ. අලුත් අලුත් දේ ඉගෙනීමට වරම් ලැබේ. ආයෝජන කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. පවුලේ අය සමග සතුටින් කාලය ගතවේ.ගේදොර අලුත්වැඩියාවට සිත යොමුවේ. සිතේ සැනසීම තරමක් දුරට අඩුවේ. සතියේ මැද දී අවිවාහකයන්ට මංගල යෝග උදා වේ.සතිය ආරම්භයේ දී රැකියා අංශවල ගැටලුකාරී තත්ත්වයක් පැන නීමට ඉඩ තිබේ.රැකියා ස්ථානයේ සේවක ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැක. සතිය මැද වන විට මෙතෙක් පැවති අයහපත් සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. සෙම් රෝග වලින් ප්‍රවේශම් වන්න.
සුබ වර්ණය - රෝස, සුබ අංකය - 3.

විල්පත්තුව අවසන් හුස්ම හෙළයි – බළධාරීන් මර නින්දේ

අඩක් පමණ විනාශ කරමින් අමාත්‍ය රිෂාඩ් බදියුධීන් විසින් මුස්ලිම් ජනතාව පදිංචි කරන ලද විල්පත්තුව අභය භූමිය අවසන් හුස්ම හෙළමින් සිටියි.

පසුගියදා මාධ්‍යවේදීන් පිරිසක් කල අසීරු සංචාරයක් අවසන් කරමින් මුහුණු පොතේ සටහනක් තබමින් ඡායාරූප කිහිපයක් ද අන්තර්ජාලයට එක්කර ඇත.

මුහුණු පොතේ සටහන පහත දැක්වේ.

වදින තැන්වලට වදින්න – රිදෙන තැන්වලට රිදෙන්න (විල්පත්තු අභයභූමියට අඹ සරණයි)

අනුරාධපුරයේ තිබුණේ යැයි කියූ මත්ද්‍රව්‍ය සාදය “කයිසර්ගේ” වැඩක්ද?


මුහුණු පොතෙන් හමුවුණ තරුණයින් පිරිසක් පහුගිය දවසක අනුරාධපුර පූජා නගරයෙදි පැවත්වුවා කියපු මත් දුව්‍ය සාදයක් ගැන බොහෝ දෙනා කතා වුණා.අනුරාධපුර යාපනය හංදිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක මේ සාදය පැවත්වුණා කියලත්,මේ සදයට ආපු තරුණයෝ පානය කළ මත්පැන්, ගංජා සුරුට්ටු වල ගඳින් එදා මුළු අනුරාධපුර පූජා භූමියම නැහැවිලා තිබුණා කියල චෝදනා කරපු අය කියලා තිබුණා.

කොහොම වුණත් එදා ඒ නිවාඩු නිකේතනයෙදි තිබිලා තියෙන්නේ මත්පැන් සදයක් නම් නෙමෙයි.පහුගිය දවස් වල ගොඩක් අය කතාවුණු රැප් ගායක කයිසර් කයිස්ගේ කොන්සර්ට් එකක්.‘ගෝස්ති‘ය කියලා තමයි මේ කොන්ස්ර්ට් එක නම් කරලා තිබුනේ.එදා ඇත්තටම මොකද වුණේ අහන්න අපි කයිසර්ට කතා කළා.මේ චෝදනා කරන අය කියන විදියේ කිසි දෙයක් වුණේ නැහැ කියලා තමයි කයිසර් අපිට කීවේ….

ඇඟ තුළ රත්තරන් සඟවාගෙන පැමිණි සුරුපිනියන් දෙදෙනා රේගුවට කොටුවූ හැටි මෙන්න


රත්තරං මිල සෙමින් වැඩි වෙමින් තිබේ. වාර්තා වන අන්දමට මේ දිනවල දේශීය වෙළෙඳපොළේ පවුමක මිල රුපියල් පනස්‌දහස ඉක්‌ම යමින් තිබේ. වෙළෙඳපොළේ රත්තරං මිල ඉහළ යන විට පිටරටවල සිට හොර පාරෙන් මෙරටට රත්තරං ගෙන එන හොරු ද සීග්‍රයෙන් වැඩි වෙමින් තිබේ. පසුගිය දිනක නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ රත්තරං තොගයක්‌ සමඟ කාන්තාවන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපලේදී රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඩුබායි රාජ්‍යයේ සිට රත්තරං තොගය මෙරටට ගෙනැවිත් තිබුණේ කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකි. ඉදිරි පරීක්‍ෂණ කටයුතුවලට බාධාවක්‌ වන බැවින් අපි එම කාන්තාවන් දෙදෙනාගේ නම් සඳහන් කිරීමෙන් වැළකී සිටිමු. සිද්ධිය පෙළගැසෙන්නේ මෙසේය.

බත්තරමුල්ලේ කාර්යාල වේලාවේ වෙනස අද සිට

කොළඹ නගරයේ පවතින දැඩි වාහන තදබදය සඳහා පිළියම් සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ ආරම්භක පියවරක් ලෙස බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථාපිත රජයේ කාර්යාලයන්හි කාර්යාලය වේලාවේ යම් වෙනසක් කිරීමට රජය තීරණය කර ඇති අතර මෙම නියමු ව්‍යාපෘතිය අද (18) සිට ක්‍රියාත්මක කෙරේ.

මේක්‌ අප් කිරීමට ආලේපන නිවැරදිව තෝරා ගන්නේ කෙසේද?

රූපලාවන්‍ය ගැන කතාබහ කිරීමේදී මේක්‌අප් කිරීම සඳහා භාවිතා වන ආලේපන වර්ගවලට ඉහළ තැනක්‌ හිමිව ඇති බවක්‌ පෙනෙන්නට තිබෙනවා. එනම් Colour Cosmetices ඒ තරමටම අද සමාජය තුළ ජනප්‍රියතාවක්‌ උසුලනවා.

Colour Cosmetices තුළ ෆවුන්ඩේෂන් එකට හිමිවන්නේ ප්‍රධාන තැනක්‌" ෆවුන්ඩේෂන් වර්ග දෙකක්‌ තිබෙනවා. ෆවුන්ඩේෂන් එක භාවිත කිරීමේදී මොන වර්ගය හොඳදැයි පළමුව දැනගත යුතුයි.

ලික්‌විස්‌ ෆවුන්ඩේෂන් එක ආලේප කිරීමේදී එය සමේ පැහැයෙන් ආලේප කළ වගක්‌ නොපෙනෙන්නට ආලේප කර ගත හැකියි." පෑන්කේක්‌ එක එහෙම නෙමෙයි." පෑන්කේක්‌ ෆවුන්ඩේෂන් එක වැඩි වේලාවක්‌ තියෙනවා. ආලේප කළ බවක්‌ හොඳින් හඳුනාගත හැකි වෙනවා.

දියණියන්ද රථය තුල සිටියදී රංගන ද සිල්වාගේ මෝටර් රථයට හදිස්සියේ වෙච්ච වැඩේ

දියණියන්ද රථය තුල සිටියදී රංගනද සිල්වාගේ මෝටර් රථය ගිනි ගනී.මාධ්‍යෙව්දී රංගන ද සිල්වාගේ මෝටර් රථය IDH රෝහල ආසන්නයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. 

මොටර් රථය ඇතුළත ඇති මීටර් පුවරුවේ සියලුම ලාම්පු එකවර දැල් වී ඉන් අනතුරුව රථයේ ඉදිරිපස ඇති දකුණු ප්‍රධාන ලාම්පුවෙන් ගින්නක් හටගෙන ඇති අතර එම අවස්ථාවේ රංගනගේ දියණිය සහ සොයුරාගේ දියණියද මෝටර් රථය පසුපස සිට තිබෙනවා.

ක්‍රිකට් තරග පාවාදුක්කදෙ? : පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත්වෙයි - විනාඩි 20 ක් ඇතුළත ඕවර 13 ක්


විෂමාචාරයෙහි යෙදීම සහ ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැණිව කටයුතු කිරීමේ චෝදනාවලට පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර සංස්කෘතික කවය වැරදිකරුවන් බව පරීක්ෂණ කමිටුව තීරණය කරයි.

මෙම ක්‍රීඩා සමාජ දෙකට එරෙහිව පැවති චෝදනා විභාග කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඒකමතිකව මෙම තීරණවලට එළැඹ තිබේ.


චෝදනාවට තුඩු දුන් එකී තරඟය සහ එහි ප්‍රතිඵල බල ශුන්‍ය කිරීමට සහ තරගාවලියේ ලකුණු වගුව ඒ අනුව නියමිත පරිදි වෙනස් කිරීම.